Showing posts with label Entertainment. Show all posts

සක්කාරං හොදම තේරීම කවුද?



ධර්මසේන පතිරාජ කලාකරුවානන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ නවතම සිනමා නිර්මාණය ලෙස 'සක්කාරං' දැන් තිරගත වේ.එහි කතා අර්ථය වඩාත් ලාංකේය ජන සමාජයේ සිදු වූ විපර්යාසයන්ට19 වන සියවස වග කිව යුතු බවක් හගවයි.එය 'සොක්කන් ලොක්කන්වූ වගයි' පර්යේෂණ කෘතියේත් හෙළිදරව් කරතිබුණු කාරනයකි.එම කතාවට සමාන කතාවක් 'සුදු සෙවණැලි' සිනමා කෘතිය තුළින්ද මීට පෙර ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත සමීප කොට තිබුණි.කතා අර්ථයේ කිසිදු ගැටලුවක් නැත.

මෙම සිනමා කෘතිය මගින් වර්තමාන සමාජ සන්දර්භය පිළිබදවත් නැවත වරක්  සිතන්නට ප්‍රේක්ෂකයා යොමු කරවන සුළුය.එහෙත් ගැටලුව සිනමා කෘතියේ කාන්තා චරිත නිරූපණය ලාංකේය යොවුන් සිනමා ප්‍රේක්ෂකාගාරය එක එල්ලේ වැළද ගනියිද යනුයි?ලාංකේය ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තුවන ප්‍රේමවන්තිය වූ 'රතී' ලිංගික හැගීම් උද්දීපනයට නම් දරාපු නිළියකගේ ස්වභාවයකි.ඒ සදහා නවක නිළියක යොදා ගැනීමේදී චන්න පෙරේරා කලාකරුවා/ජැක්සන් ඇන්තනි කලාකරුවා සිදු කළ පරිදි  විකල්පයන්ට යා යුතුව තිබුණිනම්(නිළියන්ගේ නම් සදහන් නොකරමි...හිස් තැන ඔබ පුරවා ගන්න මතකයට ඉඩ දී...)ලාංකේය  ප්‍රේක්ෂකාගාරය වැල නොකැඩී 'සක්කාරං' වැළද ගැනීමට ඉඩ  තිබුණි...

සංවාදයට විවෘතයි.......

ඉෂාර ලක්මිණ 













සමන් ලෙනින් කල්‍යාණි නංගී ගැන මෙසේ ගයයි...





සමන් ලෙමින් යනු,ලාංකේය ජන ගී ආශ්‍රිත ජන විඤ්ඤාණාත්මක ප්‍රවේෂය තුළ නූතන තාරුණ්යයේ සලකුණ ලෙසින් සරලව හැදින්විය හැක්කේය.ඔහු විසින් සිදු කරන ජන ගී පර්යේෂණ මෙන්ම නව නිර්මාණ අතර මේ දින වල කතා බහ සිදු වන "කළ්‍යාණි නංගියේ" ගීතය පිළිබදව ඉදුනිල් සිංදු තැබූ සටහනක් ඔබ වෙනුවෙන් මෙසේ ගෙන ඒමට අවසර,

ඉෂාර ලක්මිණ



කළ්‍යාණි නංගියේ
රාජාංගනේ ජනපදේ
නන්ද කුමරා මමයි හන්දියේ
නේත්තරා පල් මං ආදරෙයි

පංච කළ්‍යාණ යෞවනය දැවිලා ගිහින්
නව දැළි හේනේ කණු මුල් ලෙසින්
ලිප මුල්ලේ හෙලුවාට ඔය හද සුසුම්
කවදාක රත්වේද පඩුපුල් අසුන්


දිව්‍ය සල්පිලට මං හොයති සුරදූති
යෝස්වර්ණ ජාලාව බැදි රූ ලෙසේ
ඒ පුසුඹ ආවාට ත්‍රී වීලරේ
නුඹ ප්‍රේමේ මට රම්‍ය තුසිතය වගේ


