Showing posts with label model. Show all posts

අනේ, මම දන්නෙත් නැහැ - යමීශා(Photos)



යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. මේ දිනවල නිරූපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඇගේ තොරතුරු සම්බන්ධයෙන් අපත් සමගින් මෙලෙස දිගහැරියාය.

"ඇත්තටම මේ දවස්වල විශේෂයක් කියලා දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. එයින් එක් ගීතයක් දැනට එළිදක්වලා තියෙනවා. තව අජිත් පෙරේරාගේ ගීතයක් සඳහා දායක වෙලා තියෙනවා. එය තාම එළිදැක්වුණෙ නැහැ. සිරස කුමරිය ඔස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. මගේ යාළුවෙක් තමයි මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණේ. අනේ ඒ ගැන මම දන්නෙවත් නැහැ. කොහොම හරි මේ තරගයෙන් අන්තිම දොළොස් දෙනා වෙනකම් ආවා. මේ වනවිට මට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද තවම අධ්‍යාපන කටයුතු කරන නිසා, ඒ ගැන තාම හිතලා නැහැ"