Showing posts with label women. Show all posts

කිරි කවඩියේ දුගී බව නැති කරමු!


ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් තිස්සේ දුගී කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා (sanitary towels/pads/products) නොමිලේ සැපයීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමත් සමගිනි. දැන් ඔබට, මේ කුමන හරුපයක්දැයි සිතෙන්නට ඇත.! කමක් නැත! එහි පුදුමයක් නැත!!

මේ කතා කරන්නේ කාන්තාවන්ට සෑම දින 28කටම වරක් සොබාදහම විසින් පනවා ඇති සොඳුරු දඬුවම ගැන ය. සෑම දින 28කට වරක් ඇයව මව් පදවියට සූදානම් කිරීම පිණිස පරිණාමය විසින් පනවා ඇති සොබාදහමේ වේදනාකාරී නීතිය ගැන ය. ඒ සොබාදහමේ දඬුවම හෝ නීතිය තුළ ඇය මසකට වරක් ආර්තවයට ලක්වන්නීය. එවිට දෙකලවා අතරින් රුධිර ධාරා ගලන්නේය. යටිබඩ වේදනා ගෙන දෙන්නේය. මෙවිට ඇය ඇගේ නිරෝගී බව හඟවමින් ගර්භාෂයේ බිත්තිවල තිබෙන ‘නෙක්රොබයොසිස්’ තත්වයට ලක්වූ හෙවත් ස්වභාවිකව මැරුණු පටක, ලේ ධාරා සමග පිට කළ යුතු වන්නීය. ඉතා සම්ප්‍රදායික බසින් පවසන්නේ නම් මසකට වරක් ඈ ‘ගෙට වන්නී’ය. ඊනියා සුචරිතවාදීන්ගේ බසින් කියනවා නම්, ‘කිල්ලට’ හසුවන්නීය.

ලංකාවේ මෙසේ කිළි වැදුණු ගැහැනියකට දින හතක් ගත වන තෙක් සාස්තරයක් පොරොන්දමක්වත් බලන්නට බැරිය. යන දේවාලයකට යන්නට බැරිය. ඒ ඇය අපිරිසිදු නිසා ය.! කිල්ල නැතත් දළදා මාළිගාවේ පත්තිරිප්පුවට යන්නට ලංකාවේ ගැහැනියකට කොහෙත්ම බැරි නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක්ම නැත. බාගවිට එදා දන්ත කුමරු සමග මාස ගණනක් තිස්සේ කෙස්සේ හංගාගෙන දන්ත ධාතුව ගෙන ආ හේමමාලාට ඒ මාස ගණනේම ඔසප් නොවුණා විය යුතුය...!!

මසකට වරක් කාන්තාවක් මුහුණපාන මේ ඉතා ස්වභාවික සංසිද්ධිය සහ ඒ නිසා ඇය මාසයකට අඩුම වශයෙන් දින 3ක් බැගින්වත් දරා සිටින කායික හා මානසික පීඩාව, ලංකා සමාජයේ ‘ගොම ගතියෙන් යුත් බහුතරයට’ ‘පට්ටා ජෝක් එක’කි. එහිදී කාන්තාවක් ලෙස උපත ලැබීම ඇගේ තෝරාගැනීමක් නොවන බවත්, ඒ නිසා මේ ‘අපහසුතාවය’ ඇයට උරුම එකක් බවත්, ඇය ප්‍රශ්න නොනගා ‘තියෙන හැටියකට’ එය දරාගත යුතු බවත් අපි සිතමු. මේ ‘තියෙන හැටියට දරා ගැනීම’ යන්නට, සනීපාරක්ෂ තුවා භාවිතයේ පටන්, ඒ දිනවලදී ගෙදර අයියාට සහ තාත්තාට වැඩිපුර මුහුණ නොදීමේ පටන්, ලැජ්ජාව පිරුණු කිළිටි රෙදි කඩකින් යටි කය ආවරණය කර ගැනීම දක්වා සියලු දෙයම ඇතුළත් ය.

 අපේ අසල්වැසියා ද එසේය. නමුත් ඉන්දියාවේ සිවිල් සමාජ ව්‍යාපාරය ලංකාවේ එනමින් යුත් මොකක්දෝ එකට වඩා ඉතා ප්‍රබල හෙයින්, ඔවුහු මේ ගැන විවෘතව කතා කළහ. උදාහරණක් වශයෙන් ඉන්දියාවෙන් මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ ‘රුධිර පැල්ලම් බද්ද’ නැති කිරීමට නව නීති ගෙන ආ බවයි. එහි අර්ථය වූයේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක නිෂ්පාදනවලට රජය බදු අය නොකළ යුතු බවයි. ගැහැනුන්ගේ රුධිර බද්දෙන් ආණ්ඩුව මුදල් හම්බ කළ යුතු නැති බවයි. එය ‘ලැජ්ජා නැති වැඩක්’ බව ඔවුහු එළිපිට කීහ. ඒ අනුව සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල පහත හෙළිණි. අද වන විට වාර්තා වන්නේ කාන්තාවන්ගේ ගැබ්ගෙළ පිළිකා අවදානම හඳුනාගැනීම සඳහා ඔවුන් ඔසප් සමයේදී පාවිච්චි කර ඉවත දමන ‘අපිරිසිදු’ පෑඩ්ස් සහ රෙදිකැබලි එකතු කිරීමේ මධ්‍යස්ථාන පවා ඉන්දියාව පුරා ඇතිවෙමින් තිබෙනා බවයි. ඒවායින් ලබාගන්නා ඩීඑන්ඒ සාම්පල ඇසුරින් මෙම ගැබ්ගෙළ පිළිකා පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

ආර්තව දුගී බව මේ වන විට ලෝක පරිමාණයෙන් නැගෙන හඬකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ පටන්  යුරෝපාකරය හරහා නේපාලය දක්වාම ඇතිවූ සංවාදයකි. සමානාත්මතාවය ගැන දෙසූ බුදුන් උපන් නේපාලය, මේ වන විට හද්දා හින්දු රටක් වන අතර, ඒ සංස්කෘතිය තුළ මාසික ඔසප් දිනවලදී ගැහැනුන්ව ගෙදරින් පන්නා දැමේ. ඔවුන් ඒ දින කිහිපය ගත කළ යුතු වන්නේ නිවස අසල හෝ නිවස පෙනෙන මානයෙන් පිහිටි ‘ඔසප් මඩුව’ක ය. ඒ ඔසප් මඩුව බොහෝ විට හරක් ගාලකි. එනම්, ඇගේ නිවසේ ජීවත් වන දෙපා හරකුන් නිසා ඇය රැය පහන් කරන්නේ පිදුරු ගොඩක ය. විටෙක සිව්පා හරක් පැමිණ ඇයව පාගාගෙන යති. සල්ලාලයෝ ඒවාට රිංගා ඇයට අතවර කරති. ඔසප් සමයේ ලිංගික සබඳතා පැවැත්වීමෙන් ගැහැනිය ගැබ් නොගන්නා බව දන්නා නිසා දෙපා තිරිසනුන්ට මෙය බෝනස් එකකි. ඔසප් මඩුවල රැය පහන් කරන නේපාල දැරියන් සර්පයන් දෂ්ට කිරීමෙන් මිය ගිය අවස්ථා ද මේ අතර අසන්නට ලැබේ. දැරියන් පමණක් නොව දරුවන් සිටින ගැහැනුන්ට ද ඒ ඉරණම ම ය. ඔවුහු අතදරුවන් ද කිහිල්ලේ ගසාගෙන මේ ඔසප් මඩුවලට මසකට වරක් යති. හේතුව? ඇය සිටියහොත් ඇගේ කිල්ල නිසා දෙවියන්ට ගෙදර පහන පත්තු කරන්නට බැරි වන නිසා ය.! එපමණක් නොව මේ කාලය තුළ ඔවුන්ට කිරි ආහාර තහනම් ය. එළවළුවක් පවා ස්පර්ශ කරන්නට තහනම් ය. ඒ ඔවුන් ‘කිළිටි’ නිසාය! කාන්තාවන් ඔසප් මඩුවලට දක්කන මේ චාරිත්‍රයට කියන්නේ ‘චහුපාදි’ කියා ය. නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය මේ චහුපාදිය තහනම් කළේ 2005 වසරේ ය. 2008 වසර වන විට නේපාලය මේ සිරිත රටෙන් මුලිනුපුටා දමමියි කියා මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළේය. නමුත් නේපාලයේ පිටිසර ගැහැනුන්ගෙන් 70%ක්ම මේ ලියන මොහොතේදීත් ඔසප් සමයේ රැය පහන් කරන්නේ හරක් මඩුවල ය.

