පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
දැනගෙන අඳිමු DENIM
ගැහැනු පිරිමි භේදයකින් තොරව අද වෙනකොට හැමෝම අඳින ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම. තරුණ පරපුර අතර මෙච්චර ජනප්‍රිය ඩෙනිම් කලිසම 16 වැනි සියවසේ විතර නිර්මාණය වෙලා තියෙන්නෙ ප්‍රංශයේදී. 'සර්ජ් ඩෙ නිම්' කියන පුද්ගලයා විසින් සොයා ගත්ත මේ මෙටීරියල් එක පසු කාලයේ ඩෙනිම් බවට පත්වුණා කියලා අදහසක් තියෙනවා. ඔහු මේ රළු ඩෙනිම් රෙදි රුවල් නැව්වල රුවල් සඳහා භාවිත කරලා තියෙනවා. නමුත් තෙත් වුණාට පස්සෙ බරින් වැඩිවීමත් පාවිච්චිය අපහසු වීමත් නිසා ඩෙනිම් රුවල් පාවිච්චිය නතර කරලා තියෙනවා.
ලෙවී ස්ට්‍රෝස් නිර්මාණය කරපු ඩෙනිම් මෙටීරියල් එක දැන් හඳුන්වන්නෙ "ලෙවිස්" කියලා. සමහර රටවල අය මේක කියවන්නෙ "ලිවයිස්" කියලා. ලෙවිස් ඩෙනිම් තමයි ලෝකෙ තියෙන වටිනාකමින් වැඩිම ඩෙනිම් වර්ගය. මුල් කාලෙ ලෙවිස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ආවෙ නිල් පාට ඩෙනිම් විතරයි. නමුත් 1936 වසරේ ඉඳලා කළු පාට ඩෙනිම් පවා ලෙවිස්ලා නිෂ්පාදනය කරනවා. 18 වැනි සියවසේ ඩෙනිම් නිෂ්පාදනය කරපු මුල්ම කාලෙ ඩෙනිම් ඇඳලා තියෙන්නෙ ඇමෙරිකාවෙ රස්තියාදුකාරයො, කම්කරුවො සහ සංචාරකයො. ඉතින් රළු ඇඳුමක් විදියට සලකන ඩෙනිම් ඇඳුම් වංශවත් රදලයන්ගේ උපහාසයට ලක්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩෙනිම් කියන්නෙ මාස ගණනක් වුණත් හෝදන්නෙ නැතිව අඳින්න පුළුවන් ඇඳුමක්. ඒ නිසා වෙන්න ඇති සංචාරකයන් අතර ඩෙනිම් කලිසම මෙච්චර ජනප්‍රිය වෙන්න ඇත්තෙ.
20 වැනි සියවසේ මුල් කාලෙ ඇමෙරිකානු පාසල් සිසුන්ගේ ජනප්‍රියතම ඇඳුම වෙලා තිබුණෙ ඩෙනිම් කලිසම. ඒ වුණත් 1960 අවුරුද්දෙ ඇමෙරිකාවෙ ඇතිවුණු තරුණ කැරැල්ලෙන් පස්සෙ පාසල් සිසුන්ට ඩෙනිම් අඳින එක තහනම් කළා. ඒකට හේතුවෙලා තිබුණෙ තරුණ කැරැල්ලට සහයෝගය දුන්නු තරුණ තරුණියන් ඩෙනිම් ඇඳුම ඒ අයගෙ ඪජධද එක බවට පත්කර ගත්තු එකයි. ඒ කාලෙදිත් මහන්සි වෙලා වැඩ කරන කම්කරු පන්තිය ඒ කියන්නෙ දුම්රිය සේවකයන්, ගොවීන්, මහාමාර්ගවල වැඩ කරන අය, පතල් කර්මාන්තයේ යෙදෙන අය ඇන්දෙ ඩෙනිම් කලිසමම තමයි.
සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසමක් මාස 15ක් පමණ හෝදන්නෙ නැතිව අඳින්න පුළුවන්. මේක කියන්නෙ අපි නෙවෙයි. ලෙවිස් සමාගමේ වර්තමාන හිමිකරු වන චිප් බර්ග් ෆෝචූන් මහත්මයා. ඔහු මේ ගැන කියන්නෙ කැනඩාවේ ඇල්බේටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයක වාර්තාවකුත් අතේ තියාගෙනයි. ඔහු කියන විදියට නම් ඩෙනිම් ඇඳුම් වතුර සහ සබන්වලින් අෑත් කර තබන තරමට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ලු. ඩෙනිම් කලිසම් පහසුවෙන්ම පිරිසුදු කරගන්න පුළුවන් විදියක් ගැනත් ඔහු කියනවා. ඒ තමයි හොඳින් නවපු ඩෙනිම් ඇඳුමක් පොලිතින් බෑග් එකකට දාලා වතුර යන්නෙ නැති විදියට සීල් කරලා පැය 24ක් ශීතකරණයේ තැබීමෙන් නැවුම් බව සුරැකෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නෙ අලුත්ම අලුත් ඩෙනිම් ඇඳුමක තත්ත්වයට පත්වෙනවලු.