ගැයුම : සමන් ලෙනින්
ලියුම: නයනසේන වන්නිනායක
වැයුම : දර්ශන වික්‍රමතුංග



වත්මනේදී සාහිත්‍ය ප්‍රතිභාව පෑළ දොරින් පැනයන යුගයක අපි සාරවිට මගින් සාහිත්‍ය රසයෙන් අනූන ගීත රැසක් දායාද කරලීමට තීරණය කළා. එනම් ගුවන් විදුලි මාධ්‍ය මගින් නෑසෙන සාහිත්‍ය රසයකින් යුත් සොඳුරු ගීත ඔබ වෙතට තිළිණ කරලීමයි. අප මේ කියන්නට යන ගීතය මේ ගීතය තුලත් පැරණි සාහිත්‍යයේ බණ කතාවල එන සංකල්පීය චරිත වර්තමානයේ අපට මුණ ගැසෙන චරිත හා සමරූපී කරන්නට නයනසේන වන්නිනායක නම් රචකයා දක්වන්නේ අපූරු ප්‍රතිභාවක්. මෙහිදී ඔහු ජනපද කළ්‍යාණි කතා පුවත වර්තමාන පුවත හා අපූරුවට බද්ධ කරනවා. වර්තමාන කළ්‍යාණි වෙසෙන්නේ රාජාංගන ජනපදයේ.

එහි ඇති කටුක පාරිසරික ලක්ෂණ මේ කළ්‍යාණිය විදින අනේක විධ දුක්ඛ දෝමනස්සයන් රාජාංගන ජනපදය යන සංකේත නාමය ඒ තුලට සාරාංශ කෙරෙනවා. ඇයට පෙම් බදින නන්ද කුමරා යනු බුදුන්ගේ ඥාතියා නොව රාජාංගනය හන්දියේ ත්‍රීවීල් පදවන නන්ද නම් වූ තරුණයා. මෙය තියුණු උත්ප්‍රාසයක්ද ජනනය කරනවා. මෙවන් ගීයක සාහිත්‍ය රසය හා බැඳුණු භාවාකල්ප කෙබඳුදැයි විමසා බලන්න...




සටහන ඉඳුනිල් සින්දු



බල බලා සිටි රයිනිගේ 'නොබලා' (VIDEO)


පසුගිය කාලයේ රූප රචනයක් නොතිබුණ ද රයිනි චාරුකා ගුණතිලකගේ "නොබලා මා දිහා" ගීතය බොහෝ ජනප්‍රිය ගීතයක් බවට පත් ව තිබිණ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල වාර්තා වූ තොරුතුරු හේතුවෙන් එහි රූප රචනය දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් උනන්දු විය.

එම වීඩියෝව මේ දිනවල මාධ්‍යවල සහ අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින අතර එම ගීතයේ ම male version සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු විය.

ඒ සම්බන්ධයෙන්  මීට පෙර මාධ්‍ය වෙත අදහස් දැක් වූ රයිනි චාරුකා, "අපි වීඩියෝ එක කරන්න තීරණය කර ගත්තා එකම Story එක Movie එකක් වගේ. ඉතිං දැන් Movie එකේ First Part එක තමයි 'නොබලා මා දිහා'  Male Version එක අපි දාලා තියෙන්නේ Video එකට. පළවෙනි කොටසෙන් පස්සේ තමයි මගේ කතාවේ ඉතුරු ටික එන්නේ මගේ Version එකත් එක්ක. ඉතිං පොඩි Confusion එකක් හැමෝටම. හැබැයි ඒක අපි දෙන්නාම එකට Release කරලා එකට වැඩකරන සිංදුවක්." යනුවෙන් සඳහන් කළා ය.

රයිනිගේ ගීතය පහතින්.


Piyumi Hansamali Birthday Celebration





12345678911121314151617181920212324252627282930313233343536