සරස්වතිය කෝප වේ යැයි කියා නේපාලයේ ඇතැම් පළාත්වල දැරියන්ට මේ දින කිහිපයේදී පොතක් පතක් ඇල්ලීමත් තහනම් ය. ඉස්කෝලේ යාමක් කොහෙත්ම නැත. පාසල් ගියත් ඔවුන්ට අන්දවා යවන්නට දුප්පත් රෙදි කඩක් හැර සනීපාරක්ෂක තුවායක් අම්මලාට නැත. ඒවා බැහැර කළ හැකි ක්‍රමයක් පාසල්වල කොහෙත්ම නැත. මේ අතර පසුගිය ජූලි මාසයේ වාර්තා වුණේ තමිල්නාඩුවේ 12 හැවිරිදි පාසල් දැරියක්, සිය ඇඳුෙම් ගෑවුණු රුධිර පැල්ලමක් දැක පන්තියේ නරුම ගුරුවරිය කළ කී දේවල් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් බවයි. මේ නරුම ගැහැනිය මිශ්‍ර පන්තියක සිටි ඉගෙන ගනිමින් සිසුවියගේ ෂල්වාරය ඉහළට ඔසවා පෙන්නන්නට කියා” “පෑඩ් එකක් ගෙනාවේ නැතිනම් මේක තියාගන්නවා” යැයි කියමින් කළු ලෑල්ල මකන ඩස්ටරය ඇයට දිගු කර තිබිණි!! සංඛ්‍යාලේඛනවලට අනුව මෙවැනි නරුම කම් සහ ලැජ්ජාවන් ඉවසනු නොහී ඉන්දියාවේ දැරියෝ වසරකට අවම වශයෙන් තුන්දහස බැගින්වත් සිය පාසල් ගමන අතරමග නතර කරති.

මේ සියල්ල අතරේ ලංකාවේ තත්වය කෙබඳුද..? එම විග්‍රහය ආරම්භ කළ යුතු වන්නේ ලංකාවේ පාසල් දැරිය ඔසප් වීම ආරම්භ කළ දිනයේ පටන්, එනම් ඇය වැඩිවිය පැමිණි දිනයේ පටන් පවතින තත්වයෙනි. මේ ලංකාවේ අගනගරයෙන් සැතපුම් සිය ගණන් ඈත පිහිටි මිශ්‍ර පාසලකින් අදත් ඇසෙන සංවාදයකි.

“අමරාවතී ජම්බු ගහෙන් පැනල!”



“පැනල නෙවෙයි බං” වැටිල!”

“ඒ වුණාට මැරෙන එකක් නෑ බං, අමරාවතීනෙ..”

කොල්ලෝ කොක්සන් දෙති. පාහර කමකින් සිනාසෙති. ඔවුන්ගේ නිමිත්ත ‘ගැහැණු නිමිත්ත’ ය. පන්තියේ ගැහැණු ළමයෙකු පාසල් වේලාවේදී වැඩිවිය පැමිණීම ය. පන්තියේ පමණක් නොව සකල පාසලේම එදින ‘නිව්ස් එක’ එයයි. ගුරුවරියෝ වටවී නළලේ අත් ගසා ගන්නා හැටි පෙනේ. ‘මේ මොන මළ කරදයක්ද’ හෝ ‘මේකි මේක ඉස්කෝලෙදිම කරගත්තනෙ” වැනි කරදරකාරී හැඟීමක් ඔවුන්ගේ මුහුණුවල ලියැවී තිබේ. “සර් කෙනෙක්වත් දැක්කොත් ඉවරයි” යැයි ගෝලු ගන්නා සුචරිතවාදී ගැහැනු ද මේ අතර වෙති.

මේ ගෝත්‍රික කුතුහලය කුමක්ද? ගැහැනු ළමුන් යනු පිරිමි ළමුන්ට අමුතු සත්ව කොට්ඨාසයකි. පිරිමි ළමුන් යනු ගැහැනු ළමුන්ට තනිකරම සත්ව කොට්ඨාසකි. කුඩා කල පටන්ම ලිංගික අධ්‍යාපනයක් නැතිව, සෞඛ්‍යය විෂය නිර්දේශයට තිබෙන ප්‍රජනනය පාඩමත් ‘ගෙදර ගිහින් හිමීට කියවාගන්න” යැයි සෞඛ්‍ය මිස් අහක බලාගෙන කියන රටක විසි එක් වන සියවසේදී මේ තත්වය හැර වෙනත් ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තු විය හැකිද? ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් තනිකරම වෙනස් ලෝක දෙකක වෙන් කර ඇතිදැඩි වන මේ රටේ, පිරිමි ළමෝ අවුරුදු හත අට වනවිට ‘බ්ලූ’ බැලීම ආරම්භ කරති. මේ අතර ගැහැනු ළමෝ...?

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ සෙංකොට්ටං නවකතාවේ පසුකවරයේ සඳහන් වන මාගල්ලවත්තේ වංසාරිදී කිරිඅම්මාගේ ඔවදනෙන් කොටසක් මෙසේ ය. “.... ඔය පිරිමි ජාතිය මහ අමුතු ජාතියක්.. අන්න ඒ හින්ද උඹ ළඟ තියෙන ඔය හක්ගෙඩි දෙකයි පංච බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකම්වලට පරිහරණය කරන්න දෙන්න එපාය..”! 

අද පවා ලාංකීය සමාජයේ හද්දා පිටිසර පමණක් නොව, උගත් යැයි කියන පහළ මධ්‍යම පන්තියේ පවුල් අතර පවා ගැහැණු කම හා පිරිමි කම අතර ඇතිකර තිබෙන විසංවාදයේ තරම කෙතරම් ද යත්, පෙර කී ‘ඊනියා ආච්චිලා’ කෙල්ලන්ට කියා දී තිබෙන්නේ ‘ඒවා ඒ ඒ විදිහට-ඒ ඒ වෙලාවට-අවස්ස ආකාරයට සිද්ද වෙනවාය, ඒ නිසා අනවස්ස දේවල් අහන්ට එපාය, ඒ වෙලාවට අවනත වෙලා උඩ බලාගෙන හිටු” කියා ය. මේ නිසා අදටත් සමහර ගම්බද යුවතියන් දරුවා ලැබෙන තෙක්ම ඒකා එළියට එන්නේ යෝනි මාර්ගයෙන් ද නැත්නම් ගුද මාර්ගයෙන් ද කියා දන්නේ නැත.!! මේ තත්වය ඔබට විශ්වාස කරන්නට අමාරු නම්, ග්‍රාමීය රෝහලක ප්‍රසුතිකාගාරයේ දිගු සේවා කාලයක් හිමි අවංක හෙදියකගෙන් හෙමීට මේ ගැන අසන්න. කෙසේ නමුත් ගම්වල මේ තත්වයට ආච්චිලා කියන්නේ ‘හැදිච්ච කම’ කියා ය.!

සාමාන්‍යයෙන් මේ ‘මාර හැදියාවකින් යුක්ත සංස්කෘතිය’ තුළ ගැහැනු ළමයෙක් වැඩිවිය පැමිණි පසු නැන්දලා, කිරි අම්මලා, ලොකු අම්මලා, ආච්චිලා වටවී “කෙල්ලෙ අද ඉඳන් කැන්දගෙන යනකල් පරිස්සම් වෙයල්ලා“ යැයි කියති. දැන් මේ පරිස්සම් කරගන්නට කියන්නේ අහවල් පංචා බෙල්ලෙක්ද? එකී අහවල් දෙය විවාහය දක්වා පරිස්සම් කර ගත යුත්තේ කාගෙන්ද? පිරිමින්ගෙනි. ඉන්පසු පෙර කී අහවල් දේ පරිස්සම් කරන්නට බෙර වයා - තාල නටා අවසානයේ භාරදෙන්නේ ද එතෙක් කල් ඈතින් තබාගත යුතු යැයි කී පිරිමියෙකුට ය.! විටෙක ඉන්පසු එක වහලක් යටදී එකතු වන්නේ එතෙක් කල් සපුරා වෙනස් ලෝක දෙකක ඇතිදැඩි කළ මද කිපුණු වස්සෙක් සහ මෙලෝ සංසාරයක් නොදන්නා වැස්සියකි!! ඇත්තෙන්ම මේ ලොජික් එකේ ලොකු අවුලක් තිබේ.

