Showing posts with label Sex Life. Show all posts

හණමිටියක් උඩ තැබූ ගබ්සාව.


ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. 

ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත.  

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ.

මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර  එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. 

ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. 

කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. 

මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. 

ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්!

කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. 

නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. 

ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. 

සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. 

එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. 

නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. 

මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය.

එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. 

කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. 

එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. 

අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. 

එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි

මධුසමය ගතකරන්න අඳින්න ඕන හොඳම ඇඳුම් ගැන ලංකාවේ තිබුණු සරාගී Fashion Show එක


ලංකාවේ සරාගී රෙදි පිළි සහ උපකරණ අලෙවියට අදාළ ආයතනයක් පසුගියදා විලාසිතා දැක්මක් පැවැත්වූවා.

මේ විලාසිතා දැක්ම මධුසමයේදී කාන්තාවන්ට සැරසිය හැකි අන්තර්ජාතික මට්ටමේ විලාසිතා නිර්මාණ රැසක් එහි දක්නට ලැබුණි.

එහි ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ…





















~ මගේ රට - ගූගල් සහ ගූ ගල් ~


මගේ රට දූපතකි. එය ‘ආදරය නොදැනීමෙන් හා ලිංගික කුහකත්වයෙන්’ වටවී තිබේ.

මෙහි සිරිමත් වැසියන් ‘ගූගල්’ පීර පීරා ආසාවෙන් සොයන්නේ ‘සෙක්ස්’ය. වැදගත්ම දේ ඒවා අපේ සභ්‍යත්ව මෙව්වා එක අනුව ‘රහසේ පමණක් විය යුතු’ වීම ය.


ඒ අසභ්‍ය ගූගල් අභ්‍යාස රහසේ කෙරුවාට ඒවා කරනා උන් දුටු තැන ‘ගූ - ගල්’ ගැසීම ප්‍රසිද්ධියේ කළ යුතු ය. එය අනාගතයට ආදර්ශයක් ම ය ; සෙවනැල්ලක් ම ය.

මගේ රට ලෝකයට මේ දෙන සෙවනැලි පණිවුඩය එදා ‘ඇරිස්ටෝටල්’ දැන උන්නා නං ‘බලය - ධනය - ලිංගිකත්වය’ වෙනුවට ‘බලය - ධනය - පත්තිනි’ කියා ලියනවා මතු නොව ‘ලංකාව’ ගැනද ලියා ඇති ඔහුගේ ‘ඩිමුන්ඩො’ ග්‍රන්ථයට එය ඇතුළත් කරනවා ය. අපරාදේ ය. එසේ වූවා නං හසන්ත මහත්තයෝ අපට තව තවත් ආඩම්බර වීමට ඇහැකි වනවා ය.

මගේ යෝජනාව දූපත් වාසීන්ට ඇඟිල්ලෙන් ඇන - දූපතෙන් පැන ‘වාත්සයායන’ගේ ‘කාම සූත්‍ර’ කියවා ‘ආදරණීය වන ලෙසට ’ අභියෝග කිරීම ය.

එවිට ‘මිනිසුන්’ සමඟ ‘සුන්දරත්වය හා මනුෂ්‍යත්වය’ පිළිබඳව සහසක් දෑ ගනුදෙනු කළ හැකි ය.

‘කාම සූත්‍රය’ පුරා ලිංගික කුහකත්වය වෙනුවට ‘ආදරය වෙනුවෙන් ශරීරය භාවිත කරන භාවනාව’ සතපා ඇත්තේ ය.
ආදරයේ ගැඹුර සංස්පර්ශ නොකරනා තාක් ලංකාව ගල් වලින් පමණක් ම පිරී වැසී යාමට නියමිත ය.

කරුණාකර 'මල් වලට' ප්‍රේම කරන්න !















| කසුන් මහේන්ද්‍ර හීනටිගල



සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

ඔසප් දිනයට රාජකාරි නිවාඩු.


ඔසප් වීමේ වේදනාව අත්නොවිඳි කාන්තාවක් මේ ලොව සිටිය නොහැකිය. මල්වරය වූ දා සිට ආර්තවහරණය වනතුරුම සෑම මසකම ඔසප් වීමේ අමිහිරියාව සෑම කාන්තාවකටම උරුම වූ වේදනාවක් වැනිය. වේදනාව දෝතින් ගෙන එන්නාක් මෙන් ගැහැනු ජීවිතය උපතේ සිට මරණය දක්වා විවිධාකාර වේදනාවන්ට ගොදුරු වන්නීය. ප්‍රසූත වේදනාව එහි ප්‍රමුඛ වන අතර තම ලෙයින් උපන් දරුවාගේ මුහුණ දකින මොහොතේදී ඒ සියලු වේදනා අතුරුන් වන බව සියලු මවුවරු දනිති.

