කාන්තාවන් අතර බහුලවම පවතින්නේ පියයුරු පිළිකාවයි. මේ නිසා සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරමින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.
පියයුරු පිළිකාව ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් මෙසේයි.
- පියයුරුවල හැඩයේ වෙනසක් සිදුවීම.
- පියයුරුවල පැහැදිලි අසමමිතික බවක් දක්නට ලැබීම.
- පියයුරුවල සමේ ෙදාඩම් ලෙල්ලක මතුපිට වැනි වෙනස්වීමක්.
- පියයුරුවල ගැටිත්තක්
- සම මතුපිට තුවාලයක්
- සමේ ඉදිමීමක්
- තන පුඩුවේ ගිලී යෑමක් වැනි වෙනසක්.
මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් ඇති බවට හැඟෙයි නම් වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.
උපදෙස් : සුරාජ් පෙරේරා ප්‍රජා විශේෂඥ වෛද්‍ය
(ශාලිකා රංගනී සමරදිවාකර)