මේ රටේ පාසලකදී ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වීම පමණක් නොව, මාසික ඔසප් දිනයේදී ඇගේ සුදු ගවොමේ රුධිර පැල්ලමක් තැවරීම පවා කොල්ලන්ට තලු මරන්නට හේතු සාධක සැපයීම සහ කෙල්ලට එය ජීවිත කාලයටම අමිහිරි අත්දැකීමක් බවට පත්වීම අරුමයක් නොවන්නේ ද මේ අවුල නිසා ය. යම් හෙයකින් ස්කොට්ලන්තයේදී සිදුවුණාක් මෙන් ලංකාවේ ද නොමිලේ සනීපාරක්ෂක තුවා සපයන සංකල්පයක් හෝ වැඩසටහනක් අනාගතයේදී ක්‍රියාත්මක කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුත්තේ පාසලෙනි. එසේ ආරම්භ කරන්නේ නම් හෙවත් ලංකාව තුළ ‘පීරියඩ් පවර්ටි’/ආර්තව දුගී බව පිටුදැකීම වැනි අගනා සංකල්පයක් ප්‍රායෝගිකව මහ පොළොවේ හිටවන්නට නම්, ඒ වැඩසටහන තුළ රටේ ලිංගික අධ්‍යාපනයේ තිබෙන මහ අවුල ගැන අනිවාර්යයෙන්ම සංවාද කළ යුතුය. ලංකාවේ සංස්කෘතියේ මුල් ඇද තිබෙන ‘ගෝත්‍රික ගොම ගතිය’ මැකෙන තෙක් කාන්තාවගේ වේදනාකාරී රුධිර පැල්ලම සහ ඇගේ සිතේ එයින් ඇතිවන ලැජ්ජාසහගත කැළල යන දෙකම තවදුරටත් සමාන පද පමණක්ම වනු ඇත.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

ආසියාවේ නොබෙල් තෑග්ග අපේ දමිළ ගුරු මාතාවකට.

ශ්‍රී ලාංකික දමිළ ගුරු මාතාවකට ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන 2017 රොමොන් මැග්සේසේ සම්මානය හිමිව තිබේ. මේ සම්මානය ලාංකික දමිළ කාන්තාවකට හිමිවූ දෙවැනි අවස්ථාව මෙයයි. යුද්ධය නිසා පීඩාවට පත්වූ දරුවන් සහ කාන්තාවන්ගේ මානසිකත්වය නඟා සිටුවීමට ඇය සිදුකළ කැපවීම සැලකිල්ලට ගෙන ගිත්සි ෂන්මුගම් ගුරු මාතාවට මේ සම්මානය පුදකර තිබේ. මැග්සේසේ පදනම ඇය හඳුන්වා දී ඇත්තේ සිය දේශයේ දරුවනට සැබෑ මාතාවක වූ තැනැත්තියක ලෙසිනි.

රොමොන් මැග්සේසේ සම්මානය මෙයට පෙර 1958 දී කැනඩාවේ උපත ලබා මෙරටට පැමිණි දමිළ කාන්තාවක වන මේරි රත්නම්හට මුල්වරට හිමිවිය. ඉන්පසු 1959 දී ටාසි විට්ටච්චි පුවත්පත්කලාවේදියාටද, 1969දී ආචාර්ය ඒ.ටී. ආරියරත්න හටද, කලාශූරී මංජු ශ්‍රී හට 1979 දීද මර්සලින් ජයකොඩි පියනම හට 1983 දීද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්හට 1988 දීද පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව හට 2001 දීද මෙම සම්මානය හිමිව තිබේ. අවසන් වතාවට 2008 දී මනෝ වෛද්‍ය ආනන්ද ගලප්පත්ති මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මෙම වසරේ ශ්‍රී ලාංකික ගුරුමාතාව සමඟ ජපානයේ යෝෂියා කි ඉෂිකාවා ද ඉන්දුනීසියාවේ අබ්දොන් නඛ්ඛාන්, සිංගප්පූරුවේ ටෝනි ටේ, පිලිපීනයේ අධ්‍යාපන රංග සංවිධානය සහ පිලිපීනයේ ලිලියා ද ලීමා සම්මානයට හිමිකම් ලැබූ අනෙක් පිරිසයි.


දශක තුනක කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවැති යුද්ධය හේතුකොට වැඩියෙන්ම පීඩාවට පත්වූයේ කාන්තාවන් සහ දරුවන්ය. මානසික බිඳවැටීමට ලක්ව සියදිවි නසා ගැනීමේ උත්සාහයන්ට පවා මේ අය යොමුව තිබුණි. යුද්ධය සමයේ මේ අයගේ සිත් පීඩාවන් දුරුකර මනස ගොඩනගා ශක්තිමත්ව සමාජයට මුහුණ දෙන්නට උපකාරී වන සමාජ මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රම හිඟව තිබුණි. ගිත්සි ෂන්මුගම් ගුරු මාතාව සිය සමාජ සත්කාරය අරඹන්නේ එවන් සමයකය.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයත් තේ වත්තක ලිපිකරුවකුගේ දියණියක ලෙස උපත ලද ගිත්සි පෞද්ගලික කාන්තා පාසලක නේවාසිකව ඉගෙනුම ලැබුවාය. ගුරුවරියක් වීම ඇගේ කුඩා කළ සිටම සිහිනය විය. ඒ අනුව ඇය 1967 කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු ඇරඹුවාය. ඒ කාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇතිවූ අතර සුබෝධි ආයතනයට සහ පවුල් සංවිධාන ආයතනයකටද සම්බන්ධ වූවාය. 1983 දී ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ඉවත්ව පූර්ණකාලීනව මනෝ සමාජීය ආධාර කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් කැපවූවාය. ඇය සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ ක්‍රියාකාරිනියක් ලෙස යුද්ධයේ තර්ජන සහිත මායිම් ගම්මාන කරා යමින් උපදේශන කටයුතුවල යෙදුණාය. ගුරුවරුන් සහ ස්වේච්ඡා සේවකයන් පුහුණු කළාය.


යුද වැන්දඹුවන්, අනාථයන් සහ යුද කම්පනයෙන් පීඩාවට පත් දරුවන් හට නැවත ජීවිතය ගොඩනගා ගැනීමට උපකාරී වූවාය. යුද්ධයෙන් පසු සේව් ද චිල්ඩ්‍රන් වෙතින් සමුගත්තද ඇය මත්ද්‍රව්‍ය, ගෘහස්ථ හිංසනය, ලිංගික ජාවාරම්වලින් පීඩාවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වූ සංවිධාන සමග එක්ව කටයුතු කළාය. අසාධාරණයට ලක්වූ තරුණ ප්‍රජාව වෙනුවෙන් ඇය තාවකාලික නිවාසයක් පිහිටුවා තිබේ. 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් කම්පනයට පත් දරුවන් වෙනුවෙන් යෝග්‍ය වටපිටාවක් තැනීමට රජය පිහිටවූ වැඩසටහනක් සඳහා ඇය පාසල් ගුරුවරුන් 80ක් පුහුණු කළාය. ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් විශිෂ්ට වූ කාර්යභාරයක් ඉටුකළ චරිතයක් ලෙස ගිත්සි ෂන්මුගම් පසුගිය වසරේ පරිසරය හා දරුවන් වෙනුවෙන් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන එක්පැට් වෙතින්ද සම්මාන ලැබුවාය. වඩාත්ම විශිෂ්ට කාරණාව වන්නේ ඇයගේ සේවය සිංහල දෙමළ භේදයකින් තොරව ඉටුකිරීමයි.

උතුරු නැගෙනහිර යුද්ධය පැවැති සමයේ හැටවන වියේ පසුවූ ඇය සිය වයස, ජාතිය, කාන්තාවක වීම යන කිසිවක් තුට්ටුවකට මායිම් නොකර අහසින් බෝම්බ වැටෙද්දී නිරන්තරයෙන් කොළඹ හා උතුර වෙත යමින් සහන කටයුතුවල අභීතව යෙදුණාය. යුද්ධයෙන් ආබාධිත වූ සිංහල සොල්දාදුවන් මෙන්ම කොටි ක්‍රියාකාරිකයන් යන දෙපක්ෂයටම එකසේ මානසික උපදේශන සැපැයුවාය.

