පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ලංකාවට ආ යුතු රේඩියෝ ස්ටේෂන් 7ක්
ඉස්සරහට එන්න තියෙන එෆ්එම්වලට නම් නැතුව ඉන්නව කියල ආරංචි වෙච්ච නිසා අපි හිතුවා අනිවා ඒගොලොන්ට උදවු කරන්න ඕන කියලා. මේ එහෙම වැඩක්. ඕගොලොන්ටත් නමක් හිතුනොත් ඒ කට්ටියට සප් එකක් දෙන්න. හැබැයි ඉතිං කට්ටිය මේ නං ටික දායිද දන්නෙ නැහැ. එනිසා කලබලෙන් මේ රේඩියෝ අහන්න හොයන්න එපා!
1. බොරු FM
දැනුත් මොකද්ද මන්දා එෆ්එම් එකක් ඒකෙ යන හැම සින්දුවක මැද්දටම බොරු වගේ වචනයක් කියනවා. මං ගොඩක් කට්ටියගෙන් ඇහුවා. හැමෝම කියනව එගොල්ලො කරන්නෙ බොරුව වුනාට ඒ කියන්නෙ බොරු කියන වචනෙ නෙමෙයි කියලා. ඒ හින්දා පොඩි බොරුවක් දාන චැනල් එකකට තාම ඒ නම ඉතුරුයි.
2. රේඩියෝ FM
මිනිස්සු සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ල පත්තරේ ඉල්ලන්නෙ අද පත්තරයක් දෙන්න කියලයි. ඒ හින්ද අද පත්තරේ බිහිවුනා. මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නෙ ටීවී එක දාන්න කියලයි. ඒ හින්දා TV1 බිහිවුනා. ඒ විදියටම මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නෙ රේඩියෝ එක දාන්න කියලා නිසා අපි රේඩියෝ චැනල් එකකට රේඩියෝ FM කියන නම යෝජනා කරනවා.
3. කොර FM
සින්දු ඇහුවම බඩ කොරවෙන චැනල් එකකට මේ නම මරු. ඒ කියන්නෙ බොහෝවිට අලුත් සින්දු දාන්න හිතං ඉන්න චැනල් එකකට මේ නම මරු. මිනිස්සු අලුත් සින්දු යන රේඩියෝ චැනල් අහන එකක් නැති වුනාට දැන් හුඟක් අය සල්ලි දීලා තමංගෙ සින්දු දම්මගන්න නිසා මේ චැනල් එකටත් ලාභ වෙයි.
4. පස්ස FM
ඔය ඔළුවට සමාන නම් දාගෙන චැනල් කරන කට්ටියට තරඟයක් දෙන්න මේ නම මරු. මොකද මිනිස්සු ගොඩක් දෙනෙක් ඔළුව පාවිච්චි නොකරට පස්සනං පාවිච්චි කරනවනෙ. ඒ හින්ද රසිකයො ගොඩක් ඉඳීවි. අනික මොනවහරි වැරදුනත් පස්සෙන් කිවුවෙ කියල ෂේප් වෙන්න පුළුවන්නෙ.
5. ලොන්ඩරි FM
මේකනං හරියන්නෙ දේශපාලනේ කරන චැනල් එකකට. ලැජ්ජාවක් නැතුව තමංගෙ දේ කරගන්න මේ වගේ නමක් තියෙන චැනල් එකක් වටිනව. හැබැයි අවුලකට තියෙන්නෙ අහන්නෙ තනිකරම එක් පැත්තකට සපෝට් කට්ටිය විතරක් වීමයි. ඒකනං ඉතිං ඔය අපි අහන්නෙ ලොන්ඩරි FM කියන කට්ටියට දාහ ගානෙ දුන්නහම ගොඩදාගන්න පුළුවන්නෙ.
6. ෂොපින් FM
මේක හොඳ හුඟක් ඇඩ් දාන චැනල් එකකට. ඒගොල්ලොන්ට ෂොපිං ප්‍රෝග්‍රෑම් ටිකකුත් කරන්න පුළුවන්. නමත් ෂොපින් නිසා අසන්නන්ට චෝදනා කරන්නත් බැහැ. මොකද නමේම තියෙනවනෙ මේක ඇඩ් දාන චැනල් එකක් කියලා.
7. අනිවා FM
මේකනං ඉතිං සුපිරි චැනල් එකකට දාන්න වටින නමක්. නමත් අනිවා හින්දා ඉතිං අනිවා හිට් වෙයි. ඊටත් වඩා වෙන මොනවද? හැබැයි අනිවා අනිවා වෙබ් එක වගේම කියන දේ කරන්නත් ඕන. නැත්තං නම කොච්චර සුපිරි වුනත් වැඩක් නැහැ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...






