පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
කල දවස Location වල ගෙවිලා යනවා : අංජුලා ශානි
ආටක නාටක හරහා ඔබට වඩාත් සමීප වු ඇය අංජුලා ශානි.
* ඉතින් අංජුලා කෙහොමද ජීවිතේ?
ලොකේෂන්වල ගෙවිලා යනවා. ඩ්‍රාමා කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා.
* ඔබේ ඇත්ත නම අංජුලා නෙවෙයි නේද?
ඔව්. මගේ ඇත්ත නම අංජානා ශාන්ති. මං මගේ ෆේස්බුක් එකවුන්ට් එක හැදුවේ අංජුලා ශානි නමින්. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. අංජානා ශාන්ති කියන නම වැඩිය ලස්සන නිසා වෙන්න ඇති මට නිර්මාණවලටත් වැඩියෙන් කතා කළා ඒ නමත් එක්ක. කෙටියෙන්ම කිව්වොත් අංජුලා ශානි කියන නමත් ජනප්‍රිය වුණා. මේ හේතුවෙන් මං දිගින් දිගම ඒ නමම භාවිතා කළා.
* ආටක නාටක කොටස් කීයකට ඔබ සම්බන්ධ වුණාද?
අම්මෝ කොටස් ගණනාවකටම හිටියා.
* ඊට පසුව රඟපෑ නාට්‍ය පෙළ මතක් කළොත්?
හිතුවක්කාරයා, පිණිදිය වැස්ස, පින්ක්, මං නැතිදා, ශාන්ත සොයිසා මහත්මයාගේ නාට්‍යකටත් කතා කරලා තියෙනවා.
* ඔබ තවමත් ප්‍රධාන චරිතයක් රඟපැවේ නැහැ නේද?
ඔව්. මට තාම ලැබුණේ අතුරු චරිත පමණයි. ඒ වුණත් කැපවීමකින් ලැබෙන කුමන හෝ චරිත රඟපානවා. කාලයක් යද්දී මටත් ප්‍රධාන චරිත ලැබෙයි. එතකම් ඉවසනවා.
* ඇයි ඔබ නිළියක් වුණේ?
හිතේ තිබුණු ආසාවට. පොඩි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ නිළියක් වෙන්නම තමයි. ඒ අතරේ මෝස්තර නිරූපිකාවක් වෙන්නත් හීන මැව්වා. ඒ බලාපොරොත්තු දෙකම ඉෂ්ඨ කරගත්තා මං.
* නිළියක් වෙන්න ගිහින් දුෂ්කරතාවලට මුහුණපාන්නත් ඇති?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අපි අලුත් අය නිසා කට්ට කන අවස්ථා වැඩියි. ඒක මං හොඳට අත් විඳලා තියෙනවා. උදේ පාන්දරින්ම දර්ශන තලයට එන්න කියලා හවස් වෙනකම්ම තියාගෙන ඉඳලා හවස එක සීන් එකක් විතරක් කරල ගියපු අවස්ථා එමටයි. එහෙම වෙලාවලදී හිතෙනවා හිතලමදෝ අපව මෙහෙම රස්තියාදු කරන්නේ කියලා. මොන බාධක ආවත් මං මගේ ඉලක්කයට යනවා. මොන දේ වුණත් මං වැටෙන්නේ නැහැ.
* ඇතැම් නිර්මාණකරුවන්ගෙන් නවක නිළියන්ට අයුතු යෝජනා එනවා. ඔබටත් ඒක පොදුයි?
ඔව්. මටත් එහෙම යෝජනා ඇවිත් තිබෙනවා. ඒවාට අකැමැති වුණ නිසා අවස්ථාවනුත් අහිමි වුණා. මොනවා කරන්නද. වෙච්ච දේ ගැන නොසිතා පාඩුවේ ඉන්නවා එතකොට.
* අංජුලාගේ පවුලේ විස්තර මොනවද?
මගේ පවුලේ එකම ළමයා මම. අම්මයි තාත්තයි මමයි තමයි පවුලේ සාමාජිකයෝ.
* ඔබේ ගම?
පයාගල.
* ඉගෙන ගත් පාසල?
පයාගල රෝමාණු කතෝලික විදුහල.
* උපන් දිනය?
මාර්තු 31.
* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?
හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරූ - නිශ්ශංක විජේරත්න
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...