ප්‍රසූත නිවාඩු වශයෙන් වැඩ කරන සෑම කාන්තාවකටම නිවාඩු අනුමත කිරීම ලොව සෑම රටකම සිදුවන දෙයකි.

නමුත් කොතැනකවත් ඔසප් නිවාඩු ලබාදෙන බවක් සඳහන් වන්නේවත් නැත. නමුත් පසුගිය සතියේ කාන්තා දිනය සැමරීමත් සමඟ එය නිමිති කරගෙන ඛ්ධඥයඪඵබ නමැති පදනමක් මඟින් ඔසප් දිනය නිවාඩු දිනයක් ලෙස කාන්තාවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ගේ එම යෝජනාව ඉදිරිපත් වීමත් සමඟ කාන්තාවන් ඒ පිළිබඳ විවිධ මත දක්වා තිබෙනවා. ඒ අතර කතාබහට ලක්වූයේ ලොව 90%ක්ම කාන්තාවන් ඔසප් වේදනාවෙන් පීඩා විඳින බවයි. එමෙන්ම 14%ක් පමණ කාන්තාවන් එදින කිසිදු වැඩක් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්වන බවත් අනාවරණය වුණා. ඒ අනුව ඔසප් නිවාඩු දිනයක අවශ්‍යතාව වැඩි පිරිසක් පිළිගත් නමුත් ඊට විරුද්ධ වූ පිරිසක්ද මෙහිදී හමුවුණා.

ඔවුන් පවසන්නේ රැකියා කරන කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් ලබාදුන්නාට ගෘහණියක් ලෙස නිවෙසේ රැඳී සිටිමින් දරුවන්ගේත් සැමියාගේත් පවුලේත් කටයුතු සිදුකරන කාන්තාවන්ට එවැනි නිවාඩු දිනයක් ලබාදීමට නොහැකි නිසා මේ යෝජනාව සම්මත කළ නොහැකි බවයි. එසේම රැකියාවක් කරන ගැබිනි මවක් ප්‍රසූතිය ආසන්න වන අටවැනි නවවැනි මාසයේත් රැකියාවට එන අවස්ථා තිබෙන බැවින් ඔසප් දිනයට අමුතුවෙන් නිවාඩු අවශ්‍ය නොවන බවටත් තවත් අදහසක් ඉදිරිපත් වුණා.

කාන්තාව යනු සියලු වේදනාව දැරීමේ ශක්තියෙන් ඉවසීමේ ශක්තියෙන් පිරිමියාට වඩා ඉදිරියෙන් සිටින්නියකි. ඔසප් වේදනාව නොතකා රැකියාවේත් පවුලේත් සියලු රාජකාරි ඉටුකිරීමට ඇය ධෛර්යවන්තය. ඉතින් සැබැවින්ම කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් අවශ්‍ය වෙනවාද? ඒ ප්‍රශ්නය ඔබ ඔබගෙන් අසා දැනගන්න.

හංසි ආටිගල

ඔසප් කාලයේ ඇතිවන ප්‍රශ්න හයකට විසඳුම්...


1. ඔසප් වූ පසු අපහසුතා නිසා පාසල් හා රැකියාවට යෑමට ඇතැමුන් අතපසු කරයි. මෙය සුදුසුද?
ගර්භාෂය තුළ රුධිර ගලනයක් සිදුවීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමක්. එහිදී උදරය සංකෝචනය වෙමින් වේදනාවක් ඇතිවෙයි. නමුත් මෙම වේදනාව සරල වේදනා නාශකයකින් සුව වෙයි. එලෙස වේදනාව අඩු නොවේ නම් රැකියාවට යෑමට අපහසු නම් වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

2. ඔසප් සමයේ ස්නානය කිරීම සුදුසුද?
ඔසප් කාලය තුළ ස්නානය කිරීම නුසුදුසුය යන මතය අතීතයේ පැවැති දෙයක්. එයට හේතු වන්නේ එකල කාන්තාවන් ගංගාවල ස්නානය කරන විට රුධිරය පහළට ගලා යෑම සුදුසු නොවන නිසා ළිඳ අසල ස්නානය කරන විට රුධිරය අන් අයට පෙනෙන නිසා එකල එය පිළිගත් මතයකි. නමුත් අද නාන කාමරවල ස්නානය කරන විට එම ගැටලුව ඇති නොවේ. හැම විටම පිරිසුදුව සිටීමයි වැදගත්.

