Showing posts with label You. Show all posts

එකමත් එක රටක...(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


උදෑසන ඇරඹෙයි. ටීවී චැනල ඔන් වෙයි. පුවත්පත් කියවන්නන් ඔළු තුළ ඇති ජාතිවාදී ගූ සියල්ල ජනතාවට ගසයි. ජනතාව ඒවා කැච් එකක් මෙන් අල්ලා රසවිඳියි. පත්තර නොකියවයි.

උදෑසන ගතවෙයි. රසමසවුළු සියල්ල රූපවාහිනියේ ඉදෙයි. රස නහර පෙරළි කරණම් ගසයි. කිසි රසක් නැති කුස්සි පාළුයි.


දහවල එළඹෙයි. ‘තෙරුවන් සරණ අයදින බෝධි පූජා ගී , ‘ලොකු මිල මුදල්’ නෑ නෑ කියා නාහෙන් අඬන හැඬුම් ගී’ ගුවනේ මුසුවෙයි. එක හා සමාන තේරුම් ඇති - සමාන විෂුවල් ඇති - අපහසුවෙන් දඟලන ගායන විලාස ඇති මේවා දැක නංගිලා ජවයෙන් මත් වෙයි. අයියලා මොන සෙල්ලං දැම්මත් ඉජු ඉජු කී ඉක්මනට ළඟට කැන්දන විෂුවල් ලෝකය හැබෑ පොළොවට වඩා මොන තරං ෂෝයිදැයි සිතයි.

දහවල ගෙවෙයි. සුන්දරත්වය හිමි ජීවිත විකාශය කෙරෙන ෆිල්ම් වල පමණක් සිටියි. සැබෑ ජීවිත මහ පාරේ ගිනි අව්වේ කරවෙයි.

හැන්දෑව පැමිණෙයි - ගෙවෙයි. හුස්ම ගන්නා වීරයන් නොමැති හේතුවෙන් කාටුන් ජීවිත දරුවන්ගෙ ලොව රජවෙයි. දරුවෙක් පාසලේදී තමන්ගෙ වීරයා ගැන ලියන්නැයි කී විට මෙසේ ලියා තිබෙයි. මගේ වීරයා සෝනික්. එයා හැමදාම දිනයි. පරාජය නොවෙයි. ඒ කොණ්ඩය තියෙන විදිහට මං ආසයි. මගේ වීරයාට බුදු සරණයි.

රාත්‍රිය සැරසෙයි. සුටු සුටු ගා සියලු වැඩ හමාර කොට මව්වරු දූවරු හා පුතුන් සාලයට රැස්වෙයි. ‘ඊයෙ අරකිට මොකෙයි වුණේ පැනල ගියැයි ?’ මිත්තණිය අසයි. ‘පිස්සුද පැනල යන්න ඔන්න මෙන්න තියෙද්දි බඩු මාට්ටු’ චූටි නංගී උත්තර දෙයි. හඬා දොඩා හඬ කැවූ ඉෂිතාගේ සුදු මූණ ඉඹ ඉඹ මෙහෙ මූණු බුකවගෙන නින්දට යයි.

උදෑසන එළඹෙයි. අලුත් දවසක පරණ සිද්ධි සියල්ල නැවත නැවත - නැවත නැවත සිදුවෙයි !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම.


ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා.....

මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , 
ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා.....

සත්තකයි ලස්සනයි ඒ හීනෙ...
මං ආදරෙයි....
ඒ හීනෙට...

අනේ ඒත් අද... 
මගෙම කදුලකින් ඒ හීන සිතුවම බොද වෙලා...

මගෙ ආදරණීය සිත්තරානෙනි... 
ඔබට පමණයි නැවතත් මගෙ දිවියට පාට පෙවිය හැක්කේ.... 
වග බලාගනිමි නැවත ඒ සිතුවම බොද නොවෙන්නට.... 
ඉඩ දෙනවානම් රැක ගන්නම් මං...
අපේ හීනය 
අපේ අනාගතය 
අපේ ජිවිතය 
අපේ ප්‍රාර්ථනාවන්....

කළු සුදු මගෙ ජීවිතේට පාට පෙවූ පිණම ඇති නුබට 
ලස්සන දිවියකට උරුමකම් කියන්නට 
එපා නම් මම එහි රැදෙන්නට 
අවසරයි නික්මෙන්න.... 
සුභ පතමි නව දිවියකට මම 
ඔබේම ලස්සන අනාගතයේ....

