පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සප්නාට හඬකවන සුබුද්ධි.
'ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්' ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක අවධානය දිනූ සුබුද්ධි ලක්මාලි රංගනයට අමතරව ගායිකාවක ලෙසද නමක් දිනාගෙන තිබේ. මේ දිනවල අතිශය ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යයක් වන සප්නාහි සප්නා චරිතයට හඬකවන ඇය ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් තුළින් ඔබ හමුවීමට සූදානමින් සිටියි. ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇයගෙන් අපි මෙසේ විමසුවෙමු.
Q සුබුද්ධි පුංචි තිරයේ මේ දවස්වල දකිනවා හරි අඩුයි නේද?
ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලි නාට්‍යයෙන් පස්සෙ මම රංගනයෙන් දායක වූ එක නිර්මාණයක්වත් විකාශය වුණේ නැහැ. මම හිතන්නෙ ඒ හින්දා තමයි බොහෝදෙනෙකුට මාව දකින්නට නැති අඩුව තේරෙන්න ඇත්තෙ. නමුත්, මම පසුගිය කාලයේදී නිතරම වේදිකාවේ හිටියා. රතු හැට්ටකාරී හා රඟපෑම් ඉවරයි වේදිකා නාට්‍යයවල අදත් මාව දකින්න පුළුවන්.
Q ටෙලි නාට්‍යවල ඔබ දකින්න නැත්තේ ඇයි?
ඇත්තටම, දීර්ඝ ටෙලි නාට්‍යවලට මගේ ලොකු කැමැත්තක් නැහැ. බොහෝ විට ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවීමට හේතුවත් ඒකයි. අනෙක් කාරණය තමයි මම චරිත තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ නිර්මාණයට මම සම්බන්ධ වෙනවා. ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලි නාට්‍යයට පස්සේ මා සුදත් රෝහණ මහත්මයාගේ ගිරිකුළ ටෙලි නාට්‍යයේ රඟපෑවා.
අදටත් එම නාට්‍යයේ රඟපෑ රම්‍යලතා කියන චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. මේ නාට්‍යවලට අමතරව දිල්ශාන් පතිරත්නගේ ගේ රුවිත හතර කියලා ටෙලිනාට්‍යයක රඟපෑවා. නමුත්, ඒ නාට්‍යය තවමත් විකාශය වුණේ නැහැ. තවත් ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් පමණයි තියෙන්නේ.
Q ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණත් ඔබ චිත්‍රපට කිහිපයක පසුගිය කාලේදී රඟපෑවා නේද?
ඔව්. උපාලි ගම්ලත් මහත්මයාගේ ගුරු ගීතය කියලා චිත්‍රපටයක රඟපෑවා. එයත් තවම ප්‍රදර්ශනය වුණේ නැහැ. ඔහුගේම කළුහිම කියලා තවත් චිත්‍රපටයකට දායක වුණා. එහි රූපගත කිරීම් සියයට 75ක ප්‍රමාණයක් සිදුවුණේ නේපාලයේදී. මම හිතනවා බොහෝදුරට කළුහිම චිත්‍රපටය ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය වේවි කියලා.
Q රංගනයට, නර්තනයට වගේම ගායනයටත් ඔබ දක්ෂයි?
ඔව්. දැනට මම ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. ඒවා එළිදක්වලත් තියෙනවා. මෑතකදී ගීතයක් කරන්න නොහැකි වුණා. නමුත්, පරාක්‍රම ඒකනායක විසින් රචිත නවකතාවක ඔහු විසින් ලියලා තිබුණ ගී පද රචනාවක් පාදක කරගෙන ගීතයක් කළා. එහි මා සමගින් අමිල පෙරේරා ගායනයෙන් සහාය වුණා. දැනට මේ ගීතය යු ටියුබ් හරහා නරඹන්න පුළුවන්. ඊට අමතරව මම දර්ශන රුවන් දිසානායක ඉදිරියේදී එළිදක්වන්නට නියමිත වෙලා තියෙන ඔපෙරාවකටත් දායක වෙලා වැඩ කරනවා.
Q ක්ෂේත්‍ර කිහිපයක වැඩ කිරීම ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි, කෙටි කාලයක් තුළදී හැම ක්ෂේත්රයකටම සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක ගැන. මම කුඩා කාලයේ ඉඳලා ගොඩක් දක්ෂ ගායනයට. කේමදාස සූරීන්ගේ අග්නි ඔපෙරා නිර්මාණයට දායක වීමත් සමග තමයි මගේ කලා කටයුතුවල ආරම්භය සිදු වුණේ. ඊට පස්සෙ ටෙලි නාට්‍යයවලටත්, සිනමාවටත් වේදිකාවටත් සම්බන්ධ වෙන්න ලැබුණා. දැනට හඬකැවීම් කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ගීත කිහිපයක් දැනට කරලත් තියෙනවා. ඉතින් මේ කලා කටයුතුවලට කෙටි කාලයකදී දායක වෙන්න ලැබුණ එක ඇත්තටම මා ලැබූ භාග්‍යයක්.
Q සප්නා ටෙලි නාට්‍යයේ සප්නාට හඬකැවීම් හරහා ඔබ මේ දිනවල ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා?
දැනට මම අවුරුදු 2ක් තිස්සේ මේ ටෙලි නාට්‍යයේ හඬකැවීම්වලට දායක වෙලා වැඩ කරනවා. ගොඩදෙනෙක් මාව අඳුනගත්තේ මෑතකදී. මොකද, මාව අඳුනගෙන තිබුණට බොහෝ දෙනෙකුට මගේ නම තවමත් නුපුරුදුයි. මාව අඳුන ගත්ත අය සප්නා චරිතයට හඬකැවීම සම්බන්ධව මා සමග කතාබහ කරනවා. සුබ පතනවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
