පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ලංකාවේ ඒඩ්ස් රෝගීන් අතරින් 65%ක් පුරුෂයන් 35%ක් කාන්තාවන්.
ගතවූ මාස නවය තුළ මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වූයේ 161 දෙනෙක් පමණක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
එය පසුගිය වසරට සාපේක්ෂව අඩු වීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මුල් කාර්තු තුන තුළ මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් 169 දෙනකු වාර්තා වූ අතර මේ වසරේ මුල් කාර්තු තුනේ එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වූයේ 161 දෙනකු බවත් එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවත් ඒ මහතා පවසයි. 1987 වර්ෂයේ සිට මේ දක්වා එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2241කි. ආසාදිතයන්ගෙන් 65%ක් පුරුෂයන් වන අතර ඉතිරි 35% කාන්තාවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඉන් බහුතරය වාර්තා වූයේ කොළඹින්ය.
ඉන්පසු පිළිවෙළින් ගම්පහ, නුවර, කුරුණෑගල හා කළුතර යන ප්‍රදේශවලින් වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වේ. පසුගිය වසරේ එච්.අයි.වී. හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ලක්ෂ නවයක් සිදුකළ බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් පරීක්ෂණ ලක්ෂ නවයක් සිදුකළ බවත් වසර අවසාන වන විට පරීක්ෂණ ලක්ෂණ දහයක් පමණ සිදුකිරීමට හැකිවෙතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. මේ දක්වා සොයාගෙන ඇති ආකාරයට 95%ක් එච්.අයි.වී. ආසාදනය වනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින්ය.
මවගෙන් දරුවාට 4%ක් ලෙසද, තවත් 1%ක් රුධිරය ආශ්‍රිතවද එච්.අයි.වී. ව්‍යාප්ත වන බව ඒ මහතා පෙන්වා දෙයි. 95%ක් වූ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් එච්.අයි.වී. වැලදුණු ආසාදිතයන්ගෙන් 69%ක්ම විෂම ලිංගික පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන්නන් බව ඒ මහතා අනාවරණය කරයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