ඉඩ දෙන්න සිත්තරාවියකට නුබෙ ලොවේ 
නතර වී නුබේ දිවියට අරුත්බර වර්ණයන් ගලපන්න
 දනිමි මම නොවන බව ඒ කෙනා....
සිත්තරෙක් වූ නිසාවෙන්ම 
නොහැක නුබට නුබේම දිවියට පාට පොවන්නට 
ලස්සන කරගන්නට එය... 
රැදෙන්න ඔබේම ලොවක් තුළ 
කිරුළු දරමින් ප්‍රීතියේ....


~~~ Samadhi Sankalpana Malalaweera ~~~
web.facebook.com/writer.sankalpana 


රට ගිය ස්ත්‍රීන් ගෙදර ආවොත්....?


හොඳ නරකත් ගෑනු පිරිමිත් වශයෙන් කෙරෙන කතාබහේදී වැඩිපුරම හොඳ මිනිසුන් බවට පත්වන්නේ පිරිමිය. ඊට හේතුව නම් මේ ලෝකයේ බොහෝ දේවල නිර්මාණ අයිතිය අදටත් පිරිමින් සන්තකයෙහිම පැවැතීමය. එහෙත් අතීතයට සාපේක්ෂව අද වනවිට ශ්‍රී ලාංකික කාන්තාව නිවෙසින් පිටතට පැමිණීමේ ප්‍රවණතාවෙහි වර්ධනයක් දකින්නට ලැබේ. එමෙන්ම ඉන් නොනැවතී විවිධ විෂයන්හි කෙළවරට පැමිණෙමින් සමාජයෙහි ප්‍රගතිශීලී භූමිකාවන්ට පණපොවන්නට ඔවුහු කටයුතු කරමින් සිටිති. ඔවුන් කවර කාර්යක් කළ ද පැමිණෙන ප්‍රශ්නවල නම් අවසානයක් නැත. ඒ බව නම් පැහැදිලිය.

ජීවිතයේ තරැණ අවධියේදී අධ්‍යාපන කඩඉම්වලින් ඉදිරියට පැමිණීමේ දී අද දවසේදී ශ‍්‍රී ලාංකීය පුරැෂයාට සාපෙක්ෂව ශ‍්‍රී ලාංකික කාන්තාව සිටින්නේ ඉදිරියෙනි. අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් වූ දත්ත වාර්තා විමසීමෙන් එය පැහැදිලි වේ. විශේෂයෙන්ම සරසවි වරම් ලබන තරැණ පරම්පරාවෙහි සැළකිය යුතු කොටසක් වී ඇත්තේ ශිෂ්‍යාවන්ය. අවාසනාවන්ත කාරණය වන්නේ සරසවි දිවියෙන් පසුව ඔවුන්ට උරැම වන දිවියයි. තරැණ සමයේ කවර මට්ටමින් ඉදිරියට පැමිණිය ද ජීවිතයේ දෙවැනි ඉනිමේදී යළිත් ඇයට පණපොවන්නට සිදුවන්නේ සම්ප්‍රදායික ආසියාතික ගැහැනියටමය. ජීවිතයේ සැළකිය යුතු කාලයක් සිය පියාගේ භාරයට පත්ව සිටි ඇය ඉන්පසු ක‍්‍රමානුකූලව ස්වාමි පුරැෂයාගේ පාලනයට අණසකට යටවන්නේ නිරායාසයෙනි. 

මේ තත්ත්වයට මුහුණ නොපා කිසියම් බාධා මැද වුවද තමන් ලබාගත් අධ්‍යාපනයට සරිලන රුකියාවක නිරතවන තරැණියෝ ද වෙති. එහෙත් ඇයට ද ස්ත්‍රිය සම්බන්ධයෙන් වූ සම්ප්‍රදායික සංස්කෘතික මිථ්‍යාවන්ගෙන් ගැලවීමක් නම් නැත. පොදු සමාජයටත් වඩා ඇයට ප්‍රශ්න එන්නේ තම පවුලෙන්මය. මෙම පැති දෙකින්ම තැලී පෙළී රුකියාවක නිරතවීම ඇයට මහත් පීඩනයකි. මේ නිසා අධ්‍යාපනයේදී ජයග්‍රහණ අත්පත් කරගත් ලාංකීය ස්ත්‍රිය දිවියේ දෙවැනි ඉනිමේදී ස්වාධීනත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ප්‍රශ්න ගැන මීට වැඩි සමාජ අවධානයක් යොමුවිය යුතුය. 

