පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
නත්තල් ප්‍රසංගෙට කැසිනෝ අවන්හල සනී වෙනුවට අමීෂා ගෙන්නලා
පසුගිය කාලයේ මාධ්‍ය තුළ ප්‍රකට පුවතක් බවට පත්වූයේ බොලිවුඩයේ සරාගී නිළි සනී ලියොන් නත්තල් සමයේ ලංකාවේ සංචාරයක නිරතවන ආරංචියයි.
ඇය පැමිණෙන්නට නියමිතව සිටියේ බෙලීස් කැසිනෝ නමැති කොළඹ ඞීආර් විජයවර්ධන මාවතේ පිහිටි ලියාපදිංචි කැසිනෝ අවන්හලේ ප්‍රසංගයක් පැවැත්වීම පිණිසය.
නමුත් දැන් වාර්තා වන්නේ සනී ලියොන් ලංකාවට ගෙන්වීම අවසන් මොහොතේ එම කැසිනෝ ආයතනය මගින් අත්හැර දමා ඇති බවයි. ඒ වෙනුවට වෙනත් බොලිවුඞ් නිළියක වන අමීෂා පටෙල් ඔවුන් ගෙන්වා ඇත. ඒ අනුව පසුගිය 20 වනදා ප්‍රසංගය පැවැත්වීම පිණිස අමීෂා ලංකාවට පැමිණ එය පවත්වා පසුදාම ලංකාවෙන් පිටව ගොස් ඇත. සනී ලියොන් ලංකාවට ආවේ නැත.
සනීගේ නොපැමිණීමට හේතුව ඇය බෑ කියූ නිසාද නැතිනම් කැසිනෝ ආයතනය ඇය ගෙන්වීම වෙනස් කළ නිසාද යන්න අපැහැදිලිය.
කෙසේ වෙතත් නොවැම්බරයේ සිට එම ආයතනය සනී ගෙන්වන බව කියා ටිකට් පත් අලෙවි කර තිබුණි.
සනී ලියොන් ලංකාවට ගෙන්වන ආරංචිය පැතිරුණ සමයේ මේ ගැන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ කැසිනෝ ප්‍රවර්ධනය පිණිස නිල් චිත්‍රපට නිළියන් ගෙන්වන යුගයක් යහපාලනය යටතේ ඇතිව තිබෙන බවයි. විමල්ගේ ප්‍රකාශය ගැන රජය කිව්වේ එය නිළියකගේ පුද්ගලික සංචාරයක් නිසා ඒ ගැන රජය නොදන්නා බවයි.
සනී ලියොන් ලංකාවේ අයට ආසා බවත් තැඹිලි බොන්නට කැමති බවත් කියමින් වීඩියෝවක්ද අන්තර්ජාලයේ ප්රකටව පැවතිණි.
කෙසේ හෝ අවසානයේ සනී ලංකාවට ආවේ නැත. එම කැසිනෝ ආයතනය දෙසැම්බර් 20 වනදා සනී ගෙන්වන බවට හා පසුව එය වෙනස් කර අමීෂා ගෙන්වන බවට ප්‍රසිද්ධ කළ ප්රචාරක නිවේදන පහතින්,
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

