පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
featured
Interviews
Vinu Udani Siriwardana
'මම රංගන ශිල්පිනියක් නොවුණා නම් බැංකු ක්ෂේත්රයේ ඉඳීවි' : විනූ සිරිවර්ධන
'මම රංගන ශිල්පිනියක් නොවුණා නම් බැංකු ක්ෂේත්රයේ ඉඳීවි' : විනූ සිරිවර්ධන
කාලෙකින් සිනමාවත් එක්ක සම්බන්ධ වුණේ නැද්ද විනූ?
මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතව තියෙනවා. තිර ගත වෙන්න තියෙන චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.
විනූ කියන්නේ ?
ගොඩක් හොඳ කෙනෙක්.
වෘත්තිය විදියට කරන්නේ?
මේ වනකොට රංගන ක්ෂේත්රයේ තමා නියැලිලා ඉන්නේ.
ඒ කියන්නේ නිළියක් විදියටයි වැඩ කරන්නේ?
රංගන ශිල්පිනියක්.
රංගන ශිල්පිනියක් නොවුණා නම් අද විනූ කවුද ?
බැංකු ක්ෂේත්රයේ ඉඳීවි.
ඇයි ඒ ක්ෂේත්රය තෝර ගන්නේ?
මම උසස් පෙළ හැදෑරුවේ වානිජ අංශයෙන්. ඉතින් මේ වෙනකොට සමහර විට බැංකු ක්ෂේත්රයේ රැකියාවක් කරයි මම.
ඇයි ඒ හීනයට යන්න බැරි වුණේ?
ඒ හීනෙට යන්න බැරි වුණේ නැහැ. මම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබලා තිබුණේ. නමුත් ඒ වෙනකොට මම හිටියේ චීනයේ Miss Tourism International තරඟාවලියට සහභාගී වෙලා. ඉතින් විශ්ව විද්‍යාල ප්රවේශයේ මුලික තෝරාගැනීමේ පරීක්ෂණයට මට සහභාගී වෙන්න බැරි වුණා. ඊට පස්සේ මම වැඩිපුර අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයත් එක්ක සම්බන්ධ වුණා. පස්සේ මට මේ ක්ෂේත්රයට එන්න Miss Sri Lanka කිරුළ ලැබුණා. ඒ හරහා මට රංගන ක්ෂේත්රයට එන්න දොරටු විවර වුණා. ඒ ලැබුණු දේ සතුටින් භාර ගත්තා.
පොඩි කාලේ ආසාව තිබුණේ ?
පොඩි කාලේ නම් වෛද්යාවරියක් වෙන්න ආසාව තිබුණා. ඒත් A/L කරද්දී ඒ ආසාව වෙනස් වුණා. පස්සේ ඉතින් අහඹු ලෙස මේ ක්ෂේත්රයට වාසනාව ලැබුණා.
කලාව ඇතුළේ වැඩිපුරම විනූ ඉන්න කැමැති ක්ෂේත්රය?
ඔයා මගෙන් කලින් වෘත්තිය ගැන අහද්දී මට එක වෘත්තියක් කියලා නියෝජනය කරන්න බැහැ. මොකද මම වෘත්තීන් කිහිපයක් නියෝජනය කරන කෙනෙක්. රංගන ක්ෂේත්රය වගේම නිරූපණ ක්ෂේත්රයේ කිරුළක් සමඟින් එන නිසා ක්ෂේත්‍ර ගණනාවක දොරටු විවෘත වුණා. වැඩිපුරම කාලය වෙන් කරන්නේ රංගන ක්ෂේත්රයට. ඊට අමතරව නිරූපණ ක්ෂේත්රයේ වැඩ කෙරෙන්නේ. ඒ දේවල් එක්ක බැලුවොත් මම වැඩිපුරම කැමැති සිනමාවට. මම කරන වැඩටික සමබරව කර ගෙන යනවා.
විනූ ට වඩාත්ම ගැළපෙන චරිතය ?