“මම යුද්ධයේදී කිසිම පැත්තක් ගත්තේ නෑ. වතුකරයෙන් බිහිවුණු දෙමළ දැරියක් වෙච්ච මාව හදා වඩා බලාගත්තේ සිංහල මාතාවක්. මේ නිසා ජාතීන් අතර ලොකු බෙදීමක් මට පුංචි කාලේ ඉඳලාම දැනුනේ නෑ. ආගම ගැන සැලකුවත් එහෙමයි. මම උපතින් ක්‍රිස්තියානි වුණාට මම විවාහ වුණේ හින්දු කෙනෙක් එක්ක. පස්සේ මම එම ආගම් දෙකම අතහැරලා දාලා බෞද්ධ දර්ශනය වැළඳ ගත්තා. නිර්මාංශ ජීවිතයකට හුරුපුරුදු වුණා. මේ නිසා මට පුළුල් දැක්මක් ඇතිවුණා. මම භාෂා තුනම කතා කරනවා. හමුදාව, දමිළ කණ්ඩායම් මට එක වගේ සහයෝගය දුන්නා.” මැග්සේසේ සම්මානලාභී ගිත්සි ෂන්මුගම් ගුරුමාතාව තමන්ගේ සමාජ මෙහෙවර පන්නරය ලද හැටි වැඩි විස්තර කළාය.



“මම ශාන්ත ජෝශප්වල උගන්නන කාලේ පන්තියේ සමහර ළමයින්ගේ හැසිරීමේ අමුතු වෙනස්කම් දැක්කා. ඒ අයගේ මානසිකත්වයේ ගැටලු ඇති බව දැක්කා. ඉතින්, ඉස්කෝලෙන් පස්සේ පැයක් දෙකක් ඉඳලා මේ ළමයින්ට ජීවිතයේ ගැටලු විසඳාගන්න උපදෙස් දෙන්න ගත්තා. ඕක දැක්කා අපේ පාලක පූජකතුමා බෙනඩික් ජෝශප් පියතුමා. එතුමා මාව යොමුකළා වෑවල පිළියන්දල සුබෝධි ආයතනය පවත්වාගෙන ගිය ආචාර්ය මර්වින් ප්‍රනාන්දු පියතුමන් වෙතට. එතුමා තමයි ඒ කාලේ මුල්ම මනෝ සමාජීය ක්‍රියාකාරී සංවිධානයක් පවත්වාගෙන ගියේ. එතැනදී මට මනෝ උපදේශන ගැන හොඳ පුහුණුවක් එතුමන් වෙතින් ලැබුණා. ඒ 1982  වාගේ කාලේ. එතැන් ඉඳලා මට හිතුණා යුද්ධයෙන් පීඩාවට පත්වුණ අයට පිහිටවෙන්න ඕනෑ කියලා. ඉතින් මම පාරට බැස්සා.”

ගිත්සි ෂන්මුගම් ගුරුමාතාව මනෝ උපදේශනය සහ සමාජ සත්කාරය පිළිබඳව ලබාගත් පුහුණුවීම් සහ සහතික ගොන්නකි. ඇය තමන්ගේ උපදේශන කටයුතුවලදී ලත් අත්දැකීම්ද මුසුකොට සමාජ මනෝවිද්‍යා සේවාවන්ට අයත් ලේඛන ගණනාවක්ම පලකර තිබේ. මානසික සහන උපදේශනය සඳහා ඇය (තේපැන් සාද) ක්‍රමවේදයක් 2004 සුනාමි ව්‍යසනයත් සමග හඳුන්වා දී තිබුණි. එය ඉතා සාර්ථක සමූහ මනෝ සහන ක්‍රමවේදයක් බවට ඉක්මණින්ම පිළිගැනීමට ලක්විණි. වීදි දරුවන්ගේ මනස විග්‍රහ කරමින් ඇය (What’s Inside?) නමින් කෘතියක් රචනා කර තිබේ.

“මං හුඟක් දේ ඉගෙන ගත්තා වීදි දරුවන්ගෙන්. ඔවුන් තුළ ජාති ආගම් භේද, භාෂා භේද නෑ. ඒ අයගෙන් අපිට හුඟක් ගුරුහරුකම් ගන්න පුළුවන්. ඔවුන්ට හැමදේම අහිමිවෙලා. නමුත් ඔවුන් එක සහෝදර කල්ලියක් හැටියට සාමූහිකව ජීවිතයට මුහුණ දෙනවා. පිරිමි ළමයි ගැහැණු ළමයින්ට කලිසම් කමිස අන්දවලා කොණ්ඩ කොටට කපලා තමන්වගේ පෙන්නන්න සලස්වනවා. ඔවුන් නිදා ගන්නකොට ගෑනු ළමයි මැදට දාලා පිටපැත්තේ පිරිමි ළමයි නිදාගන්නවා. ඒ තමන්ගේ සහෝදරියන්ව ආරක්ෂා කරගන්න. ඒ අය ළඟ තියෙන ළබැඳියාව සහජීවනය එකමුතු බව අපිට ලොකු ආදර්ශයක්.”


“එකපාරක් මට වීදි දරුවන් කණ්ඩායමක් හමුවුණා. ඒකේ නායකයාට අවුරුදු 17ක් විතර ඇති. එයාට තිබ්බේ සිංහල නමක්. මම ඉතින් මගේ කැඩුණු සිංහලෙන් එයාගේ කතාව අහන්න ගත්තා. ටික වේලාවක් යනකොට එයා හොඳ සුද්ධ දෙමළෙන් කතා කරන්න ගත්තා. මම දෙමළ කියලා එයාට තේරුණා. මම පුදුම වුණා. එයාගේ භාෂා දැනුම ගැන. බලනකොට මෙයාගේ උපන්ගම මන්නාරම. දවසක් රෑ ගේ ගිනිගත්තා. අම්මා තාත්තා ආගිය අතක් නෑ. ගමම එක ගිනිජාලාවක්. කරගන්න දෙයක් නැතිව එයා ඇවිදගෙන ස්ටේසමට ඇවිත්. එතැනින් කෝච්චියට නැග්ගා. ඒක ආවේ කොළඹට. එදා ඉඳන් එයා ජීවත්වෙන්න ලොකු සටනක යෙදුණා. දැන් එයා බැඳලා එහෙම සරුවට ඉන්නවා. මේ ළමයි හැමෝම කල්පනා කරන්නේ තමන්ට අහිමිව ගිය ගෙවල් ඇතුළේ පාසල් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා තමයි ඒක, ඒ අය තුළ හැමදාම තියෙන ලොකු කුතුහලයක්. තමන්ට අහිමිව ගිය ජීවිතයට එබිකම් කර බලන එක තමයි. ඒ ගොල්ලන්ගේ ලොකුම ඕනෑකම. What’s inside වලින් කතා කළේ ඒ ගැන. අන්තිමේදී ඒ අයට තමන්ට අහිමි වූ දේ හොයාගන්න අපි උදව් විය යුතුයි. ගිත්සි ෂන්මුගම් ගුරු මාතාව මැග්සේසේ සම්මානයට පාත්‍ර වූයේ ඇය මේ දරුවන් වෙනුවෙන් ලෝකයක් තනා දෙන්නට සිදුකළ උදාර මෙහෙවර අගයමිනි.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

ඉන්දියාවේ අාරක්ෂාව අතට ගත් රාක්ෂ මන්ත්‍රීනිය.

ඉන්දියාවේ අගමැති මෝදි පසුගියදා සිය ඇමැති මණ්ඩලය උඩු යටිකුරු කළේය. එහිදී සිදුවූ ලොකුම වෙනස වූයේ කවුරුන්වත් නොසිතූ නොපැතූ එකකි. එනම් සමස්ත ඉන්දියාවේ භාරදූරම රාජකාරියක් වන ආරක්ෂක ඇමැති පදවිය ස්ථීරව අති දක්ෂ දමිළ කාන්තාවක වන නිර්මලා සීතාරාමන් වෙත ලබාදීමය. වෙන කිසිවෙක් නොවඇයවත් තමන්ට ඉන්දියාවේ අගමැතිකමට සමාන බලයක් සහිත මේ කැපී පෙනෙන තනතුර හිමිවේ යැයි සිහිනයකින්වත් සිතා තිබුණේ නැත. ඉන්දිරා ගාන්ධි මැතිනියගෙන් පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමැති පුටුව මේ කාන්තාවකට ස්ථීර වශයෙන්ම හිමිවූ ප්‍රථම අවස්ථාවය. හිටපු ආරක්ෂක ඇමැතිවරයා වූ සහ දැනට ගෝවේ මහඇමැතිවරයා වන මනෝහාර් පරික්කාර් මේ පත්වීම ගැන උදම් ඇනුවේ, ඉතාමත්ම විශිෂ්ට තේරීමක් ලෙස දක්වමිනි. මේ තරම් ප්‍රශංසාවක්, විශ්වාසයක් හිමිකරගත් මේ ප්‍රබල දමිළ කාන්තාව, නිර්මලා සීතාරාමන් කවුද?

