සල්මා හෙයෙක් ඇත්ත කතා කරන්නට බිය නොවන නිළියක්. ඇය මෑතකදී, මෙතෙක් ලොවට හෙළි නොවූ රහසක් හෙළිකර තිබුණා. ඒ, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පිළිබඳවයි.
“මට එයාව මුණ ගැහුණේ ජනාධිපති ධුරයට පත්වෙන්න කලින්. එතකොට මට පෙම්වතෙක් හිටියා. මුණ ගැහුණු මුල්ම වතාවෙදිම එයාට ඕනැ වුණා, මගේ මිතුරෙක් වෙන්න. මගේ ගෙදර ෆෝන් නම්බර් එකත් ඉල්ලා ගත්තා. මාත් එක්ක කොහේ හරි ගිහින් කතාබහ කරන්නත් එයා බලාපොරොත්තු වුණා.” සල්මා මේ කතාව කීවේ, ඇමෙරිකානු ගුවන් විදුලි චැනලයක වැඩ සටහනකට එක්වෙමින්.
දැන් ඇගේ කතාව සමාජ වෙබ් අඩවිවලටත් යොමු වී තිබෙනවා. සල්මා පවසන්නේ ඩොනල්ඩ් ට්රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් තිබුණු බවයි. මෙක්සිකානු සහ හොලිවුඩ් සිනමා නිළියක වන සල්මා තවත් අදහසක් ප්රකාශ කළේ මේ අයුරින්… “ඩොනල්ඩ් ට්රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකරන්න යනවා. මම නම් හිතන්නේ එයාට ඒක කරන්න බැරි වේවි කියලයි.”
පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