ශ‍්‍රී ලාංකික කාන්තාවගේ ජයග‍්‍රහණ සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනා මහත් බරක් තබා සිහිපත් කරන එක් අංශයක් වන්නේ පාර්ලිමේන්තු දේශපාලනයයි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක එසේ කතා කරන බොහෝ දෙනාගේ මුවඟ රුදුණු පළමු නමයි. අප කෙතරම් ප්‍රීතියකින් ඒ ගැන කතාකළත් ඇයගේ දේශපාලන ආගමනයෙහි ස්වභාවය අපි හිතාමතාම අමතක කරමු. ඇත්ත වශයෙන්ම සිරිමාවෝ මැතිනිය අගමැති පුටුව දක්වා ගෙනගොස් වාඩිකරනු ලැබුවේ තම ස්වාමි පුරැෂයාගේ මරණයෙන් ඇති වූ හිස්කම වැසීමට හටගත් සමාජ බලවේග විසිනි. ඉන්පසුව ලංකාවේ නම් දැරෑ බොහෝ දේශපාලන කාන්තා චරිත නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. ඒ හැර බලය අත්පත් කරගත්තා නම් ඒ ඉතාමත් ආකස්මික ජනාකර්ෂණයෙනි. 

ආසියාතික සමාජයෙහි කුඩා කල පටන් ස්ත්‍රිය ඇතිදැඩි වන්නේ සමාජයෙන් ආරෝපණය කරනු ලබන ස්ත්‍රීත්ව ගතිලක්ෂණ උරැම කරගෙනය. මේවා සංස්කෘතිය මඟින් බලහත්කාරයෙන් පටවන දේය. උපතේ පටන්ම ස්ත්‍රියටත් පුරැෂයාටත් වෙනම ලෝක දෙකක් නිර්මාණය වන්නේ ඒ අනුවය. මෙය ද එක්තරා ආකාරයක වර්ගභේදයකි. සිංහල බෞද්ධ සංස්කෘතික හැදියාවක් ගැන බණ දෙසන ඇතැම් විද්වතුන් පවා සිදුකරන්නේ මේ ක්‍රමය පවත්වාගෙනයෑමට උඩගෙඩි දීමය. එහෙත් මෙකී ඊනියා සංස්කෘතික අර්ථකතන සහ සත්‍ය සමාජය අතර තිබෙන්නේ විශාල පරතරයකි. ඊට හොඳම නිදසුන නම් මෙරටට ප්‍රධන වශයෙන්ම විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවන්ය. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කෙතරම් බණ කීව ද විදේශයන්හි සිටින වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිස පෙරළා මේ රටට පැමිණියහොත් එමඟින් ඇතිවන බලපෑම ගිණිය නොහැකිය. ස්ත්‍රිය සම්බන්ධයෙන් ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන ඊනියා පුරැෂ බුද්ධිමතුන් මේ ගැන කියන්නේ කුමක්ද? අපේ පැනයට පිළිතුරක් දෙන්නේ නම් මැනැවි.


කාංචනා සමරසිංහ - ගාල්ල

30 Signs He’s in Love with You.


~30 Signs He’s in Love with You~


Y එයා ඔයාට අවවාද දෙනවා...ඔයා කැමති උනත් නැතත්...ඔයා එයාගෙන් උපදෙස් ඉල්ලුවත් නැතත්....

Y ඔයත් එක්ක ඉන්න හැම වෙලාවකම එයාගේ ශරීරය හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට...වෙන කෙල්ලෙක් දිහා බලන් හිටියත් ඒක එහෙම්මමයි....

Y එයාගේ පපුව හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට නම් , කතා කරන්නේ ඇස දෙක දිහා බලාගෙන නම් , එයා ඔයාට හුගක් කැපවීමෙන් ආදරය කරන කෙනෙක්....

