පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සඳලි ඕස්ට්‍රේලියාවේ ඉඳන් නිවාඩුවට ලංකාවට ඇවිත්...
කොහොමද සඳලි?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ගෙදර ඇවිත් ඉන්නේ. ඒ නිසා ගොඩක් සතුටින්.
ලංකාවට ආවේ කොච්චර කාලෙකට පස්සෙද?
මම මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලංකාවෙන් ගියේ මීට අවුරුදු දෙකකට කලින්. ගිය අවුරුද්දෙත් මම පොඩි නිවාඩුවකට ලංකාවට ආවා. ඒත් මේ සැරේ තමයි ටිකක් දිග නිවාඩුවක් ලැබුණේ.
මේ සැරේ කොච්චර දවසක් ලංකාවේ ඉන්නවාද?
මාසයක් වගේ ලංකාවේ ඉන්නවා. නිවාඩුව ඉවර වුණු ගමන් ආයෙත් ඕස්ට්‍රේලියාවට යනවා.
සඳලි උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ මොන අංශයෙන්ද?
ජීව විද්‍යා අංශයෙන් තමයි මගේ උපාධිය මම කරන්නේ. දැන් දෙවැනි වසර අවසන්. තව වසර දෙකක් අධ්‍යාපන කටයුතු කරන්න තියෙනවා.
කලා කටයුතුවලින් අෑත් වෙලා විදේශ රටකට යන්න වෙච්ච එක ගැන සඳලිට දුකක් තිබ්බෙම නැද්ද?
නැහැ. එහෙම ලොකු දුකක් තිබ්බෙ නැහැ. මුලින්ම ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දෙන්න ඕන කියලා හිතුවා. ඒ නිසා රංගන කටයුතුවලින් අෑත් වීම මට දුකක් වුණේ නැහැ.
ලංකාවෙන් යන්න කලින් සඳලි මොන නිර්මාණයටද අන්තිමට දායක වුණේ?
පෝය නාට්‍යයක් කළා. හැබයි ඒක විකාශය වුණේ නැහැ. තණ්හා රතී රඟා චිත්‍රපටය තමයි මම ලංකාවෙන් යන්න කලින් කළ අන්තිම චිත්‍රපටය.
ලංකාවෙන් යන්න කලින් ලැබුණු ආරාධනා කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්නත් වුණා නේද?
ඔව්. මම නිර්මාණ භාරගෙන මඟදී අතහරින්න කැමැති වුණේ නැහැ. කාවවත් අමාරුවේ දාන්න බැරි නිසා මම ලංකාවෙන් යන්න ඉද්දි වැඩ භාරගත්තේ නෑ.
සඳලි පුංචි වයසෙන්ම මතක හිටින නිර්මාණ ටිකක් ප්‍රේක්ෂකයන්ට ඉතුරු කළා නේද?
ඔව්. මම මුලින්ම රඟපෑවේ 'මායා ඇවිනිව්' කියන නාට්‍යයේ. එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ රජවීදිය, පෙම්බරයාණනි ටෙලිනාට්‍යයත් සමාරා, උත්පලවණ්ණා, සුවඳ දැනුණා ජීවිතේ, තණ්හා රතී රඟා වගේ චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වුණා. 'පුංචි පැංචි' වැඩසටහනේ නිවේදන කටයුතු කළා. හඬ කැවීම් කළා. ඒක නිසා ගොඩක් අයට තාමත් මාව මතකයි.
කලා ක්ෂේත්රයේ යාළුවො තාමත් ආශ්‍රය කරනවාද?
ඔව්. දසුන් අයියා, නිත්‍යවානි වගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මට ඉන්නවා. ඒ අය තාමත් මගේ යාළුවෝ.
අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඇවිත් ආයෙත් රංගනයට එකතු වෙයිද?
දිගටම රඟපාන්න අදහසක් නැහැ. මම ඉස්සරත් රඟපෑවේ ආසාවට. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ විනෝදාංශයක් විධියට ලැබෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා.
සඳලිට මතක් කරන්නත් පිරිසක් ඇති?
ඔව්. මාව තාමත් ගොඩක් අයට මතක මම කළ නිර්මාණ නිසා. ඒ නිර්මාණ අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ මාමලා සහ මගේ මවුපියෝ මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.
- තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අනුරුද්ධ මැදවත්තේගෙදර
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

Sandali's Childhood photo was taken by me at bandaralawela!
ReplyDeletecorrection... at Bandarawela during a film shooting
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete