පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මගේ ළඟ බොරු වැඩ නෑ : වොල්ගා කල්පනී
මේ දිනවල විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සොයා යන ඇය එක්කයි. ඇය නමින් වොල්ගා කල්පනී.
අද නිවාඩුයි වගේ දෙන්නටම?
ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩක් දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දවස්වලට ෂූටින් වැටෙනවා නේ.
ඉතින් වොල්ගා කොහොමද ජීවිතේ?
බොහොම නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. විවාහ වුණා කියලා ලොකු වෙනසකුත් නැහැ.
කලා ක්ෂේත්රයේ ඔබ හා සමකාලීන විවාහ ජීවිත ගෙවන අයත් එක්ක බලද්දී හර්ෂණ හා වොල්ගා වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ ඇයි ඒ ?
ඔව්. ඒකට හේතුව අපේ දේ ලෝකෙට පෙන්වන්න අවශ්‍ය නැහැ . හර්ෂණ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පියෙක්. වොල්ගා කියන්නෙත් ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඒකත් එක්ක අපේ පෞද්ගලික දේවල් එහෙම නැත්නම් බොරුවට,මම කියන්නේ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා බොරුවට පෙනී ඉඳලා වැඩක් නැහැ ඇතුළේ ඒක නැත්නම්. මාව ආශ්‍රය කරන යාළුවෝ මට කියන දෙයක් තමා 'වොල්ගා ගේ බොරු ෂෝ නෑ' කියලා. පාටීස් වලට සහභාගී වෙනවා. නමුත් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පෞද්ගලික යාළුවකුගේ හැර වෙන පාටීස් වල ඉඳලා ටික වෙලාවකින් එනවා කියන එක. ඒ දේ අපි පුරුද්දක් කරගෙන තියෙනවා. මෑත කාලීනව ඇවිත් ඉන්න නිරූපිකාවෝ නිළියෝ කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා නේ. ඒ අය පාටි වලට ගිහින් ඩාන්ස් එකක් you tube දාලා ජනප්‍රිය වෙන්න හදනවා. අනේ මං දන්නේ නැහැ මට නම් එහෙම දේවල් හිතිලා නැහැ. මගේ ළඟ බොරු වැඩ නැති නිසා තමයි වැඩිය පෙන්න නැත්තේ.
වොල්ග - හර්ෂණ සුන්දර කැදැල්ලට අලුත් අමුත්තෙක් ගෙනෙන්න අදහසක් නැද්ද ?
කැමැතියි. මම කොහොමත් දරුවන්ට කැමැතියි. නමුත් මම බුද්ධාගමේ. බුදුන් වගේම දෙවියෝත් අදහන කෙනෙක්. ඉතින් මම විශ්වාස කරනවා මට අවශ්‍ය වෙලාවට ඒ දේ ලැබෙයි. ජීවිතේ හැමදේම නිසි වෙලාවට වුණා වගේම දෙවියෝ ඒ කෙනා දෙන දවසක් ඇති නේ. ඒ වෙනතුරු ඉන්නවා.
රංගන වැඩ කටයුතු ගැන කතා කරමු.
ටෙලි නාට්‍ය කිහිපයකම මේ දවස්වල ඉන්නවා. ස්වර්ණවාහිනියේ 'පාරා' ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒවගේම ජනක සුරංජිත් මහත්මයා අධ්‍යක්ෂණය කරන 'අපේ ආදරේ' ටෙලි නාට්‍යය. පැහැසරා නාට්‍යයෙන් මම අයින් වෙලා ඉන්නේ. ඔය ටෙලි නාට්‍යවලට තමයි රංගනයෙන් දායක වෙන්නේ.
ඒ කියන්නෙ නාළිකා කිහිපයකම වොල්ගා මේ දවස්වල දකින්න ලැබෙනවා.
මටත් මේ ළඟදි කෙනෙක් මතක් කළා ටෙලි නාට්‍ය 4ක් යනවා නේද කියලා. ඉතින් සතුටුයි. සාමාන්‍ය සතුටක් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ මට නිතරම හම්බවෙන්න ලැබෙනවා නේ විවිධ විවිධ චරිත හරහා.
තරුලි කියන චරිතය වොල්ගගේ සැබෑ ජීවිතයට යම් සමානකමක් දක්වනවා නේද?
නෑ. තරුලියි වොල්ගයි කොහෙත්ම සමාන නැහැ. තරුලි ආදරේ පස්සෙන් යනවා. වොල්ගා ආදරේ පස්සෙන් යන කෙනෙක් නෙමෙයි. තරුලි ආදරේ කියන දේ බලෙන් කොහොමහරි ලබා ගන්න කෙනෙක්. ඉතින් එහෙම බලනකොට තරුලියි, වොල්ගයි කොහෙත්ම සමාන නැහැ. නමුත් දඟ පැත්තෙන් බලද්දී නම් දෙන්නගේ පොඩ්ඩක් සමානකමක් තියෙනවා. කොහොමත් වොල්ගා කියන්නෙත් දඟ ළමයෙක්.
මේ දස්වල හර්ෂණයි වොල්ගයි ටීවී බලන්න හරියට රණ්ඩු වෙනවලු නේද?
කවුද කිව්වේ...? අනේ එහෙම නැහැ.
ඇයි දෙන්නගෙම ටෙලි නාට්‍ය, නාළිකා කිහිපයකම විකාශය වෙනවා නේ?
ඔව්. මෙහෙමයි ඇත්තටම ටෙලි නාට්‍ය යන වෙලාවට අපිට ටෙලි නාට්‍ය බලන්න වෙන්නේ නැහැ. ඒව බලන්න වෙන්නේ peo tv එකෙන් නැත්නම් you tube එකෙන් .
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
