පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
'මගේ ජීවිතේ වටිනාම කෙනා මාව දාලා ගියා' - ආශා.
කලා ක්ෂේත්රයේ දවසින් දවස අලුත් වෙන යම් යම් සම්බන්ධතා අතරේ සමහර ශිල්පිනියන් තොරතුරක් නොමැතිවම ක්ෂේත්රය තුළ කෙටිකාලීන විරාම ලක්ෂණවලට යොමු වෙනවා. එහෙම හිටපු එක් රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ. කාලයක් කොහේදො ගිහින් හිටපු ආශා ස්වර්ණවාහිනියේ "හංස පිහාටු" තුළින් යළිත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.
Ô ආශා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ.
තාත්තගේ අභාවයත් එක්ක පොඩි නිවාඩුවක් ගත්තා.
Ô කාලෙකට පස්සේ මේ දවස්වල ටෙලිනාට්‍යයක වැඩ නේද?
ඔව්, අවුරුද්දකට විතර පස්සේ තමයි 'හංස පිහාටු' එක්ක එකතු වුණේ. තාත්තාගේ අසනීප තත්ත්වයත් එක්ක එයා ළඟින් ඉන්න මගේ කාලය වෙන්කළා.
Ô හාවා හඳ දකිනවා වගේ නේද වැඩ කරන්නේ?
ඇත්තටම හඳ වුණත් නිතර දකිද්දි සාමාන්‍ය දෙයක් වෙනවනේ. ඒ වගේ තමයි එක හරවත් නිර්මාණයක රඟපෑවොත් ඒක ප්‍රේක්ෂකයන්ගේ මතකයේ
රැඳේවි කියලා මම හිතනවා.
Ô ක්ෂේත්රය ගැන කලකිරිලද?
කවදාවත් නැහැ. මම කවදාවත් රංගනය පසුපස හඹාගෙන ගිය කෙනෙක් නෙමෙයි. මොකද මගේ වෘත්තිය නිළිකම නෙවෙයි. යම් රාමුවක් තුළ හිඳිමින් නිර්මාණ අල්පයකට සම්බන්ධ වුණා.
Ô එහෙනම් මොකක්ද වෘත්තිය?
නිෂ්පාදන ආයතනයක් කරගෙන යනවා.
Ô ඔහොම වැඩ කරලා මෙතැන රැඳෙන්න පුළුවන් කියලා හිතනවද?
රැඳෙන එක තීරණය වෙන්නේ ඉන්න ප්‍රමාණය අනුව නෙමෙයි. කරන වැඩේ මතයි කියලයි මම නම් හිතන්නේ.
Ô ඔයත් අනෙක් අය වගේ විනෝදයට ද රඟපාන්නේ?
විනෝදයට රඟපාන්න පුළුවන්ද කියලා මම නම් දන්නේ නැහැ. මට නම් රඟපාන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මමත් ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.
Ô හැබැයි දැන් ගොඩක් නිළියෝ ඔය කතාව කියනව නේද? ඒ ගැන මොකද හිතන්නේ?
වෙනත් රැකියාවක් කරන ගමන් රඟපාන අය එහෙම කියනවා ඇති. මගේ අදහස නම් කොහොම කළත් අනිවාර්යෙන්ම තමන් කරන නිර්මාණයට හොඳ සූදානමක් ඇතිව මුහුණ දිය යුතුයි කියලයි.
Ô ජීවිතේ ගැන මොකද හිතන්නේ?
හොඳින් ගෙවෙනවා. මගේ ජීවිතේ වටිනම කෙනා වුණු තාත්තා මාව දාලා ගියා. දැන් අපේ පවුලේ යාළුවෝ හතරදෙනාගෙන් ඉන්නේ අම්මයි, අයියයි, මමයි විතරයි.
Ô හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව?
හැමදාම මෙහෙම ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ජීවිතේ වෙනසක් වෙයි.
Ô මම කිව්වේ පිළිවෙළක් වුණොත් නරකද?
මම පිළිවෙළක් නැහැ කියලද හිතන්නේ. මම නම් හිතන්නේ මම පිළිවෙළයි කියලා.
Ô එතකොට විවාහය?
මමත් බලාපොරොත්තු වෙනවා. ඒ විදියේ පිළිවෙළක් වෙල. පිළිවෙළකට ජීවත් වෙන්න බලමු.
Ô ගැහැනියකට පිරිමියකුගේ රැකවරණය වුවමනා නැද්ද?
අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
Ô ජීවිතේ ගත්ත තීන්දු තීරණ ගැන දුක්වෙලා තියෙනවද?
හැම මනුෂ්‍යයකුම වගේම මගේ ජීවිතේත් දුක සැප සම සමව විඳින්න අවස්ථා එළඹිලා තියෙනවා. ඒත් ඒ හැම දේම ගැන මධ්‍යස්ථව හිතන්න උපරිම උත්සාහ ගන්නවා. එතකොට දුක දැනෙනවා හරි අඩුයි.
Ô ඔබට වඩා ලස්සන නිළියෝ ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද?
මට හිතෙන්නේ මට වඩා අනෙක් හැමෝම ලස්සනයි කියලා.
Ô මොනවා වුණත් ඔයාට ප්‍රේක්ෂකයා ඉදිරියේ ලොකු දෙයක් කරන්න ලැබුණා කියලා හිතනවද?
නිළියක් හැටියට මම තාම ළදරු මට්ටමක ඉන්නේ. නිෂ්පාදන අංශයෙනුත් තවම නිර්මාණ කිහිපයයි කරලා තියෙන්නේ. හීනයක් තියෙනවා හොඳ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන අතරේ නිෂ්පාදන අංශයේ රැඳෙන්න. විශ්වාසයෙන් යුතුව වැඩ කරගෙන යනවා.
Ô ඔබේ පෙනුම සිනමාවට ගැළපෙනවා කිව්වොත්. ඔබ ඊට එකඟද?
ඒක මට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිර්මාණකරුවා සහ ප්‍රේක්ෂක රසවින්දනය තමයි එහි තීරණාත්මක පෙර ගමන්කරුවන් වෙන්නේ.
-ලක්මිණී අතුකෝරල
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