“මං වගේ අන්තිම අඩියෙන් ආරම්භ කරපු තැනැත්තියකට මේ වගේ ඉහළම තනතුරක් හිමිවුණේ විශ්ව ශක්තියේ අනුග්‍රහයෙන් තමා” යැයි ඇය තමන්ට ලැබුණු ප්‍රබල තනතුරු අදහාගත නොහැකිව ප්‍රකාශ කළාය. තමිල්නාඩුවේ, මදුරාසිවල ජීවත්වූ දුම්රිය සේවකයකු වූ ශ්‍රී නාරායනන් සීතාරාමන්ගේ දියණිය ලෙස ඇය ජීවිතය ඇරැඹුවේ ඉහත කීවාක් මෙන්ම අන්තිම අඩියෙනි. ජවහල්ලාල් නේරු සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය දිනාගත් ඇය සිය දිවිමග සහකරුවාගේ සිතද එහිදීම දිනාගත්තාය. නිර්මලා භාරතීය ජනතා පක්ෂයට ලැදි පවුලක තැනැත්තියක වූ අතර ඇගේ සැමියා පැවත ආවේ කොංග්‍රසයට ලැදි පවුලකිනි. ඇගේ සැමියා පී. ප්‍රභාකර්ගේ පියා ආන්ද්‍ර ප්‍රදේශ්හි කොංග්‍රස් මන්ත්‍රීවරයකු විය. මේ අඹුසැමි දෙපළ කලක් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වන අතර නිර්මලා කුඩා ආයතනයක ලිපිකාරිනියක ලෙස කටයුතු කළාය. නමුත් ඇගේ පර්යේෂණාත්මක දැනුම සහ අත්දැකීම් ඔස්සේ Price water house Cooper නම් වූ ප්‍රබල ආයතනයට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස එක්වන අතර කලක් BBC ලෝක සේවයේද කටයුතු කළාය. නැවත 1991 දී මේ දෙපළ ඉන්දියාවට පැමිණෙන අතර ඇගේ පළමු දරැවා ලැබීම සඳහා සතියක කාලයක් චෙන්නායිවල රෝහලක නැවතී ඉන්නට සිදුවන්නේ රාජිව් ගාන්ධි ඝාතනය හේතුවෙන් පැනනැගුණු විරෝධය හේතුවෙනි. පසුව දුවණියක ලබන ඇය හයිද්‍රාබාදය සිය නිවහන කරගත්තාය. හයිද්‍රාබාදයේ බොහෝ සමාජ කටයුතුවල මුල් තැනගත් ඇය (ප්‍රාණව) නම්වූ පාසලක්ද ඇරැඹුවාය. කාන්තාවන් සඳහා ජාතික කොමිසමේ සාමාජිකාවක ලෙස කටයුතු කළාය. නිර්මලාගේ බොහෝ රාජකීය පත්වීම් මේ අවස්ථාවේ ලැබුණාක් මෙන්ම අහසින් කඩා පාත්වුණාක් මෙන් ලැබුණු ඒවාය.


සුෂ්මා ස්වරාජ්ගේ බලපෑම ඔස්සේ ඇය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ කණ්ඩායමට එක්වන අතර එහි ප්‍රකාශිකාවක බවට පත්වන්නීය. ඒ හේතුවෙන් ඇය නිතර නිතර, රූපවාහිනී සහ ජනමාධ්‍ය ඔස්සේ මුහුණ පෙන්වන ජනප්‍රිය චරිතයක් බවට පත් වූවාය. 2014 මැතිවරණයේදී ඇගේ ජනප්‍රියතාවද උපයෝගී කර ගනිමින් මෝදි බලයට ගෙන ඒමට ඇය විශාල මෙහෙයුමක යෙදුණාය. මෝදිගේ ජයග්‍රහණයත් සමග ඇයට වාසනාව උදාවන්නේය. ඇය වානිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නේය. ඉන්දියාවේ තවත් ප්‍රබල දේශපාලන භූමිකාවක් වන අරුන් ජෙත්ලි යටතේ ඇය මුදල් අමාත්‍යංශයේද කටයුතු කරන්නේය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් අතුරු මැතිවරණය දිනා ඇය පාර්ලිමේන්තුවට එන්නේ පසුකාලීනවය. 2016 දී රාජ්‍ය සභාව සඳහා BJP නියෝජනය කරමින් තරග වදින ඇය කර්නාටක ප්‍රාන්තයෙන් ඉහළ ජයක් වාර්තා කරන්නීය. දැන් කවුරුත් නොසිතූ ලෙස ඉන්දියාවේ පූර්ණකාලීන ආරක්ෂක ඇමැති ධුරය හිමිවූ ප්‍රථම කාන්තාව බවට පත්වීමට ඇයට හැකිව තිබේ.

ඉන්දියාව කලාපීය වශයෙන් දැනට පත්ව සිටින බලය රඳවා ගැනීමේ මහා අලකලංචියට සාර්ථකව මුහුණ දෙන්නට නිර්මලා සීතාරාමන් හට හැකිවේද? යන්න ගැන ඇය තනතුරට පත්වන්නටත් පෙර සිටම මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක විවේචන එල්ල වී තිබුණි. ඉන්දියානු හමුදාව උඩු යටිකුරු කර නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ශක්තිමත් කිරීමටත්, ලෝක ආයුධ වෙළෙඳපළට ඉන්දියානු ලකුණ එක් කිරීමටත්, කලාපයේ බලවතා වීමටත් මෝදිට අවශ්‍යව තිබේ. ඒ සඳහා පූර්ණකාලීන ප්‍රබල ආරක්ෂක ඇමැතිවරයකුගේ බලපෑම ඕනෑ වී තිබුණි. එහෙයින්ම මෝදි තමන්ගේ ප්‍රබලම ඇමැතිවරුන් වන රන්ජිත් සිංග්, අරුන් ජෙත්ලි, සුෂ්මා ස්වරාජ් සහ නිතින් ගාද්කාරි හට මේ වෙලේ ලොකු රාජකාරියක් පැවැරුවේය. ඒ තමන්ට නිත්‍ය ආරක්ෂක ඇමැති ධුරයට සුදුස්සෙකු සොයා දෙන ලෙසටයි. පුරා රාත්‍රී දෙකක් ස්වරාජ්, ජෙත්ලී සහ ගාද්කාරි, රන්ජිත් සිංගේ නිවසේ ගත කළේ මේ බරපතළ රාජකාරිය ඔහුට බාර දෙන්නටය. නමුත් ඒ සාකච්ඡා විසදුම් රහිතව නිමා වූ බව වාර්තාවේ. ඒ අවස්ථාවේ මෝදිගේ හිතට ආ එකම නම නිර්මලා සීතාරාම්ලු! ඇගේ ඇති සේවයට කැපවීම, අවංකත්වය මෙන්ම ඇගේ නමට උචිත නිර්මල පැවැත්ම මෝදිගේ මේ තේරීමට ප්‍රධාන හේතුන් වූ බව කියයි. ජනමාධ්‍ය නිර්මලා හඳුන්වන්නේ (රාක්ෂ මන්ත්‍රීනිය) හැටියටය. දැන් මේ රාක්ෂ මන්ත්‍රිනිය ආරක්ෂක ඇමැතිනිය වී හමාරය. ඉන්දියාවේ යකඩ ගැහැනිය වූ ඉන්දිරා ගාන්ධි ආරක්ෂක ඇමැතිනිය හැටියට රටේ බොහෝ පිරිමින්ට කරන්නට නොහැකි වූ වෙනස්කම් සිදුකළාය. ඇය පාකිස්තානය දණගස්වා බංග්ලාදේශය බිහිකළාය. දැන් ඉන්දියාවේ රාක්ෂ ඇමැතිනිය වැඩ අරඹා තිබේ. ඇගේ ගමන යකඩ ගැහැනියද පරදවන තරම් යක්ෂ වේගයකින් සිදුවනු ඇත.

