පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ඔසප් දිනයට රාජකාරි නිවාඩු.
ඔසප් වීමේ වේදනාව අත්නොවිඳි කාන්තාවක් මේ ලොව සිටිය නොහැකිය. මල්වරය වූ දා සිට ආර්තවහරණය වනතුරුම සෑම මසකම ඔසප් වීමේ අමිහිරියාව සෑම කාන්තාවකටම උරුම වූ වේදනාවක් වැනිය. වේදනාව දෝතින් ගෙන එන්නාක් මෙන් ගැහැනු ජීවිතය උපතේ සිට මරණය දක්වා විවිධාකාර වේදනාවන්ට ගොදුරු වන්නීය. ප්‍රසූත වේදනාව එහි ප්රමුඛ වන අතර තම ලෙයින් උපන් දරුවාගේ මුහුණ දකින මොහොතේදී ඒ සියලු වේදනා අතුරුන් වන බව සියලු මවුවරු දනිති.
ප්‍රසූත නිවාඩු වශයෙන් වැඩ කරන සෑම කාන්තාවකටම නිවාඩු අනුමත කිරීම ලොව සෑම රටකම සිදුවන දෙයකි.
නමුත් කොතැනකවත් ඔසප් නිවාඩු ලබාදෙන බවක් සඳහන් වන්නේවත් නැත. නමුත් පසුගිය සතියේ කාන්තා දිනය සැමරීමත් සමඟ එය නිමිති කරගෙන ඛ්ධඥයඪඵබ නමැති පදනමක් මඟින් ඔසප් දිනය නිවාඩු දිනයක් ලෙස කාන්තාවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ගේ එම යෝජනාව ඉදිරිපත් වීමත් සමඟ කාන්තාවන් ඒ පිළිබඳ විවිධ මත දක්වා තිබෙනවා. ඒ අතර කතාබහට ලක්වූයේ ලොව 90%ක්ම කාන්තාවන් ඔසප් වේදනාවෙන් පීඩා විඳින බවයි. එමෙන්ම 14%ක් පමණ කාන්තාවන් එදින කිසිදු වැඩක් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්වන බවත් අනාවරණය වුණා. ඒ අනුව ඔසප් නිවාඩු දිනයක අවශ්‍යතාව වැඩි පිරිසක් පිළිගත් නමුත් ඊට විරුද්ධ වූ පිරිසක්ද මෙහිදී හමුවුණා.
ඔවුන් පවසන්නේ රැකියා කරන කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් ලබාදුන්නාට ගෘහණියක් ලෙස නිවෙසේ රැඳී සිටිමින් දරුවන්ගේත් සැමියාගේත් පවුලේත් කටයුතු සිදුකරන කාන්තාවන්ට එවැනි නිවාඩු දිනයක් ලබාදීමට නොහැකි නිසා මේ යෝජනාව සම්මත කළ නොහැකි බවයි. එසේම රැකියාවක් කරන ගැබිනි මවක් ප්‍රසූතිය ආසන්න වන අටවැනි නවවැනි මාසයේත් රැකියාවට එන අවස්ථා තිබෙන බැවින් ඔසප් දිනයට අමුතුවෙන් නිවාඩු අවශ්‍ය නොවන බවටත් තවත් අදහසක් ඉදිරිපත් වුණා.
කාන්තාව යනු සියලු වේදනාව දැරීමේ ශක්තියෙන් ඉවසීමේ ශක්තියෙන් පිරිමියාට වඩා ඉදිරියෙන් සිටින්නියකි. ඔසප් වේදනාව නොතකා රැකියාවේත් පවුලේත් සියලු රාජකාරි ඉටුකිරීමට ඇය ධෛර්යවන්තය. ඉතින් සැබැවින්ම කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් අවශ්‍ය වෙනවාද? ඒ ප්රශ්නය ඔබ ඔබගෙන් අසා දැනගන්න.
හංසි ආටිගල
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
