Showing posts with label Sri Lanka. Show all posts

එකමත් එක රටක...(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


උදෑසන ඇරඹෙයි. ටීවී චැනල ඔන් වෙයි. පුවත්පත් කියවන්නන් ඔළු තුළ ඇති ජාතිවාදී ගූ සියල්ල ජනතාවට ගසයි. ජනතාව ඒවා කැච් එකක් මෙන් අල්ලා රසවිඳියි. පත්තර නොකියවයි.

උදෑසන ගතවෙයි. රසමසවුළු සියල්ල රූපවාහිනියේ ඉදෙයි. රස නහර පෙරළි කරණම් ගසයි. කිසි රසක් නැති කුස්සි පාළුයි.


දහවල එළඹෙයි. ‘තෙරුවන් සරණ අයදින බෝධි පූජා ගී , ‘ලොකු මිල මුදල්’ නෑ නෑ කියා නාහෙන් අඬන හැඬුම් ගී’ ගුවනේ මුසුවෙයි. එක හා සමාන තේරුම් ඇති - සමාන විෂුවල් ඇති - අපහසුවෙන් දඟලන ගායන විලාස ඇති මේවා දැක නංගිලා ජවයෙන් මත් වෙයි. අයියලා මොන සෙල්ලං දැම්මත් ඉජු ඉජු කී ඉක්මනට ළඟට කැන්දන විෂුවල් ලෝකය හැබෑ පොළොවට වඩා මොන තරං ෂෝයිදැයි සිතයි.

දහවල ගෙවෙයි. සුන්දරත්වය හිමි ජීවිත විකාශය කෙරෙන ෆිල්ම් වල පමණක් සිටියි. සැබෑ ජීවිත මහ පාරේ ගිනි අව්වේ කරවෙයි.

හැන්දෑව පැමිණෙයි - ගෙවෙයි. හුස්ම ගන්නා වීරයන් නොමැති හේතුවෙන් කාටුන් ජීවිත දරුවන්ගෙ ලොව රජවෙයි. දරුවෙක් පාසලේදී තමන්ගෙ වීරයා ගැන ලියන්නැයි කී විට මෙසේ ලියා තිබෙයි. මගේ වීරයා සෝනික්. එයා හැමදාම දිනයි. පරාජය නොවෙයි. ඒ කොණ්ඩය තියෙන විදිහට මං ආසයි. මගේ වීරයාට බුදු සරණයි.

රාත්‍රිය සැරසෙයි. සුටු සුටු ගා සියලු වැඩ හමාර කොට මව්වරු දූවරු හා පුතුන් සාලයට රැස්වෙයි. ‘ඊයෙ අරකිට මොකෙයි වුණේ පැනල ගියැයි ?’ මිත්තණිය අසයි. ‘පිස්සුද පැනල යන්න ඔන්න මෙන්න තියෙද්දි බඩු මාට්ටු’ චූටි නංගී උත්තර දෙයි. හඬා දොඩා හඬ කැවූ ඉෂිතාගේ සුදු මූණ ඉඹ ඉඹ මෙහෙ මූණු බුකවගෙන නින්දට යයි.

උදෑසන එළඹෙයි. අලුත් දවසක පරණ සිද්ධි සියල්ල නැවත නැවත - නැවත නැවත සිදුවෙයි !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












හදිසි ආපදාවෙන් කරළියට ආ කාන්තාවෝ...


ශ්‍රී ලංකාව යනු,ආසියාතික සමාජ, සංස්කෘතික ,දේශපාලනික සහ ආගමික වපසරියක  පිහිටි කොදෙවු මානසිකත්වය ඇති රටකි.සමාජයේ පදනම සකස් වී ඇත්තේ ඉන්දියාවේ තරම්ම නොවුණත් දැඩි ආගමික නැඹුරුවක් තුළය.රටේ දේශපාලනය තීරණය කිරීමේ සාධකය බවටත් මේ වන විටත් ආගම මූලිකව පවතී.සමාජය පීතෲ මූලිකව සකස් වී ඇත.පවුලක පිරිමියා පමණක් රැකියා කළ යුතුය යන  සමාජ මතය තවමත් බහුතරයේ අදහසයි.

නමුත්,මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහලම තනතුරු දරන බහුතරය කාන්තාවන් බවට පත් වී අවසන්ය.අමාත්‍යාංශයන්හි ප්‍රධාන ලේකම් ධුරයේ සිට දිස්ත්‍රික් ලේකම් මෙන්ම ග්‍රාම නිලධාරි (ග්‍රාම ලේකම්) ධුරය දක්වා බරපතල වගකීම් සමුදායක් කාන්තාවන් විසින් දරයි.මෙවර රට තුළ ඇතිවූ ආපදා තත්වයේදී ජනතාවට කඩිනම් සහ නිවැරදි ලෙස සහන සැලසීමට අවශ්‍ය විය.මෙහිදී අපේ නිරීක්ෂණයට ලක් වූයේ සුවිශේෂී සිදු වීම් සමුදායකි.

අමාත්‍යාංශයන්හි ලේකම් ධුර වල සිට දිස්ත්‍රික් ලේකම් මෙන්ම ග්‍රාම නිලධාරි ධුරයන් හොබවන පරිපාලන සේවයේත්/ ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම වෛද්‍ය සේවාවේත්,හෙද සේවාවේත් කාන්තා නිලධාරිනියන් ඉතාම කාර්යශූර ලෙස ස්ත්‍රී පුරුෂ සමාජ භාවයත් නොතකා තම පෞද්ගලික ජීවිතයත් කැප කරමින් දිවා රාත්‍රී නොබලා සේවය කළෝය.ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේත්/විදුලි බල මණ්ඩලයේත් අනෙකුත් රජයේ ආයතන බොහෝමයකත් තත්වය මෙවැනිම වූ බව අපට දැක ගැනීමට හැකි විය.

තොටිල්ල නළවන අත් ජාතිය සවිබල ගැංවීමට වෙර දරන ආකාරය විශ්මයජනකය 'දිවා රෑ නොබලා ආපදා අවස්ථාවේදී රට වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සේවය සැලසූ උත්තම කාන්තාවනි, මේ සටහන තැබුවේ ඔබේ සේවයට අපෙන් කළ හැකි උපහාරය පිදීම වෙනුවෙනි.'


ඉෂාර ලක්මිණ


ක්‍රිකට් කාන්තාවෝ රට හොල්ලා කොදෙව්වෝ පරදයි. - SLvsWI


ශෂිකලා සිරිවර්ධනගේ ඇති විශිෂ්ට ලකුණු 42ත් සමග ඊයේ R. Premadasa පිටියේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින තරඟයේ කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.



ICC කාන්තා ශුරතාවයේ ඔවුන් ලැබූ ප්‍රථම ජය මෙයයි.
පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 42.3 කදී සියල්ලන්ම ලකුණු 124කට දවාගැනීමට ලංකා කාන්තාවෝ සමත් විය.
මෙහිදී Stefanie Taylor (43) සහ Kycia Knight (28) පමණක් වැඩි ලකුණු ලෙස ලබාගැනීමට සමත් විය.




ලංකා කාන්තාවෝ මෙම ලකුණු සීමාව පන්දුවාර 39.2 කදී ලකුණු 127ක් ලෙස පසු කරන්නට සමත් විය.
ශෂිකලා සිරිවර්ධනගේ අගනා පිතිහරඹයක ප්‍රතිඵලය ලෙස මෙම ජයග්‍රහණය ලබාගත හැකි වූ අතර යශෝධා මෙන්ඩිස් ද ලකුණු 27කින් ප්‍රබල සහයක් දැක්වීය.