♦ සුගත් කුලතුංගආරච්චි

“මාව දූෂණය කරනකොට මට අවුරුදු 10යි” ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් කියන සත්‍ය කතා [Video]


නව යොවුන් වියේ පසුවන තරුණියන් 15 දෙනෙකු විසින් රඟ දැක් වූ අමුතුම ආකාරයේ නාට්‍යක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

මෙම නාට්‍ය ප්‍රදර්ශනය වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ ය.

අදාළ නාට්‍ය සඳහා රංගනයෙන් එක් වූ තරුණියන් පිරිස ස්කොට්ලන්තයට පැමිණෙන්නේ ඉන්දියාවේ මුම්බායි සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නාට්‍ය කෙරෙහි ලොව පුරා අවධානයට යොමුවීමට හේතු වී ඇත්තේ මෙහි රංගනයෙන් දායකවන තරුණියන් මුම්බායිහි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන්වීමයි.

‘Laal Batti Expres’ ලෙස නම් කර ඇති මෙම නාට්‍යයෙහි ඇති අනෙක් විශේෂත්වයවන්නේ ඔවුන් එහි රඟ දක්වන්නේ තමන්ගේ සත්‍ය ජීවිත කතාවවන බැවිනි.

ඔවුන් ඒ සියල්ලන්ගෙන් බැහැරවීමෙන් අනතුරු ව සිය දෙමව්පියන්ට සමාව දී තම ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන ආ අයුරු එම නාට්‍ය තුළ දැක් වේ.

කෙසේ වෙතත් කුඩාකාලයේ දැඩි පීඩාවන්ට ලක් වූ එම තරුණියන් ජීවිතයට පැමිණි බාධා ජයගත් ආකාරය ඔවුන් විසින් සමාජයේ පීඩාවට ලක් වූ තවත් තරුණියට ආදර්ශයක් ලබාදීමට භාවිත කිරීම පිළිබඳ ලොව පුරා පැසසුමට ලක් ව තිබේ.

එම තරුණියන් එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය දෙමාපියන්ට සහ තමන් පීඩාවට ලක් කළ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බවයි.

ඔවුන් මාධ්‍ය වෙත දැක් වූ අදහස් පහතින්,


දෙදරු මවක් වූ සොනාලි ලෝකය දිනපු හැටි [Photos]


මේ ඉන්නේ ඉන්දියාවේ සොනාලි ස්වාමි.

ඇය 42 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනකුගේ මවක්.

සෙනාලි මෙවර WBPF තරගාවලියේ Best physique model ඇතුලුව පසුගිය වසර කිහිපයේම විවිධ තරග ජයග්‍රහනය කල ක්‍රීඩිකාවක්.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්…









සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

~ මගේ ඇස අග කියවීම ~ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි...


පළවෙනි කාරණාව මේ ‘ඇගේ ඇස අග’ කියවීම නෙමෙයි. මේ ‘මගේ ඇස අග’ කියවීම.

‘අශෝක හඳගම’ කියන නිර්මාණකරුවා මට සෙට් වෙන්නෙ මම බට්ටෙක් කාලෙදි. ඒ ‘සින්තටික් සිහින’ හරහා. මට මතකයි ඒ කාලෙ ඉවක් බවක් නැතුව ගේ පුරා දුවන්නෙත් හරියට වචනවත් ගළපගන්න බැරුව ‘කොම්බුවක් තරං ඇතී අපේ ලව් බිංදුවේ...සමන්තී’ කිය කිය. කොහොම හරි කාල අවකාශ තත්පර කල්පයක් ගෙවෙනකොට බට්ටා මුහුකුරා ගිය සහෘදයෙක් වෙනවා. මේ ඒ සහෘද සටහන.

හඳගමට මං කැමති ඔහු පොදු නිර්මාණකරුවන් අභිබවා යන ‘ඕල්රවුන්ඩ’ කෙනෙක් නිසා. එහෙම මිනිස්සු මේ දූපතේ අඩුයි. මොකද අපි දන්න හඳුනන සිනමා අධ්‍යක්ෂකවරු බහුතරේට වෙන පොදු කෙළවීම තමයි කතාවෙ පිටපත ඇතුළෙ චරිත විහිදීම එකක් , අදියුරුගෙ හැඟවීම එකක්, එළියට කැපෙන්නෙ තව එකක් වීම. ඒවා බැලුවට පස්සෙ ප්‍රේක්ෂකයා තෝන්දු මාන්දුයි. හඳගම තනි නිර්මාණශීලී ඒකාධිපතිත්වයක් ඇතුළෙ තමන්ගෙ වැඩේ තනියම කරනවා. පිටපතත් මනුස්සයගෙ , කතාවත් මනුස්සයගෙ , අදියුරුත් මිනිහා, සින්දු ලියන්නෙත් මිනිහා. ඒ වගේම ‘වේදිකා පන්නරයෙන්’ රත් වෙලා ප්‍රාසාංගිකව දැනෙන්න වැඩ කරපු ලංකාවෙ අවසන් කිහිප දෙනා අතරෙ හඳගම ඉන්නෙ අතිශය ඉදිරිගාමී තැනක.

අදටත් ලංකාවෙ වෘත්තිමය වශයෙන් ගීත රචකයො යයි කියාගන්න කිසිදු කෙනෙකුට හිතා ගන්නවත් බැරි මට්ටමේ පට්ට රොමෑන්ස් එකක් හඳගම අපිට ඉතුරු කරනවා. මං ආස ඒකට. මේ ‘අතීත කාමය’ ඇතුළෙ කැමති කෙනෙකුට , කැමති විදිහට ප්‍රේමය විසුරවන්න පුළුවන්.

‘ ඔබේ තොල්පෙති වැදී
මගේ නළලේ කොනක
කේශනාලිකාවක් පිපිරුණා
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරේ කරනු මිස...’

ඊට පස්සෙ මගෙ නව යොවුන් විය මතකෙ ‘අක්ෂරය.’ ඒ කාලෙ එෆ් බී , සයිබර් අදහස් තියා ෆෝන් කට්ටක්වත් නැතුව ගෙදට්ට හොරෙන් කැෆේ යන කාලෙ. ඒ කාලෙ තමයි කාලේ! කොහොමහරි ඉතාම අපහසුවෙන් ‘හොර කොපියක්’ තැරැව්කාරයෙක්ගෙන් හොයාගෙන යාළුවො සැට්ටෙකත් එක්කම අක්ෂරය බැලුවා. ‘ඊඩිපස් කම්ප්ලෙක්ස්’ තියා ‘කාජුරාඕ’වත් නොදන්න රටක ඒ වගේ වැඩක් ආයෙ වෙන් නෑ !

සිනමා නිර්මාණ ඇතුළෙ මුසුවෙන හඳගම ලකුණ තියන ගීත වලට වඩා මට සැට් වෙන්නෙ ඔහුගෙ ප්‍රාසාංගික ගීත. මතකෙ නිවැරදි නං ‘මේ පාරෙන් එන්න’ ටෙලියෙ කපිල පූගලආරච්චි කියන ‘සමනලී’ ගීය ඒ වින්දනය මතක් කිරීමක්. සින්දු සාහිත්‍යයට ලව් කිරීමක්.
මගේ ඇස අග , ‘ඇගේ ඇස අග’ දකින්නෙ ප්‍රයෝගික තලයෙන්. එහෙම නැත්නං නිර්මාණය එළියට ආවට පස්සෙ වෙච්ච දේවල් ඇතුළෙ.
මුලින්ම එහි රඟන ‘රීතිකා’ කියන නිළිය සාකච්ඡාවකදි කියල තිබ්බෙ ‘ඇගේ ඇස අග තුළ නිරුවත් වුණේ ඇය නෙමෙයි’ කියල. මට අනුව ඒ කතාවම මේ ජෙනරේෂන් එකේදි ‘නිරුවත් වීමට වඩා භයානකයි’. එතකොට එතැනදි රීතිකාට වඩා ස්ත්‍රී පෞරුෂයක ‘තනි තටුවෙන් පියාඹන්න’ අනෝමට ගටයි - කටයි තිබුණා නේද කියල අපිට මතක් වෙනවා. ඇත්තටම පුහු සාරධර්ම කරපින්නාගත්ත කුහක පසුගාමී සමාජෙක ඈ සදාචාර වලට වැටිය යුතු නැහැ යන්නයි මගේ හැඟීම. රීතිකාගෙ රංගන කුසලතා වගේම ‘බොඩි ලැන්වේජ් ස්කිල්ස්’ හදාගන්න චුට්ටක් ‘රිචා චඩ්ඩා’ වගේ ‘සමාජ ගින්නට බය නැති ඉන්දීය නිළියක්’ දිහා බලන්න කියල මං යෝජනා කරනවා.