Y  එයා ඔයා වෙනුවෙන් දොරවල් ඇරලා දෙන්න ඉදිරිපත් වෙනවනම් ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමේ..........එයා ඔයා ගැන වද වෙන නිසයි.....

Y  එයාගේ යාළුවන්ට ඔයාව අදුන්නලා දෙන හැම වෙලාවකම එයා ඔයාගේ අතකින් අල්ල ගනී , එහෙමත් නැත්තන් කර වටේට ඇත දාගනී. එයා ඔයාගේ කියලා අනිත් යට පෙන්නන්නයි එහෙම කරන්නේ. නිරායාසයෙන්ම එක වෙන දෙයක්....

Y  ඔයාට calls දෙයි. message කරන එක අද කලේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔයාගේ හැගීම් තේරුම් ගන්න වුවමනාවක් තියෙන කෙනෙක් නම් එයා ඔයාට message කරනවට වැඩ call කරන්න වැඩි නැබුරුවක් දක්වනවා.දුරකතනයෙන් ඇහෙන ඔයාගේ කටහඩට , හුස්ම ගන්න සද්දෙට පවා එයා ආදරේ කරනවා.....

Y ඔයා වෙනුවෙන් ඔයා කැමතිම කෑම උයන්න එයා පුරුදු වෙනවා.

Y  ඔයාගේ රැකියාවේ විස්තර අහාවී හැමදාම. ඔයාට කම්මැලි උනත් ඒ දේවල් එයා දැනගන්න කැමැති ඔයා ඉන්න පරිසරය වටපිටාව වගේ දේවල්.

Y  ඔයාව පුදුම කරවන්න පුංචි පුංචි ලස්සන තෑගි අරන් ඒවි ඔයාව හම්බෙන හැම වෙලාවකම දෙන්න.පුංචි ටොපියකින් පවා එයා ඔයාට තියෙන ආදරේ පෙන්නාවි.

Y  එයාගේ අතින් සුළු වරදක් උනත් එය සමාව ගනීවි.නියම පිරිමියෙකුගේ ගති ලක්ෂණයක් වෙන වරද පිළිගැනීම ඉස්මතුවෙන විදියට එයා හැසිරේවි.........

Y  ඔයාගේ හුරතලාට එයාගේ හුරතලාට වගේම ආදරය කරාවි.....

Y ඔයා වෙනුවෙන් සින්දු කවි ලියාවි....

Y  ඔයාගේ පවුලේ අයට එයාගේ පවුලේ අයට වගේම ආදරය කරාවි.....සම විදියට සලකාවි.........දුක සැප හොයා බලාවි..........

Y  makeup දාගෙන ඉන්න වෙලාවටයි නැති වෙලාවටයි එයා ඔයාට එකම විදියට සලකාවි.මොකද නියම පිරිමියා සලකන්නේ කෙල්ලෙක්ගෙ ඇතුලත ලස්සනට මිසක් පිට ආටෝපෙට නෙමේ.makeup දාගෙන නොහිටියත් එයා ඔයාගේ හිතට / ගතිගුණ වලට ආදරය කරන නිසා එයට එකේ වෙනසක් නොපෙනේවි....

Y  පොඩි දෙකට පවා එයා ඔයාගෙන් අවවාද ගනීවි.

Y  ඔයා දිහා බලන හැම වෙලාවකම එයා හිනා වේවි......

Y  ඔයා ගිරවියක් වගේ කියවද්දී එයා වචනයක් වත් නොකියා ඔයා දිහාම බලන් ඉදිවී.............

Y  අනාගතය ගැන කතා කරන හැම වෙලාවකම “මම” වෙනුවට “අපි” කියලා කියාවි..........


Yසමාධි සංකල්පනා මලලවීරY



ගෑනුන්ට මල්කම් විතරම ද?


ලිංගිකත්වය යන කාරණයේදී ප‍්‍රධාන වශයෙන් හඳුනාගන්නේ ජීව විද්‍යාත්මක වෙනසයි. හෝමෝන, ප‍්‍රජනන ඉන්ද්‍රියන් අනෙකුත් මනෝ විද්‍යාත්මක කාරණා අනුව මෙම ලිංගභේදය හඳුනාගනී. එහෙත් අද වනවිට සිදුවන්නේ මෙසේ ජීවවිද්‍යාත්මකව ලැබෙන වෙනස ද ඉරණම හැටියට හැඳින්වීමය. මෙම ස්ත‍්‍රී පුරැෂභාවය අපට ජීව විද්‍යාත්මකව උපතින්ම ලැබෙන්නකි.  