පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
තීක්ෂණගේ ඇබ්බැහිය ගැන බිරිය අනුරාධා කී කතාව..
පෙම්වතා විදියට හිටපු තීක්ෂණ දැන් කොහොමද දැනෙන්නේ?
කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාම තියෙනවා. එකම කෙනා තමයි තාමත් ඉන්නේ. හරිම සුබවාදී විදියට ඉන්නේ.
පෙම්වතා කාලේ තරුණියන්ගේ ආකර්ෂණය
ඒ කාලෙත් තීක්ෂණට දුරකතන ඇමැතුම් එනවා. රසික රසිකාවියන් දැක්කහම කතා කරනවා. දැන් වුණත් එයාට රසිකාවියන්ගෙන් දුරකතන ඇමැතුම් එනවා. දැන් නම් එයාගෙන් ගොඩක් අය අහන්නෙ අක්කි ඉන්නවාද කියලා. අහලා මාත් එක්ක කතා කරනවා.
තාත්තා කෙනෙක් විදියට තීක්ෂණ
හැම වෙලාවෙම බබා එක්ක ඉන්නවා. බබාගේ වැඩ පුළුවන් විදියට කරනවා. බබා ඉපදුණ මුල් දවස්වල තීක්ෂණ රෑට නිදාගත්තෙ නෑ. මම දවල් නිදාගත්තෙ නෑ. දිගටම ඇහැරගෙන හිටියා. අපි මාරුවෙන් මාරුවට ඇහැරලා ඉඳලා තමයි පුතාව බලාගත්තේ.
තීක්ෂණ මුල් තැන දෙන්නේ
එහෙම විශේෂයක් නෑ. පවුල කියන දේට මුල්තැන දෙනවා. හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න, කාලය ගත කරන්න එයා කැමැතියි.
කැමැති පුරුදු
මම තීක්ෂණගේ අකැමැතිම පුරුද්ද තමයි හැමතිස්සෙම නිදාගන්න එක. නිදාගන්න එකට මගෙන් බැනුම් අහනවා. එයාට නින්ද නැතිවම බෑ.
තීක්ෂණ ඇබ්බැහි වුණ දේ
ෆිල්ම්ස් බලන්න තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ. නිතරම ෆිල්ම්ස් බලනවා. රෑ එළිවෙනකම් හරි ඒවා බල බල ඉඳියි.
සමීපම යාළුවෝ
ගොඩක් යාළුවෝ නෑ. මනෝජ් කියලා ඉස්කෝලේ කාලේ ඉඳන්ම හිටපු යාළුවාව තමයි තාමත් ගොඩක් ළඟින් ආශ්‍රය කරන්නේ. ක්ෂේත්රයේ නම් එක්කෙනෙක් කියලා නෑ. හැමෝම ආශ්‍රය කරනවා.
යාළුවෝ අතරේදී
ඇත්තටම තීක්ෂණට ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන්න වෙලාවක් නෑ. යාළුවෝ අතරත් සුපුරුදු චරිතයම තමයි තීක්ෂණගේ තියෙන්නේ. එයා ඉන්න තැන හරිම ජොලියේ ඉන්නවා.
සැබෑ ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද
ඇත්තටම තීක්ෂණ ටී.වී. එකේ ඉන්නවා වගේ තමයි. ගෙදර ඉන්නකොටත් නිතරම හිනා වෙලා ඉන්නවා. එයා බබාත් එක්ක ඉද්දී පොඩි ළමයෙක් වගේ.
විලාසිතාවලට තියෙන කැමැත්ත
තීක්ෂණ හරිම සිම්පල් කෙනෙක්. ගොඩක් විලාසිතා කරන්නේ නෑ. ඒවා පස්සෙ යන්නේ නෑ. ගොඩාක් විලාසිතා කරන කෙනකුත් නෙවෙයි.
තීක්ෂණ යන්න කැමැති තැන්
තීක්ෂණ ගොඩක් ඇවිදින්න කැමැතියි. නිදහස් වෙච්ච ගමන් කොහේ හරි ඇවිදින්න යනවා. එහෙම එක තැනක කියලා යන්නෙ නෑ. ඇවිදින්න තියෙන තැන්වලට තමයි කැමැති.
තීක්ෂණගේ සින්දුවලින් අකැමැතිම සින්දුව
තීක්ෂණගේ සින්දුවලින් මම කැමැතිම නැති සින්දුව තමයි බෝඩිම. ඇත්තටම ඒ සින්දුවේ විෂුවල් එක තීක්ෂණට මැච් වෙන්නෙ නෑ.
(උදාරා ඉන්දිවරි ජිනදාස)
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