3. ඔසප් චක්‍රය අක්‍රමවත් වන අවස්ථා ඇත. මෙයට හේතුව කුමක්ද?
ගර්භණී කාන්තාවන්ට ඔසප් වීම නැවතීම සාමාන්‍ය ක්‍රියාවලියකි. මීට අමතරව
• තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග
• ආසාදන නොවන දියවැඩියාව වැනි රෝග
• ඇදුම, අපස්මාර, මානසික රෝග, අම්ලපිත්ත රෝග හා හෝමෝන ගැටලුවලට ගන්න ඔෟෂධ හේතුවෙන්.
• ස්ථුලභාවය
• කාන්තාවන්ගේ හෝමෝනවල අසමතුලිතතා

4. ඔසප් කාලයේ පිරිසුදුකම අඩුවීමත් රෝගවලට හේතු වන්නේද?
ඔව්. ඔසප් කාලයේ යෝනි ප්‍රදේශය අවට නිතරම තෙත් ස්වභාවයක් පවතින නිසා බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකිය. පුස් වර්ග ඇතිවීම ඒ ආශ්‍රිත සම දිරාපත්වීම, සම තුනීවීම නිසා බැක්ටීරියා රෝග ඇතිවීමේ අවදානම පවතියි.

5. සනීපාරක්‍ෂක තුවා වැඩි වෙලා පැලඳ සිටීමත් ගැටලුවක්ද?
සනීපාරක්‍ෂක තුවාය නිතරම රුධිරයෙන් තෙත්ව පවතියි. බැක්ටීරියාවල වර්ධනයට අවශ්‍ය තෙතමනය, උණුසුම හා ප්‍රෝටීන සියල්ල මෙහි ඇත. මුත්‍රා හා රුධිරය මෙහි නිතර ගැටෙන නිසා බැක්ටීරියා ඉක්මනින් වර්ධනය වන නිසා ඒවා ඉක්මනින් මාරු කළ යුතුයි. පැය 4ක් හෝ 6ක් ඇතුළත එය මාරු කිරීම වඩාත් සුදුසුයි.


6. සනීපාරක්‍ෂක තුවායක ප්‍රමිතිය කෙසේ විය යුතුද?
සනීපාරක්‍ෂක තුවායකට රුධිර තරල අවශෝෂණ කර ගැනීමේ හැකියාව පැවැතිය යුතුයි.
• ඇසුරුම් කිරීමේදී ද සුළං නොවදින සේ පිටත වාතය බැක්ටීරියා පුස් වර්ග නොයන ලෙස තැබිය යුතුයි.
• තුවායේ ප්‍රමිතිය හා එය ඇඳ සිටින කාලයත් මෙයට බලපායි. පැය 4 - 6 අතර කාලයක් තුළ සනීපාරක්‍ෂක තුවා මාරු කළ යුතු නමුත් රුධිරය පිටවන ප්‍රමාණය මත එය ර¼දා පවතියි.

ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : වෛද්‍ය සාරධා හේමප්‍රිය ප්‍රසව හා නාරිවේද විශේෂඥ


උපත් පාලන ක්‍රම ගැන තියන මිත්‍යා මත 6ක්.



අපගේ රටෙහි ලිංගිකත්වය ගැන කතා කරනවා අඩුනිසා ගොඩක් අය ලිංගිකත්වය ගැන නිවැරදිව දන්නේ නෑ නොයෙක් මිත්‍යා මත විශ්වාස කරනවා අද අපි ඔබට කියන්න යන්නේ එවැනි මිත්‍යා මත 6 ක්  ගැනයි

1: උපත් පාලන පෙතිගැනීම බර වැඩි කරනවා

මෙය තනිකරම වැරදි මතයක් බර වැඩිවීමට සහ උපත්පාලන පෙති අතර කිසිම සබඳතාවක් නැහැ නියමිත විදියට ව්‍යායාම සහ හොඳ ආහාර ලබාගන්නවා නම් බර වැඩිවීමක් වෙන්නේ නැහැ