ඊළඟට හුඟක් ‘දේශපාලනික මිනිස්සු’ කිව්වෙ හඳගම දර්ශනවාද ඔප්පු කරන්න , හරියට නිගාමී ප්‍රවේශ වල ඉන්නවා වගේ නිර්මාණ කරනවා කියල. මං ඒ කතාවට විරුද්ධයි. මොකද සියල්ලෝම කරන්නෙ ඒ දේ තමයි. දැන හෝ නොදැන තමන් අදහන දැක්ම හෝ ඔළුවෙ තියෙන යුතෝපියාව එළියට ගේන්න හදන එක. එතැනදි ගොන් පාට් වලට ආස ඔළු ගොන් ජෝක් සමාජගත කරනවා. පෙම් පාට් වලට ආස හිත් පෙම් පාට් සමාජගත කරනවා. රජ කතා වලට සහ පාලක වන්දනයට කැමති කොඳු රජ කතා නිර්මාණය කරනවා. අරෙහෙ ‘මජීඩ් මජිඩි’ලා දරුවො අරන් වැඩිහිටියන්ට පවා කඳුළු එන නිර්මාණ කරද්දි මෙහෙ වැඩිහිටි නිර්මාණකරුවො ‘දමිළ ප්ලොට් අරන් පොඩි ස්කෙච් එකක් ගහල’ නිර්මාණ කරල සම්මාන ගන්නවා. මේ හැමදෙයක් අස්සෙම ‘අශෝක හඳගම’ නිර්මාණය තුළ තමන් රැඩිකල් කියල තහවුරු කරන්න හදනවා. ඒක සුන්දර වැඩක්! නමුත් මට දැනෙන විදිහට එතැන තියෙන්නෙ වෙන අවුලක්.

ඒ තමයි සම්ප්‍රදායට ඕකේ වෙලා (විවාහය - පූර්ව කුටුම්බය - සමාජ සම්මත නිලධාරී රැකියාවක්) නඩත්තු කරන ගමන් මේ නිර්මාණකරුවා හැමදාම නිර්මාණ ස්ක්‍රීන් ඇතුළෙ ‘සමාජ සම්ප්‍රදායට පයින් ගහනවා.’ මං කියන්නෙ ඒ පා පහර ක්‍රමයට රිදෙන්න දැනෙන්න නං තව තවත් ලයිෆ් ස්ටයිල්ලෙක ඇතුළෙ නිර්මාණය කරන මනුස්සයා අවංක විය යුතුයි. සියලු කෙලෙස් නැසිය යුතු නැහැ - නමුත් ‘අදහන පරමාදර්ශ වල නියැලෙන - කියන දේ ජීවිතෙන් පෙන්වන’ පුරුද්ද තිබිය යුතුයි. උදාහරණයක් හැටියට ලංකාවෙ වමට කෙළවුණේ 1930 ඉඳන් ඔන්න ඔය ‘දේශපාලන කෑල්ල’ නොතිබුණ හින්දා.

අනික් කාරණේ මට 'ස්වර්ණා' කියන සුදක්ෂ නිළියගෙ මේ ඇස අග රංගනය හැරෙන හැරෙන හැම වෙලේම ඒක ඇතුළෙ ‘ජනාදරී’ව දර්ශනගත වීම. ඒක එක්කො මගේ අවුලක්. එහෙම නැත්නං ඇගේ හෙයා ස්ටයිල් එකේ හරි දෙබස් උච්චාරණ විදිහෙ හරි තියෙන සමානත්වයක්. කොහොම වුණත් මගෙ යෝජනාව හඳගම තව තවත් වෙනස් ස්ත්‍රී හැඩතල , නූතන ලලිත කලා ශරීර ගැන අප්ඩේට් විය යුතු බව. එතකොට මේ මොහොතට සැට් වෙන්න ෆ්‍රෙෂ් පිට සෙක්ස් ෆික්ස් කරගන්න පුළුවන්.

අනික මං ඉතාම කැමතියි හඳගම සතු ඉවසීමට. මල් ඒ වගේම ගල් මොන මොනවා වැදුණත් මනුස්සයා තව කාලෙකින් තව නිර්මාණයක් කරනවා. ඒක ඇතුළෙ ඊට පස්සෙ නව කතාබහක් හැදෙනවා. අලුත් මුහුණු කල එළි බහිනවා. හරසුන් වැඩ වලින් පායලා පායලා කාෂ්ටක වෙච්ච දූපතට මේ මනුස්සයා තෙමෙන්න හරි, යටවෙන්න හරි, ගංවතුරෙ ගිලෙන්න හරි සිනමා නිර්මාණයක් කරනවා. මං හඳගම කියන නිර්මාණකරුවට ආදරේ ඒකයි !

පොට පටලවාගෙන , පැරණි ඇරියස් කවර් කරන්න හදන ප්‍රශස්ත විචාරකයන්ට දුහුනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපි සෙවිය යුත්තෙ ඇගේ ඇස අග මාට්ටුද , ඇලජික් ද කියල නෙමෙයි , ලංකාව තව දුරටත් ලංකා සිතියමේ ප්‍රමාණෙට තියාගන්නවද කියන එක. හඳගම කාලෙකට කලින් ලස්සන කතාවක් කියනව.
‘අපි යන්නෙ වෘත්තයක. ඒ නිසා වෘත්තයක සරන විට පසුකර ගිය දේ නැවත හමුවිය හැකියි.’

මේ නිසා කලබල වෙලා ගල් කැට ගහනවට වඩා නිර්මාණයට අකමැති නං ආයෙ ආයෙ ඒකම අත පත ගෑම , එහි කැටයම් රවුම්ද කියා බැලීම අර්ථ විරහිතයි කියලයි මට හිතෙන්නෙ.

සිනමා නිර්මාණයක් ලියනවට වඩා , අධ්‍යක්ෂණය කරනවට වඩා, රඟපානවට වඩා ලංකාවෙ අමාරුම දේ ඒ නිර්මාණය ප්‍රදර්ශනය කරන එක බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ තාවකාලික ගැප් එකක් අස්සෙ හඳගමට ‘මරාගෙන මැරෙන්න’ තීරණේ කරන්න වෙන්නෙ ඒකයි. අපි සහෘදයො විදිහටත් , විචාරකයො විචාරකයො හැටියටත් , නිර්මාණකරුවො නිර්මාණකරුවො හැටියටත් මුලින්ම ෆයිට් කරන්න ඕනි ‘සමස්ත නිර්මාණ වෙනුවෙන් සාධාරණ ප්‍රදර්ශන අවකාශයක් හදාගන්න.’

‘ඇහැරෙන්න’ නෙමෙයි මං නං කියන්නෙ හුස්ම වැටෙන හැමෝටම මේ නිර්මාණය හුස්ම ගන්න ළඟම සිනමාහලෙන් සීරුවෙන් ‘හැරෙන්න’ කියල !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල












හදිසි ආපදාවෙන් කරළියට ආ කාන්තාවෝ...


ශ්‍රී ලංකාව යනු,ආසියාතික සමාජ, සංස්කෘතික ,දේශපාලනික සහ ආගමික වපසරියක  පිහිටි කොදෙවු මානසිකත්වය ඇති රටකි.සමාජයේ පදනම සකස් වී ඇත්තේ ඉන්දියාවේ තරම්ම නොවුණත් දැඩි ආගමික නැඹුරුවක් තුළය.රටේ දේශපාලනය තීරණය කිරීමේ සාධකය බවටත් මේ වන විටත් ආගම මූලිකව පවතී.සමාජය පීතෲ මූලිකව සකස් වී ඇත.පවුලක පිරිමියා පමණක් රැකියා කළ යුතුය යන  සමාජ මතය තවමත් බහුතරයේ අදහසයි.