මට ගොඩක්ම ලැබිලා තියෙන්නේ පෙම්වතියක් විදියට රංගනයෙන් දායක වෙන්න. වෙනස් චරිතයක් විදියට දායක වුණේ ජැක්සන් ඇන්තනී මහතාගේ සී රජ ටෙලි නාට්‍යෙය් සීගිරි අප්සරාවක් විදිහටයි. මටත් වඩා මගේ මව ගොඩක් කැමැතියි ඓතිහාසික කතා පුවත් වලට රංගනයෙන් දායක වෙනවට. සීගිරි අප්සරාවී කියන ස්වරූපයට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.
වැරැදිලාවත් විනූ දේශපාලනයට අවොත් පක්ෂයක් විදියට තෝරා ගන්නේ ?
දේශපාලනය ගැන අදහසක් නැත.
විනූ fashion කරන්නේ කාටවත් ඕන විදියට ද.. නැත්නම් තමන්ට ගැළපෙන විදියට ද?
මම කරන්නේ මට ගැලපෙන විදියට. කාගෙවත් වුවමනාවට කියලා fashion කරන්නේ නැහැ. මම fashion කරද්දී මගේ මව අනුමත කරන fashion විතරයි මම කරන්නේ.
විනූට ජනප්‍රියත්වය වැඩි කර ගන්න අවස්ථාව ලැබුණොත්, ඒ සඳහා තෝරා ගන්න මාධ්‍ය ?
මම මේ වෙනකොට ක්ෂේත්රයේ යම් කිසි නමක් හදා ගෙන ඉන්නවා වගේම හොඳ තැනක ඉන්නවා. ඉතින් ඒ තැන ගැන ගොඩක් සතුටුයි. ජනප්‍රියත්වය වැඩි කර ගන්න කියලා මට අමුතු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හැමදේම කරන්නේ මගේ ආත්ම ගරුත්වය රැකගෙන. මට ඉදිරියේදී නැවත ක්ෂේත්රයෙන් ඉවත්වෙලා හෝ ඈත් වෙලා හරි, නැවත ක්ෂේත්රයට එන්න අවශ්‍යතාවක් තිබුණත්, එහෙම කියලා මට අමුතුවෙන් මම කවුද කියලා වෙනත් අයට අලුත් නමක් හදාගෙන එන්න ඕන කියලා හිතන්නෙ නෑ . මම හිටපු තැන ඒ ආකාරයෙන්ම නැවැත්තුව තැනින් පටන් ගන්න කෙනෙක් මම.
විනූ ගේ ජනප්‍රියත්වයේ රහස?
මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය කෙනෙක් (චරිත හරහා). තිරයෙන් පිටුපසින් ගත්තත් මම ඕනෑම කෙනෙක් එක්ක හරිම සමීප කෙනෙක්. කතා බහින් ගත්තත් එහෙමයි. ඉතින් ඒ දේවල් එක්ක ගොඩක් අය මට ආදරෙයි.
නිරුවත මාකට් කිරීම ගැන ඔබේ අදහස?
මම ඒ දේ තුළ කිසිම හොඳක් දකින්නේ නැහැ. මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. මම ඒ දේ අනුමත කරන්නේ නෑ.
රංගන ශිල්පිනියක් විදියට තමන්ව මාකට් කරන්න පුළුවන් හොඳම විදිය ?
මම දකින්නේ ගොඩක් අය මාකට් කර ගන්න හදන්නේ තමා පිළිබඳ ජනතා ප්‍රසාදයක් නැති වුණොත් තමා වෙනත් මාර්ගයන් වලින් ප්‍රසිද්ධ වෙන්න බලන්නේ. නමුත් මගේ ජිවිතේ ප්‍රසිද්ධියට වඩා ජනප්රියත්වයටයි තැන තියෙන්නේ. ප්‍රසද්ධ වෙන්න නම් ඕන තරම් විදි තියෙනවා නමුත් ජනතාවගේ ආදරය දිනා ගන්න නම් ජනතාව ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනෑ.
තාමත් විනූ ගේ ආදරේ ගැන මාධ්‍යට කියන්න අකැමැති ඇයි?
අවශ්‍ය වේලාවේදී ඒ ගැන මාධ්‍යට කියනවා. මේ ඒකට සුදුසු කාලය නෙමෙයි.
[නිලුපුලි සඳකැලුම් | රසඳුන]
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