2 ඔබගේ දරුඵල එමගින් අඩුකරනවා

මෙය හුදෙක් කටකතාවක් පමණයි උපත් පාලන ක‍්‍රම අනුගමනය කිරීමෙන් ඔබගේ දරුඵල හටගැනීමට බාධාවක් වෙන්නේ නෑ අනාගතයේදි මෙමගින් තාවකාලිකව ඩිම්භනීහරණට නතර කරනවා එහෙත් ආපහු ඩිම්භනීහරණය පටන්ගත් විගස ඔබට දරුඵල ලබාගන්න පුළුවන්

3: ඔබ අඛන්ඩව උපත්පාලන ක‍්‍රම භාවිතයෙන් වැළකිය යුතුයි

ඔබට කුමක් හෝ කාරණයක් නිසා මෙය ගැනීමෙන් වැලකී සිටීමට අවශ්‍ය නම් එසේ සිදුකිරීම කමක් නැහැ. එහෙත් මෙය අඛන්ඩව එකදිගට අනුගමනය කරා කියලා ඔබගේ ශරීරයට හානි කර වෙන්නේ නැහැ

4: උපත්පාලන පෙති ගැනීම පියයුරු පිළිකා ඇතිකරයි

හෝමෝන වෙනස්වීම මගින් පියයුරු පිළිකා ඇතිකරන නිසා ගොඩක් කාන්තාවන් බයවෙනවා උපත් පාලන පෙතිගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවෙයි කියලා එහෙත් මෙයත් හුදෙක්ම මිත්‍යා මතයක් පමණයි

5: ඔබගේ සහකරුවා ඔහුගේ ශුක‍්‍රාණු පිටවන්න කලින් එය පිටතට ගත්තොත් උපතක් ඇතිවන්නේ නෑ

මෙයත් ටිකක් වැරදි මතයක් මෙහෙම කරත් තව 25% ක අවස්ථාවක් තියනවා දරුඵලක් හටගන්න ඒ වගේම මෙම උපත්පාලන ක‍්‍රමය නම් කවුරුවත් අනුමත කරන්නේ නැහැ

6 : ඔබට පළවෙනි සංසර්ගයෙන් උපතක් ලබාගත නොහැකියි

මෙයත් වැරදි මතයක් කලලයක් ඇත්වීමට අවශ්‍ය සාධක එවිට තිබුනොත් ඔබගේ පළමු අවස්තාවෙදි වුනත් දරුපල හටගන්න පුළුවන්


ලිංගික හැසිරීමට අසීරු ඉරියව් භාවිත කළොත් වැඩ වරදී.


අසීරු ඉරියව් භාවිත කරමින් ලිංගිකව එක්විමේදී විවිධ  සංකූලතා ඇති විය හැකි බව අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට තමන්ට ප්‍රිය උපදවන අයුරින් ලිංගිකව එක්විය හැකි බවයි. එහෙත්  ඊට අනුගමනය කරන ඇතැම් ඉරියව් ඔස්සේ  කාන්තාවට මෙන්ම පුරුෂයාටද මාංශ පේෂි රෝග සහ ශාරිරික දුබලතා ඇති වීමට ඉඩ කඩ  පවතී. එබැවින් ලිංගික එක්වීමේදී අසීරු ඉරියව් භාවිත නොකළ  යුතු බව වෛද්‍යවරු පවසනවා. 

වැරදි ඉරියව් හෝ අසිරු ඉරියව් ඔස්සේ ලිංගිකව එක්වීමේදී කාන්තාවන් වඳ  භාවයට පත්වන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වන වාර්තා සම්බන්ධයෙන්ද  වෛද්‍ය සිසිර ලියනගේගෙන් විමසීමක් කළා. ඔහු  පැවසුවේ  මෙතෙක් එවැනි තත්වයක් හදුනා ගෙන නොමැති බවයි.

එහෙත් ගර්භණි සමයේදී විවිධ  ඉරියව් හරහා ලිංගිකව එක්වීම නුසුදුසු බවයි වෛද්‍යවරයාගේ මතය වන්නේ.

ලංකාවේ ඒඩ්ස් රෝගීන් අතරින් 65%ක් පුරුෂයන් 35%ක් කාන්තාවන්.


ගතවූ මාස නවය තුළ මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වූයේ 161 දෙනෙක් පමණක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

එය පසුගිය වසරට සාපේක්‍ෂව අඩු වීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මුල් කාර්තු තුන තුළ මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් 169 දෙනකු වාර්තා වූ අතර මේ වසරේ මුල් කාර්තු තුනේ එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වූයේ 161 දෙනකු බවත් එය පසුගිය වසරට සාපේක්‍ෂව අඩු අගයක් ගන්නා බවත් ඒ මහතා පවසයි. 1987 වර්ෂයේ සිට මේ දක්වා එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2241කි. ආසාදිතයන්ගෙන් 65%ක් පුරුෂයන් වන අතර ඉතිරි 35% කාන්තාවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඉන් බහුතරය වාර්තා වූයේ කොළඹින්ය.