නමුත්,මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහලම තනතුරු දරන බහුතරය කාන්තාවන් බවට පත් වී අවසන්ය.අමාත්‍යාංශයන්හි ප්‍රධාන ලේකම් ධුරයේ සිට දිස්ත්‍රික් ලේකම් මෙන්ම ග්‍රාම නිලධාරි (ග්‍රාම ලේකම්) ධුරය දක්වා බරපතල වගකීම් සමුදායක් කාන්තාවන් විසින් දරයි.මෙවර රට තුළ ඇතිවූ ආපදා තත්වයේදී ජනතාවට කඩිනම් සහ නිවැරදි ලෙස සහන සැලසීමට අවශ්‍ය විය.මෙහිදී අපේ නිරීක්ෂණයට ලක් වූයේ සුවිශේෂී සිදු වීම් සමුදායකි.

අමාත්‍යාංශයන්හි ලේකම් ධුර වල සිට දිස්ත්‍රික් ලේකම් මෙන්ම ග්‍රාම නිලධාරි ධුරයන් හොබවන පරිපාලන සේවයේත්/ ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම වෛද්‍ය සේවාවේත්,හෙද සේවාවේත් කාන්තා නිලධාරිනියන් ඉතාම කාර්යශූර ලෙස ස්ත්‍රී පුරුෂ සමාජ භාවයත් නොතකා තම පෞද්ගලික ජීවිතයත් කැප කරමින් දිවා රාත්‍රී නොබලා සේවය කළෝය.ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේත්/විදුලි බල මණ්ඩලයේත් අනෙකුත් රජයේ ආයතන බොහෝමයකත් තත්වය මෙවැනිම වූ බව අපට දැක ගැනීමට හැකි විය.

තොටිල්ල නළවන අත් ජාතිය සවිබල ගැංවීමට වෙර දරන ආකාරය විශ්මයජනකය 'දිවා රෑ නොබලා ආපදා අවස්ථාවේදී රට වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සේවය සැලසූ උත්තම කාන්තාවනි, මේ සටහන තැබුවේ ඔබේ සේවයට අපෙන් කළ හැකි උපහාරය පිදීම වෙනුවෙනි.'


ඉෂාර ලක්මිණ


ශනුද්‍රිට පිස්සු හැදිල, තනියම නටල..



ශනුද්‍රි එක එක කාලෙට එක එක වෙනස්කම් කරනව..ෆේස් බුකියපුරා රගන ශනූ..තනියම රගපු හැටි බලමු


ගැහැනු ළමයින්ගේ බෝඩිමේ ජීවිතේ...


ගැහැනු ළමයෙක් වුණාම පිළිවෙළට අඳින්න පලඳින්න ඕනෑ කියලා අම්මා ඔයාට ඒ කාලේ ඉදන් කියලා ඇති. ඒ අතරේ සමාජයේ ජීවත්වීම ගැනත් ඇය ඔබේ ජීවිතයට ජීවන අත්පොතක් වෙන්න ඇති. ඒත් ඒ ජීවන අත්පොතේ පිටු දවසින් දවස පෙරළා බලන්න කාර්යබහුල දවස දැන් හරස් වෙලා කියලා පිළිවෙළ අවුල් කරගත්තොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඔය ඇතිවෙච්ච හැම ප්‍රශ්නයකම මුලට ගියොත් විසඳුම හොයාගන්න පුළුවන්. ගෙදරින් පිටවෙලා රැකියා ජීවිතවලට හුරු වුණාම ඔය හැමදේටම වෙලාව හරස් වෙනවනෙ.

ඇඳුම් පැලඳුම්

ඇඳුම්වලින් කෙනකුගේ චරිතයක් මනින්න බැරි වුණත් එයින් ඔබේ පෞරුෂයට 60%කවත් වටිනාකමක් දෙන්න පුළුවන්. සේවා ස්ථානයට, උපකාරක පන්තියට, සාදයට යන තරුණියන් එතැනට නුසුදුසු ඇඳුම හින්දා කොච්චර අපහසුතාවට ලක්වෙනවාද ඒත් ඒ අපහසුතා නැති කර ගැනීමට තමන් සතුව හොඳ දැනුමක් තියෙන්න ඕනේ.
තනිවම බෝඩින් ජීවිතයක් ගත කරන ගැහැනු ළමයකුට වඩා තව මිතුරියන් කිහිපදෙනකු එක්ක ඉන්න තරුණියකට ඇඳුමක්, පුයර, විලවුන්, ආලේපන, ආභරණ ආදිය තනි පාවිච්චියට ගන්න එක අමාරු වැඩක්. ඒත් අනෙක් අයගේ ඇඳුම් පැලඳුම් පාවිච්චියට තමන්ම වාරණයක් දා ගන්නවා නම් අනෙක් අයත් ඒකට හැඩගැසේවි. හැබැයි ඔබ ඒ දේට මුල්ම පියවර තියන්න ඕනෑ. එයින් කියන්නේ නෑ කිසිම දෙයක් හවුලේ පාචිච්චි කරන්න එපා කියලා.


මිත්‍ර සංවාද


වැඩපොළේ දහදිය වගුරවලා දහවල් සේවය කරන, රාත්‍රි වැඩමුරයේ නිදිවරන තරුණියක්ට තමන්ගේ දුක සතුට හුවමාරු කරගන්න මොහොත නවාතැන. ඒ වුණත් ඒ හුවමාරුවේදී පෞද්ගලික තොරතුරු අනෙක් මිතුරියටද දැනගැනීමට සැලැස්වීම, විශේෂයෙන් ආදර සබඳතා ගැන. ඒ ගැටලු කතා කිරීමට උදවු ගැනීමට එම මිතුරියන්ව පාර්ශ්වකාරියක් කරගැනීම නොකළ යුතුයි.




රුචි අරුචිකම්


ඔබත් අනෙක් මිතුරියනුත් එකම නවාතැනෙහි සිටියත් එකිනෙකාගේ රුචි අරුචිකම් වෙනස් හින්දා ජීවත්වීමේදී යම් යම් ගැටලු මතු වන්න පුළුවන්. ඒ හින්දම අනෙක් කෙනාගේ කැමැත්ත පිළිගන්නවා නම් මත ගැටුම් අඩුයි. උදාහරණයක් විදියට තමන් කැමැති ටෙලිනාට්‍යය නරඹන්න අකැමැතිවීම වැනි හේතු මේ ගැටලුවට හේතු වෙනවා. ඒ වෙලාවට තමන්ට අකැමැත්තෙන් හරි කරන්න සිදු වෙන්නේ බහුතර කැමැත්තට ඉඩදීමයි.


උදවු උපකාර


ගොඩක් වෙලාවට ගෙදර යන්න නිවාඩු දවස එනකල් ඇඟිලි ගැන ගැන ඉන්න ඔබට නවාතැනේ මිතුරියන්ගෙන් ලැබෙන සහාය ගැන තෘප්තියකුත් ඇති. අම්මා, තාත්තා නොදකින ඉසව්වක තනිවෙලා රස්සාව කරද්දි නිතැතින්ම එන හිත් අමාරුකම්වලට පොඩි ඔසුවක් වෙන්න මිතුරියකට පුළුවන්. හැබැයි ඔබ ඒ අයට කරන උපකාර වගේම ලබාගන්නා උපකාර ද සීමාවක් තියාගන්නවා නම් හොඳයි.




පිරිසුදුකම


තරුණියක් වුණාම පිරිසුදුකම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු නිසාම කිහිපදෙනෙක් එකට ඉන්න ඔබේ නවාතැන පිරිසුදුවට තියාගැනීම හැමෝගේම වගකීමක් වෙනවා. අපිරිසුදු නවාතැන ගැන එකිනෙකාට චෝදනා කර කර ඉන්නේ නැතිව තමන්ම පිරිසුදු කර ගැනීමට ඉස්සර වීම සුදුසුයි.


මුදල් ගනුදෙනු


කීයක් හරි නැති වෙලාවට නවාතැනේ කෙනෙක්ගෙන් ඒක ඉල්ලගන්න එක ගැටලුවක් නොවුණත් තමන්ට දෙන්න බැරි මුදලක් ඉල්ලාගන්න එකනම් නුවණට හුරු දෙයක් නෙවෙයි. දෙන්න බැරි ගාණක් ඉල්ලා ගැනීමෙන් දෙන්නම අපහසුතාවට පත්වෙන්න පුළුවන්.







                                                                      නදීෂ නිර්මාණ හේරත්