තාක්ෂණික වෙනස්කම් මත සමලිංගික විවාහ සිදුවන බව ලොවම දනී. එහෙත් ජීව විද්‍යාත්මකත්වය තුළ දරැවන් බිහිකළ හැක්කේ ස්ත‍්‍රියට පමණි. මක්නිසාදයත් ශුක‍්‍රාණු නිපදවිය හැක්කේ පුරැෂයන්ට පමණක් හෙයිනි. ජීවවිද්‍යාත්මක සත්‍ය කුමක් වුවද මේ ලෝකය විසින් නිර්මාණය කරනු ලැබූ හා අපේක්ෂා කරනු ලබන ලෝකයේද මේ දෙපාර්ශවයටම උරැම කර දී තිබේ. සැබැවින්ම මේ කාරණය ජීවවිද්‍යාත්මක ලොව පසුකර යන සංස්කෘතික ලෝකයකි. 

 ස්ත‍්‍රී පුරැෂ සමාජභාවය තුළ අවධාරණය කරන්නේ ස්ත‍්‍රී පුරැෂ සබඳතා තුළ ව්‍යුහාත්මකව මතු කරන සමාජ ඇගයීම් මාලාවකි. අප ස්ත‍්‍රීත්වය හා පුරැෂත්වය යන සංකල්ප ගොඩනගාගන්නේ මෙම සමාජීය ගොඩනැගීම් මත සිටය. එහිදී ස්ත‍්‍රීත්වය වටහාගැනෙන්නේ යටහත් පහත්බව, ශෝභමාන බව, ලාලිත්‍ය යන ගුණාංගයන් ගෙනි. එමෙන්ම පුරැෂත්වය වටහා ගැනෙන්නේ බුද්ධිමත්බව කලහකාරී බව යන ගුණාංගයන් ගෙනි. සැබැවින්ම පුරැෂයින්ගේ ශරීර ශක්තිය වැඩි හොමෝන නිසාය. වෙනස තිබෙන්නේ එතැන වුවත් ප‍්‍රශ්නය එය නොවේ. සමාජය සමාජ කාරණා මත පදනම්ව ස්ත‍්‍රියගෙන් හා පුරැෂයාගෙන් යම් යම් කාරණා බලාපොරොත්තුවීමය. 

නිදසුනකට කඳුළු අයිති ගැහැනුන්ටය යන විශ්වාසය ගනිමු. එහි අනෙක් පැත්ත නම් පිරිමි අඬනවා දකින්නට සමාජයේ ඇති අකැමැත්තය. එමෙන්ම ස්ත්‍රියක් ගහක් ගලක් මෙන් ඉන්නවාට ද සමාජය කැමති නැත. මේ අප කරන්නේ අන්කවරක්වත් නොව ජීව විද්‍යාත්මක වෙනසට සංස්කෘතික තේරැමක් දීමය. ඒ තේරැම දෙන්නේ ඉගෙන ගන්නා ලද හා හුරැ කරන ලද චර්යා පද්ධතියක් තුළින්ය. එයද පෞද්ගලික ආකල්ප අනුව වෙනස්වීමට පුළුවන. මෙම නිරෑපණයේ කාරකයා ස්ත‍්‍රියයි. එයින් අදහස්වන්නේ පුරැෂයා වෙන්කරගන්නේ ස්ත‍්‍රියගෙන් බවයි. ඒ අනුව මෙම සංකීර්ණ පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ස්ත්‍රිය විසින් බව හොඳින්ම පෙනේ.

ස්ත‍්‍රියගේ භෞතික හා කාය ව්‍යුහාත්මක සැකැස්ම නිර්මාණය වී ඇත්තේ සමාජය තුළ යටහත්පහත්භාවයක් සහ ගෘහස්ථ භූමිකාවකට ගැලපෙන ආකාරයටය. එය ගැහැනුන්ගේ පාපය, ඉරණම, දෛවය හැටියට සලකන සමාජයන් ගෝත‍්‍රයන් කණ්ඩායම් දකින්න පුළුවන්.  මේ තුළ තිබෙන්නේ ස්ත‍්‍රිය හෝමෝන නිසා යම්කිසි ආකාරයකට දුර්වලයි නම් ඒ නිසා යටත් විය යුතුය කියන කාරණයටත් වඩා පුරැෂයාට සංකල්පීය වශයෙන් වන යටත්භාවයයි. ස්ත‍්‍රිය ශාරීරිකව දුර්වලයි ද පුරැෂයා බලවත් යැයිද  යන මෙකී අදහස නිසා පුරැෂයන්ට ශාරීරික ලක්ෂණ පදනම් කරගෙන රාජකාරි පැවැරේ. බොහෝදුරට ගෘහයෙන් බැහැර රුකියාවලට යන්නට පිරිමියාට සිදුවන්නේ ඒ අනුවය. ශාරීරික ශක්තිමත්භාවය මත රුකියා කිරීම යනු පූර්ව ප්‍රාථමික හා කෘෂිකාර්මික යුගයන්ට මිස අපට ගැලපෙන්නක් නොවේ. විශේෂයෙන්ම සංවර්ධිත සමාජයක තාක්ෂණික මෙවලම් යටතේ කටයුතු කරද්දී මෙය ඒ තරම් වැදගත් සාධකයක් නොවේ. එහෙත් ස්ත්‍රිය හා පුරැෂයා අතර වූ භෞතික වෙනස ද අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. 

