පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
'තාම කටකතාවක් හැදිලා නෑ' : රංගන ශිල්පිනී ටනාෂා සතරසිංහ.
තාරුණ්‍ය ජනප්‍රියත්වයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටනාෂත් එක්කයි අද හැඩ වෙන්නේ. නුදුරු දිනකදී සිරස නාළිකාව ඔස්සේ 'කුරුලු' ලෙසින් ඇය ඔබේ නිවෙසට පියඹා එන්න සුදානමින් ඉන්නේ. ඒ ගමන ගැන වගේම අලුත් තොරතුරු දැන ගන්නත් එක්ක අපි ඇයට කතා කළා.
ටනාෂා සද්ද බද්ද නැතුවම අලුත් වැඩකට අත ගහල වගෙයි?
මෙහෙමයි. අලුත් ටෙලි නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.
ටනාෂා කලින් ඉඳන්ම ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙන්නේ නැහැ කිව්වා නේ. දැන් ඒ තීරණය වෙනස් කළා ද?
ඇත්තටම මං හිතුවේ කරපු චිත්‍රපට දැන් එන්න තියෙනවා. 'නීල පබළු' කියන්නේ මගේ අලුත්ම ටෙලි නිර්මාණය. මේ කතාව ඇහුවට පස්සේ මට ගොඩක් ආස හිතුණා. අනිත් එක මේ ටෙලි නාට්‍යය විකාශය වෙන්නේත් සිරස ටීවී එකේ. ඒ නිසා මට ගොඩක් කැමැත්තෙන් නීල පබළු ටෙලි නාට්‍යය භාර ගත්තා.
ටනාෂාට නිවේදනය කියන දේ හරි ගියද වැරැදුනාද?
නිවේදනය හරි ගියාද වැරැදුනාද කියලා අහන්න වෙන්නේ අහගෙන හිටිය ප්රේක්ෂකයන්ගෙන් තමයි.
නිවේදිකාවක් ලෙස ඔබ සාර්ථකයි කියා සිතනවාද?
මට හිතෙන විදියට, මට අනිත් අයගෙන් ලැබුණු ප්‍රතිචාර එක්ක මම සාර්ථක වුණා කියලා හිතනවා.
සමහරු නම් කිව්වේ බැරි වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටුණා කියලා?
දැනට නම් කව්රුත් එහෙම කියලා නැහැ. මම කරපු වැඩසටහනේ හැටියට හැමෝම කිව්වා හොඳට කළා කියලා. මම හිතන්නේ නෑ මම අමාරුවේ වැටුණා කියලා.
ඒ කියන්නේ නිවේදනයට අලුත් ආරාධනා ලැබිලා වගේ ?
නිවේදනයට ආරාධනාවක් තියෙනවා. ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.
වෙනත් නාළිකා වලින් ආරාධනා නොලැබෙන නිසා ද සිරස එක්ක විතරක් ඉන්නේ?
ගොඩක් වැඩසටහන් වලට වෙනත් නාළිකා වලින් ආරාධනා ලැබෙනවා. සිරසට කොටු වෙලා නැහැ. පසුගිය කාලේ සිරස ජුනියර් සුපර් ස්ටාර් එක්ක වැඩ කළා. ඉතින් වැඩිම කාලයක් ගත කරන්න ලැබුණේ සිරසත් එක්ක. ඉතින් ඒ නිසා සමහරු හිතනවා ඇති සිරසට කොටු වෙලා කියලා. විශේෂයෙන්ම සිරසත් එක්ක වැඩ කරන්න ලේසියි. හරිම මිත්‍රශීලි යි. ඒ නිසා වැඩියෙන් මම හිතන්නේ සිරසත් එක්ක වැඩ කරන නිසා වෙන්න ඇති ඔය ප්‍රශ්නේ අහනවා ඇත්තේ.
ටනාෂා කාලයක් මියුසික් වීඩියෝ වලට නැතුවම බැරි කෙනෙක් වුණා. ඒත් දැන් වැඩිය පෙන්න නෑ නේ ?
ඔව්. මියුසික් වීඩියෝ භාර ගන්න එක අඩු කළා. දැන් අපිට කතා කරන්නේ එකම රැල්ලට යන මියුසික් වීඩියෝ වලට. ඉතින් මං හිතුව ටිකක් ඈත් වෙලා හිටියොත් හොඳයි කියලා.
ටනාෂා කියන කෙනා සමාජ ජාලා (Social Media) එක්ක නිතර රැඳෙන කෙනෙක් ද?
ෆේස්බුක් පාවිච්චි කරනවා ගොඩක්ම අඩුයි. ඉන්ස්ටග්‍රෑම් නම් පාවිච්චි කරනවා.
කාලයක් ක්ෂේත්රයේ නළුවක් සමඟ ඔබේ නමත් එක්ක කටකතාවක් හැදුණා නේද?
ක්ෂේත්රයේ නළුවෙක් සමඟ? නැහැ. එහෙම එකක් නැහැ.
ඒ කියන්නේ තවම ටනාෂා කටකතාවක් හදා ගෙන නැහැ කියන එකද?
ඔව්. දැනට නැහැ. ඉදිරියේදී බලපොරොත්තුවෙන්නෙත් නැහැ.
රූගත කිරීම් වලදීත් වැඩිපුරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ ඇයි?
නෑ එහෙම නෑ. මගේ ෆෝන් වැඩියෙන්ම තියෙන්නේ වෙන කාගේ හරි බෑග් එකක. ජනිත් අයියා හරි, රයන් අයියා හරි නැත්නම් සුමිරන් අයියා හරි නැත්නම් කවුරුහරි ෆෝන් එක හංගනවා හොයාගන්න බැරි තැනක. ෆෝන් එක වැඩිපුරම තියෙන්නේ මගේ අතේ නෙමෙයි ඔය කියන තුන් දෙන අතේ තමා.
(නිලුපුලි සඳකැලුම්)
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...