ඉන්පසු පිළිවෙළින් ගම්පහ, නුවර, කුරුණෑගල හා කළුතර යන ප්‍රදේශවලින් වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වේ. පසුගිය වසරේ එච්.අයි.වී. හඳුනා ගැනීම සඳහා පරීක්‍ෂණ ලක්‍ෂ නවයක් සිදුකළ බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් පරීක්‍ෂණ ලක්‍ෂ නවයක් සිදුකළ බවත් වසර අවසාන වන විට පරීක්‍ෂණ ලක්‍ෂණ දහයක් පමණ සිදුකිරීමට හැකිවෙතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. මේ දක්වා සොයාගෙන ඇති ආකාරයට 95%ක් එච්.අයි.වී. ආසාදනය වනුයේ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවලින්ය.

මවගෙන් දරුවාට 4%ක් ලෙසද, තවත් 1%ක් රුධිරය ආශ්‍රිතවද එච්.අයි.වී. ව්‍යාප්ත වන බව ඒ මහතා පෙන්වා දෙයි. 95%ක් වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවලින් එච්.අයි.වී. වැලදුණු ආසාදිතයන්ගෙන් 69%ක්ම විෂම ලිංගික පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන්නන් බව ඒ මහතා අනාවරණය කරයි.

ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති එහෙත් හැමෝම කැමති “Sex”


Sex කියන වචනෙත් සමහරෙකුට මහා අසභ්‍ය වචනයක් වෙන්න පුළුවන්. මොක ද මේ සමාජය තුළ sex කියලා වෙන් කර ගෙන ඉන්නේ වෙනමම දෙයක් සහ එය අරුත් ගන්වාගෙන තියෙන්නේ නරක දෙයක් කියන ගොඩට ඇතුළත් කරගෙන නිසා.

කෙනෙකුගෙන් ඇසුවහොත් sex කියන්නෙ මොකක් ද? මොනව ද? කියලා ඒකට පිළිතුරු දීමට ද නොහැකි වෙයි. එය කුමක් ද යන්න වටහාගෙන සිටිය ද පැහැදිලි පිළිතුරක් ලබාදීමට ඇතැමෙක් අසමත් විය හැකි ය.

බොහෝ දෙනෙක් sex යන මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත්වීමට පවා දක්වන්නේ ලජ්ජාශීලි බවකි. එසේම sexවලට කැමති කවු ද කියලා ප්‍රසිද්ධියේ ඇසුවහොත් කිසිවෙකු ඒ සඳහා පිළිතුරු ලබාදීමට ඉදිරිපත් නොවෙයි.

රහස්‍යභාවය සුරැකෙන අන්දමින් sex සඳහා කැමති අය පිළිබඳ තොරතුරු රැස් කරන සමීක්ෂණයක් සඳහා තොරතුරු ලබා ගන්නා බව සඳහන් කළ විට ඒ සඳහා ඉදිරිපත්වීමට ජනතාව පෝලිමේ පැමිණිය හැකි ය. ලිංගික සබඳතා, ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට ඉදිරිපත් නොවුණ ද මිනිසා සත්වයෙකු වශයෙන් ලිංගික සබදතා, ලිංගික හැඟීම් සඳහා බොහෝ ඇල්මක් දක්වන පිරිසකි.

ලිංගික ආශා යනු බොහෝ දෙනෙකුගේ සිත තුළ ඇති යහපත් හෝ අයපත් සිතිවිල්ලක් ද වෙයි. බොහෝ දෙනෙක් ලිංගික සබඳතා පැවැත්වීමට විශාල වශයෙන් ඇලුම් කරයි. එලෙස ඇලුම් කරන පුද්ගලයින්ට ඒවා පිරිමසා ගැනීමට නොහැකි තත්ත්ව උද්ගත වූ විට දී විවිධ අපචාර, ස්ත්‍රී දූෂණ ආදි සිදුවීම් බහුල ව සිදු වෙයි. විවිධ අඩුපාඩුවලින් හෙබි පුද්ගලයින් තම තමන්ගේ ඒ අඩපාඩු හේතුවෙන් මතු දිනෙක ලිංගික තෘප්තිය ලබා ගත නොහැකි වේ යැයි මානසික ගැටළුවෙන් පෙළෙයි. එවන් අවස්ථාවල සමාජය තුළ සිදුවන ක්‍රියා හෙවත් ප්‍රතිඵල තවකෙකු සමග පැවසීමට පවා නොහැකි මට්ටමේ සිදුවීම් වාර්තා වෙයි.