එහෙත් දියුණු වෙමින් පවතින ලෝකයේ ස්ත්‍රියට හිමි ඉදිරිගාමී තැන ලංකාවේදී ඇයට හිමි වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. කොළඹ, මහනුවර හා ඊට යාබද තදාසන්න නගර කීපයක හැරැණු කල තාමත් ලංකාවේ පවතින සමාජ වටපිටාවෙහි ස්ත්‍රියට නිරතවන්නට සිදු වී තිබෙන්නේ සාම්ප්‍රදායික රුකියාවන්හි වීම ඊට හොඳ නිදසුනකි. ඊට අමතරව රජය මඟින් කාන්තාවන් වෙනුවෙන් සැකැසෙන අධ්‍යාපනික, තාක්ෂණික හා වෘත්තීයමය පාඨමාලා පුහුණු ද මෙම පීතෘමූලික මතවාදයෙන් වෙනස් වී නැත. මල්කම්, ඉවුම් පිහුම්, ගෘහ පාලනය, මැහුම් ගෙතුම් ආදියෙන් ඔබ්බට යමක් යෝජනා කරගන්නට ආණ්ඩුවත් අසමත් වී ඇත්තේ ද එහෙයිනි. එසේනම් සැමදාමත් මල්කම් කරමින් සිටිනවාද යන්න ශ්‍රී ලාංකික ස්ත්‍රිය දැන්වත් තේරැම් ගත යුතුය. 


-දිමුතු හංසිකා ප්‍රනාන්දු- මීගමුව 


අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි! - Share against Domestic Violence.




ලෝකය තුළ වර්තමානයේ පවතින Digital තාක්ෂණය බොහෝවිට යොදා ගැනෙන්නේ සාමාන්‍ය එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහායි.

ඒත් එමගින් ලෝකයේ හතරෙන් තුනක් පමණ වෙනස් කල හැකියි. එහි සත්‍ය අසත්‍යතාවය ඔබට තේරුම් ගත හැකි වඩා බලවත් ඩිජිටල් ව්‍යාපෘතියක් පසුගියදා ක්‍රියාත්මක වුණා.


ඒ මේ දිනවල වඩා කතාබහට ලක්වන මාතෘකාව වන ස්ත්‍රී හිංසනයන්, අපචාරයන්, අතවරයන් සහ විශේෂයෙන් ස්ත්‍රී දූෂණයන් සම්බන්ධව බටහිර ලෝකය ක්‍රියාත්මක කල ඉතා විශිෂ්ට ගනයේ ව්‍යාපෘතියක්.





ගැහැනියකට සිදුව ඇති මේ තුවාල සහ හිංසනයන් නැති කර දැමීමට එදිනෙද මෙතනින් ඇවිද යන අය කල යුතු දේ ඉතාම සරලයි.



මෙතනින් ඇවිද යන හැම කෙනෙක්ම කැමරා මගින් නිරීක්ෂණය කෙරෙනවා. ඒ කීයෙන් කී දෙනෙක් මේ පුවරුව දිහා බලනවද කියන කාරණාව. 




වැඩි පිරිසක් මේ දිහා බලන්න බලන්න මෙහි සිටින කාන්තාවගේ කැළැල් මැකී යනවා.

මෙමගින් ලබා දෙන්නේ මෙම සියලු දේ නවතගනීමට අවශ්‍ය ඉතා සුළු ජන අවධානයක් යොමු කිරීම පමණක් බවයි.


මේ එළඹී ඇත්තේ ඇස කන පියාගෙන සිටිය යුතු කාලය නොව අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

Share if you stand against domestic violence!




- අනුෂි හක්මනගේ