ඩෙනිම් ඇඳුම් නිෂ්පාදනය කරන්න වැඩි වශයෙන්ම යොදා ගන්නෙ කොට්න් රෙදි. සාමාන්‍යයෙන් කොට්න් රෙදි මීටරයකින් ඩෙනිම් කලිසම් 225ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ වෙනකොට වසරකට ලෝක ඩෙනිම් කලිසම් නිෂ්පාදනය කොච්චරක් වෙන්න ඇද්ද? හරියටම කියනවා නම් ඩෙනිම් රෙදි යාර මිලියන 2.5ක් වසරකට නිෂ්පාදනය වෙනවා. වැඩියෙන්ම ඩෙනිම් අලෙවියක් තියෙන්නෙ ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය වගේ රටවල. ඇමෙරිකාවේ විතරක් අවුරුද්දකට ඩෙනිම් කලිසම් මිලියන 450ක් විකිණෙනවා. ගණන් හදලා බලපුවාම ගැහැනු-පිරිමි භේදයකින් තොරව හැම ඇමෙරිකානුවකුටම අනිවාර්යයෙන්ම අවුරුද්දකට ඩෙනිම් 7ක් වත් මිලදී ගන්න ඕනෙ. ඒත් ඒක එහෙමම වෙන්නෙ නැහැ.
ඩෙනිම් කලිසම මුලින්ම නිර්මාණය වුණේ කිසිම හැඩයක් නැති ඇඳුමක් විදියට. නමුත් පස්සෙ කාලෙ ඩෙනිම් කලිසම ටික ටික හැඩ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නෙ ස්ලිම් ෆිට්, ස්ලිම් බැගී, ටයිට් වගේ නම්වලින් වෙළෙඳපොළට ආවා. මේ වගේ හැඩයක් එක්ක ඩෙනිම්ස් වෙළෙඳපොළට එන්න හේතුව වුණේ කාන්තාවන් අතරත් ඩෙනිම් කලිසම ප්‍රසිද්ධ වීමයි. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් කැමැති තමන්ගෙ ඇඟේ හැඩය හොඳට පෙනෙන විදියට ඇඳුම් අඳින්නනෙ. ඒ නිසා කාන්තා සිරුරේ හැඩය පෙනෙන විදියේ ඩෙනිම් වෙළෙඳපොළට එන්න පටන් ගත්තා. ඒ 20 සියවසේ අන්තිම කාලෙදි. මුලදී කාන්තාවන් වෙනුවෙන් ආපු ස්ලිම් ෆිට් ඩෙනිම පසු කාලයේ පිරිමි අය වෙනුවෙනුත් නිෂ්පාදනය වුණා. මේ විදියට තමයි ඩෙනිම් කලිසම හැඩ වුණේ.
අද වෙනකොට ලෙවිස් සමාගමට අමතරව අද රයිෆල්, ගැප්, රැංග්ලර්, ඩීසල් වගේ සමාගම්වල ඩෙනිම් ඇඳුම් සඳහාත් විශාල ඉල්ලුමක් පවතිනවා. කොහොම වුණත් නියම ඩෙනිම් ඇඳුම්වලට අමතරව නියම ඩෙනිම්වල පෙනුමට ඒත් සමට අහිතකර වන විදියේ ඩෙනිම් වර්ගත් අද වෙළෙඳපොළේ තියෙනවා. ඩෙනිම් ගැන විශේෂඥ දැනුමක් තියෙන කෙනකුට නම් මේ දෙකේ වෙනස හඳුනා ගන්න පුළුවන්. අපේ රටේ අඩු ගණන්වලට තියෙන ගොඩක් ඩෙනිම් තත්ත්වයෙන් බාල ඒවා. ඒ කියන්නේ ලෙවිස් කොලිටි එක ඒවාවල නැහැ. සමහර විට ඒ ඩෙනිම් දෙතුන් වතාවක් සෝදනකොට පාට පිච්චෙනවා. නමුත් ඔරිජිනල් ඩෙනිම්වල එහෙම වෙන්නෙ නැහැ. අවුරුදු ගණන් ගියත් පාට වෙනස් වෙන්නෙ නෑ. ඒ නිසා ආයෙත් ඩෙනිමක් මිලදී ගන්න යද්දී බ්‍රෑන්ඩ් නේම් එක ගැන සැලකිලිමත් වෙන්න. ඩෙනිම් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවගේ කරුණුද කියලා ආයෙත් දවසක තවත් ලිපියකින් කියලා දෙන්නම්.
දුලංජලී මුතුවාඩිගේ
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