ස්ත්‍රීන් ස්නානය කරන ආකාරය දැක බලා ගන්නා පිරිස, යට ඇඳුම් හොර රහසේ රැගෙන යන පිරිස මේ අතරින් ප්‍රධාන වෙයි. මේ ආදි විවිධ දේ සිදු කරන්නේ ඇතැම්විට මානසික රෝගීන් ද විය හැකි ය. එසේ නොමැති නම් එවැනි අවස්ථාවලින් ද යම් තෘප්තියක් ලබන පිරිස් විය හැකි ය.

එහෙත් ලිංගික එක්වීම්, ලිංගිකත්වය, නොහොත් sex යන කාරණය ශ්‍රී ලංකාව තුළ කතා බහ කිරීමට ඉදිරිපත් නොවුණ ද ලිංගික අපචාර වැඩි වශයෙන් සිදුවන පාරාදීසයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. දරුවෙකුගේ කටේ කිරි සුවඳ වියැකී යාමට පෙර එම දරුවන් ග්‍රහණය කර ගැනීමට ඒ පිළිබඳ ඇස ගසා සිටින විකෘති කාමාශා සහිත අති බහුතරයක් වූ පිරිස ඔබ අප අතර සමාජය තුළ වෙස් වළාගෙන ජීවත් වෙයි.

පිටතට පෙන්වන ස්වරූපය ඔවුන්ගේ අභ්‍යන්තරය තුළ නොමැති බැවින් ඔවුන් ව හඳුනා ගැනීමට නොහැකි ය. එහෙත් සිදු විය යුතු සියලු දේ සිදුවීමෙන් අනතුරු ව කඳුළු සලා කෑ මොර දීම පළ රහිත ය. දෙමව්පියන් සිය දරුවන් නිසි ලෙස රැක බලා ගත යුත්තේ ඒ නිසාවෙනි.

එවැනි අපචාර පිටරටවල දී සිදු නොවනවාම නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ තරම් බිහිසුණු දේවල් එම රටවල දී සිදු නොවෙයි. ඒ අන් කවරක් නිසාවෙන් නොව, ඒ රටවල sex යනු සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇති නිසාවෙනි. ශ්‍රී ලංකාව තුළ එවැනි සමාජ සංස්කෘතියක් ඇති කිරීම තියා ඒ පිළිබඳ සිතීම පවා අසීරු දෙයකි. එය සාමාන්‍යකරණය කිරීම අපහසු දෙයක් වුව ද එය සාමාන්‍ය දෙයක් බවට පත් වුවහොත් යම්තාක් දුරකට සිදුවන ලිංගික අපචාර ආදිය යම් තරමකින් අවම කර ගත හැකි ය. එහෙත් එය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගික ලෙස සිදු කළ හැක්කක් නොවේ.

sex යනු ප්‍රසිද්ධියේ කතා කිරීමට අකමැති දෙයක් වුවත් ශ්‍රී ලංකාව දෙවරක්ම google තුළ sex යනුවෙන් සඳහන් කර search කර ප්‍රථම ස්ථානය හිමි කර ගනු ලැබී ය. එමගින් පැහැදිලිවන්නේ මිනිසුන්ගේ දැනුම් මට්ටම ඇත්තේ ඉතා පහළ බව ය. ඉන් නිගමනය කළ හැක්කේ එවැනි දෙයක් හෝ search කර නිසි ප්‍රතිඵල අත් කර ගැනීමෙන් ද ඔවුන්ට නොහැකිවීම බවයි.

බොහෝ දෙනෙක් sex කියන වචනයටත් නොසෑහෙන බියක් දක්වයි. ප්‍රසිද්ධියේ අකමැත්තක් දක්වයි. sex යනු ප්‍රසිද්ධියේ අඬ බෙර ගසා සිදු කළ යුතු කාරණාවක් නොවන බව සැබෑ ය. එහෙත් sex යනු මිනිසුන් වශයෙන් ඒ සඳහා බොහෝ ප්‍රියතාවයක් ඇල්මක් දක්වන පිරිසකි. එය මිනිස් ස්වභාවයයි. උපතේ දී සිට වර්ධනය වෙමින් වැඩෙන මිනිසා දිනෙන් දින විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වෙයි. එය මුලින් ලිංගික ආකර්ශණයක් නොවුණ ද බොහෝ විට නිසි වයසට පැමිණීමෙන් අනතුරු ව එහි අවසන් ප්‍රතිඵලය ලිංගික සබඳකමක් විය හැකි ය.

