පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ගෑනුන්ට මල්කම් විතරම ද?
ලිංගිකත්වය යන කාරණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගන්නේ ජීව විද්‍යාත්මක වෙනසයි. හෝමෝන, ප්‍රජනන ඉන්ද්‍රියන් අනෙකුත් මනෝ විද්‍යාත්මක කාරණා අනුව මෙම ලිංගභේදය හඳුනාගනී. එහෙත් අද වනවිට සිදුවන්නේ මෙසේ ජීවවිද්‍යාත්මකව ලැබෙන වෙනස ද ඉරණම හැටියට හැඳින්වීමය. මෙම ස්ත්‍රී පුරැෂභාවය අපට ජීව විද්‍යාත්මකව උපතින්ම ලැබෙන්නකි. තාක්ෂණික වෙනස්කම් මත සමලිංගික විවාහ සිදුවන බව ලොවම දනී. එහෙත් ජීව විද්‍යාත්මකත්වය තුළ දරැවන් බිහිකළ හැක්කේ ස්ත්‍රියට පමණි. මක්නිසාදයත් ශුක්‍රාණු නිපදවිය හැක්කේ පුරැෂයන්ට පමණක් හෙයිනි. ජීවවිද්‍යාත්මක සත්‍ය කුමක් වුවද මේ ලෝකය විසින් නිර්මාණය කරනු ලැබූ හා අපේක්ෂා කරනු ලබන ලෝකයේද මේ දෙපාර්ශවයටම උරැම කර දී තිබේ. සැබැවින්ම මේ කාරණය ජීවවිද්‍යාත්මක ලොව පසුකර යන සංස්කෘතික ලෝකයකි.
ස්ත්‍රී පුරැෂ සමාජභාවය තුළ අවධාරණය කරන්නේ ස්ත්‍රී පුරැෂ සබඳතා තුළ ව්‍යුහාත්මකව මතු කරන සමාජ ඇගයීම් මාලාවකි. අප ස්ත්‍රීත්වය හා පුරැෂත්වය යන සංකල්ප ගොඩනගාගන්නේ මෙම සමාජීය ගොඩනැගීම් මත සිටය. එහිදී ස්ත්‍රීත්වය වටහාගැනෙන්නේ යටහත් පහත්බව, ශෝභමාන බව, ලාලිත්‍ය යන ගුණාංගයන් ගෙනි. එමෙන්ම පුරැෂත්වය වටහා ගැනෙන්නේ බුද්ධිමත්බව කලහකාරී බව යන ගුණාංගයන් ගෙනි. සැබැවින්ම පුරැෂයින්ගේ ශරීර ශක්තිය වැඩි හොමෝන නිසාය. වෙනස තිබෙන්නේ එතැන වුවත් ප්රශ්නය එය නොවේ. සමාජය සමාජ කාරණා මත පදනම්ව ස්ත්‍රියගෙන් හා පුරැෂයාගෙන් යම් යම් කාරණා බලාපොරොත්තුවීමය.
නිදසුනකට කඳුළු අයිති ගැහැනුන්ටය යන විශ්වාසය ගනිමු. එහි අනෙක් පැත්ත නම් පිරිමි අඬනවා දකින්නට සමාජයේ ඇති අකැමැත්තය. එමෙන්ම ස්ත්‍රියක් ගහක් ගලක් මෙන් ඉන්නවාට ද සමාජය කැමති නැත. මේ අප කරන්නේ අන්කවරක්වත් නොව ජීව විද්‍යාත්මක වෙනසට සංස්කෘතික තේරැමක් දීමය. ඒ තේරැම දෙන්නේ ඉගෙන ගන්නා ලද හා හුරැ කරන ලද චර්යා පද්ධතියක් තුළින්ය. එයද පෞද්ගලික ආකල්ප අනුව වෙනස්වීමට පුළුවන. මෙම නිරෑපණයේ කාරකයා ස්ත්‍රියයි. එයින් අදහස්වන්නේ පුරැෂයා වෙන්කරගන්නේ ස්ත්‍රියගෙන් බවයි. ඒ අනුව මෙම සංකීර්ණ පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ස්ත්‍රිය විසින් බව හොඳින්ම පෙනේ.
ස්ත්‍රියගේ භෞතික හා කාය ව්‍යුහාත්මක සැකැස්ම නිර්මාණය වී ඇත්තේ සමාජය තුළ යටහත්පහත්භාවයක් සහ ගෘහස්ථ භූමිකාවකට ගැලපෙන ආකාරයටය. එය ගැහැනුන්ගේ පාපය, ඉරණම, දෛවය හැටියට සලකන සමාජයන් ගෝත්‍රයන් කණ්ඩායම් දකින්න පුළුවන්. මේ තුළ තිබෙන්නේ ස්ත්‍රිය හෝමෝන නිසා යම්කිසි ආකාරයකට දුර්වලයි නම් ඒ නිසා යටත් විය යුතුය කියන කාරණයටත් වඩා පුරැෂයාට සංකල්පීය වශයෙන් වන යටත්භාවයයි. ස්ත්‍රිය ශාරීරිකව දුර්වලයි ද පුරැෂයා බලවත් යැයිද යන මෙකී අදහස නිසා පුරැෂයන්ට ශාරීරික ලක්ෂණ පදනම් කරගෙන රාජකාරි පැවැරේ. බොහෝදුරට ගෘහයෙන් බැහැර රුකියාවලට යන්නට පිරිමියාට සිදුවන්නේ ඒ අනුවය. ශාරීරික ශක්තිමත්භාවය මත රුකියා කිරීම යනු පූර්ව ප්‍රාථමික හා කෘෂිකාර්මික යුගයන්ට මිස අපට ගැලපෙන්නක් නොවේ. විශේෂයෙන්ම සංවර්ධිත සමාජයක තාක්ෂණික මෙවලම් යටතේ කටයුතු කරද්දී මෙය ඒ තරම් වැදගත් සාධකයක් නොවේ. එහෙත් ස්ත්‍රිය හා පුරැෂයා අතර වූ භෞතික වෙනස ද අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය.
එහෙත් දියුණු වෙමින් පවතින ලෝකයේ ස්ත්‍රියට හිමි ඉදිරිගාමී තැන ලංකාවේදී ඇයට හිමි වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. කොළඹ, මහනුවර හා ඊට යාබද තදාසන්න නගර කීපයක හැරැණු කල තාමත් ලංකාවේ පවතින සමාජ වටපිටාවෙහි ස්ත්‍රියට නිරතවන්නට සිදු වී තිබෙන්නේ සාම්ප්‍රදායික රුකියාවන්හි වීම ඊට හොඳ නිදසුනකි. ඊට අමතරව රජය මඟින් කාන්තාවන් වෙනුවෙන් සැකැසෙන අධ්‍යාපනික, තාක්ෂණික හා වෘත්තීයමය පාඨමාලා පුහුණු ද මෙම පීතෘමූලික මතවාදයෙන් වෙනස් වී නැත. මල්කම්, ඉවුම් පිහුම්, ගෘහ පාලනය, මැහුම් ගෙතුම් ආදියෙන් ඔබ්බට යමක් යෝජනා කරගන්නට ආණ්ඩුවත් අසමත් වී ඇත්තේ ද එහෙයිනි. එසේනම් සැමදාමත් මල්කම් කරමින් සිටිනවාද යන්න ශ්‍රී ලාංකික ස්ත්‍රිය දැන්වත් තේරැම් ගත යුතුය.
-දිමුතු හංසිකා ප්‍රනාන්දු- මීගමුව
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