විවාහ වූ යුවළක් අතර සිදුවන ලිංගික සබඳතා පිළිබඳ කිසිවෙකුගෙත් අවධානයට පාත්‍ර නොවෙයි. එහෙත් පෙම් යුවළගේ ලිංගික සම්බන්ධතාවය ශ්‍රී ලංකා සමාජය තුළ බොහෝ අවධානයට සහ කතා බට ලක්වන සිදුවීමකි. එය මේ සමාජ රටාව තුළ සම්මත වූවක් නොවන බැවිණි. එහෙත් තිරෙන් එපිට සිදුවන්නේ එවැනි සිදුවීම් පමණකැයි සඳහන් කිරීමේ වදරක් නොමැත.

සමාජයේ පවතින බොහෝ ආදර සබඳතා සිදුවන්නේ ලිංගිකත්වය සඳහා විශේෂ ස්ථානයක් හිමි කර දෙමින් බව සඳහන් කළ විට ඊට බහුතරය එකඟ නොවුණ ද එහි යථාර්ථය සිය අත්දැකීම් තුළින් බොහෝ දෙනෙක් හොඳින් දන්නා දෙයකි.
බොහෝ අවස්ථාවල දී ආදරය කිරීම යනුවෙන් බහුතරයක් වූ තරුණ පිරිස ආදරය කිරීම යනුවෙන් වටහාගෙන ඇත්තේ ලිංගික සබඳතා පැවැත්වීමයි. එසේම බොහෝ දෙනෙක් සිතන කාරණයක් නම් සියල්ලෙහි අවසානය මෙම ලිංගික සබඳතා බවත් ය. එහෙත් ලිංගික සබඳතා යනු ජීවිතයේ එක් අංගයක් පමණි.

ලිංගික සබඳතා පිළිබඳ දැනුමක් සහ මනා අධ්‍යාපනයක් සිසුන්ට අවැසි දෙයකි. වයස අවුරුදු 14 ට එළැඹෙන සෑම සිසුවෙකුට ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ සෞඛ්‍ය විෂය තුළින් උගන්වනු ලබන්නේ ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ සීමිත වූ තොරතුරු කිහිපයක් පමණි. එහෙත් එම දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් පමණක හෝ දැනුමක් ඇත් නම් සමාජය තුළ නොදැනුවත්කම හේතුවෙන් සිදුවන ගැටළු යම්තාක් දුරකට අවම කර ගැනීම එතරම් අපහසු දෙයෙක් නොවන්නට පුළුවන.

එහෙත් බොහෝ විට සිට සියලු පාසල්වල ගුරුවරු විසින් ද මෙම පාඩම කුමක් හෝ හේතු කාරණයක් නිසාවෙන් ඔවුන් අතින් හිතා මතා ගිලිහී යන ලෙස කටයුතු කරයි. එය සෙසු පාඩම්වලට උරුම නොවීමත් ලිංගිකත්වය සම්බන්ධයෙන් සිදුවන පාඩම්වලට මෙම එය උරුමවීමත් ගැටළු සහගත ය.

බොහෝ විට 14 හැවිරිදි සිසු සිසුවියන් එම සෞඛ්‍ය පාඩම උගන්වන තුරු මහත් උනන්දුවෙන් පසු වෙයි. ඔවුන් සිටින වයසත් සමගින් ඔවුන්ගේ සිත්වල ඒ සඳහා ඇල්මක් ආශාවක් ඇතිවීම කිසිවෙකුට වැළැක්විය හැකි කාරණයක් ද නොවේ. එහි දී ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට ගුරුවරු කටයුතු කිරීම වටී.

අතීතයේ සිට අද දක්වා, ලෝකයේ පැවැත්ම උදෙසා ස්වාභාධර්මය විසින් යොදා ගන්නා උපායන් ලිංගික ආකර්ශනය යනුවෙන් හදුන්වයි. මිනිසුන් වශයෙන් ගත් විට සියලු දෙනා ලිංගික ක්‍රියාවලි සඳහා දැඩි රුචිකත්වයක් දක්වයි. ඒ සඳහා රුචිකත්වයක් ඇල්මක් දැක්වීම කිසිදු ගැටළුවක් නොවන්නේ එය මානව වර්ගයාගේ ස්වභාවයය බැවින් සහ එය මිනිසාගේ පැවැත්ම ද බැවිණි.

– දිනේෂිකා එදිරිසිංහ
Colombo Week

පියයුරු පිළිකාවේ මූලික ලක්‍ෂණ.


කාන්තාවන් අතර බහුලවම පවතින්නේ පියයුරු පිළිකාවයි. මේ නිසා සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරමින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.

පියයුරු පිළිකාව ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ කිහිපයක් මෙසේයි.

  • පියයුරුවල හැඩයේ වෙනසක් සිදුවීම.
  • පියයුරුවල පැහැදිලි අසමමිතික බවක් දක්නට ලැබීම.
  • පියයුරුවල සමේ ‍ෙදාඩම් ලෙල්ලක මතුපිට වැනි වෙනස්වීමක්.
  • පියයුරුවල ගැටිත්තක්
  • සම මතුපිට තුවාලයක්
  • සමේ ඉදිමීමක්
  • තන පුඩුවේ ගිලී යෑමක් වැනි වෙනසක්.


මෙවැනි රෝග ලක්‍ෂණ ඔබටත් ඇති බවට හැඟෙයි නම් වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.


උපදෙස් : සුරාජ් පෙරේරා ප්‍රජා විශේෂඥ වෛද්‍ය
(ශාලිකා රංගනී සමරදිවාකර)

ඔසප්ළං වන විට දැනෙන අපහසුතා.


මාසිකව සිදුවන ආර්තවය නිසා බොහෝ කාන්තාවන් අපහසුතාවට පත්වෙයි. නමුත් මෙම වේදනාවන් රෝග ලක්‍ෂණ නොවන බව ඔබ වටහා ගත යුත්තකි. මේ ඉන් කිහිපයකි.


  • පියයුරුවල වේදනාව

ඔසප් සමයේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්වීම හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වෑස්සීම නිසා පියයුරුවල සුළු වේදනාවක් ඇතිවිය හැකියි. මෙය රෝග ලක්‍ෂණයක් නොව හෝමෝන වෙනස්වීමක් නිසා සිදුවන්නකි. නමුත් ආර්තවයෙන් පසුවත් වේදනාව ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත යන්න.


  • ශරීර උෂ්ණත්වය ඉහළ යෑම

ඔසප් සමයේ සිදුවන වෙනස සමඟ ඔබේ ශරීර උෂ්ණත්වයද ඉහළ යයි. ඩිම්බ පිටවන විට ශරීර උණුසුම ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.


  • වතුර වැඩිපුර අවශ්‍ය වීම

ඔසප් සමයේදී ඊස්ට්‍රජන් හෝමෝන ශ්‍රාවය වැඩිකර හෝමෝන අසමතුලිතතාවක් ඇති කරවයි. මේ නිසා ශරීරයට මේ කාලය තුළ ජලයේ අවශ්‍යතාව වැඩිවෙයි. ඔසප් සමයෙන් පසුව නැවත එය යථා තත්ත්වයට පත් වෙයි.


  • දුඹුරු පැහැති රුධිර පිටවීම

සැබවින්ම මෙයද ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. ඔසප් සමයේදී යෝනි මාර්ගයෙන් තද රතු දුඹුරු පැහැති රුධිරය පිටවීම නම් රෝගයක් නොවේ.


  • උදරයේ වේදනාව

ඔසප් ඇතිවූ මුල් දින කිහිපයේ උදරයේ අධික වේදනාවක් ඇතිවිය හැකියි. මෙයද සිදුවන්නේ හෝමෝන ක්‍රියාවලියේ වෙනස් වීමෙනි. නමුත් මෙම වේදනාව දිගටම පවතියි. නම් වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්‍ෂා කර ගැනීම සුදුසුයි.


  • බඩ දැඟලීම හා ඔක්කාර ඇතිවීම

මේ කාලයේදී උදරයේ ඇතිවන දැඟලීම හෝ වමනය යෑම වැනි තත්ත්ව නම් රෝග ලක්‍ෂණ නොවේ. ගර්භාෂ බිත්තිවල සිදුවන වෙනස නිසා උදරයේ ක්‍රියාකාරිත්වයට වන බාධාව නිසා මෙවැනි අවස්ථා ඇති විය හැකියි.


ශාලිකා රංගනී සමරදිවාකර