පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ගීතිකා ‘කෝටිපතියෝ’ටෙලියෙන් හැලිලද?
ගීතිකා දැන් නිදහසේ ඉන්නවා වගේ..?
ඇත්තම කිව්වොත් දැන් දිනපතාම ෂූටින් නෑ. උපරිම ටෙලි නාට්‍ය දෙකක, තුනක විතර තමයි වැඩ. ඉතිං ඉස්සර වගේ ගොඩක් කාර්යබහුල නෑ. වැඩිපුර නිදහසේ ඉන්න ගමන් වැඩත් කරනවා.
වැඩිපුර නිදහසේ ඉන්නේ වැඩ අඩු වෙලාද..?
දැන් ඉතිං වැඩිපුර විකාශය වෙන්නේ විදේශීය නාට්‍යනේ. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය නවයකටත් වඩා තියෙනවා. ඒවා තාම විකාශය වුණෙත් නැහැ.
"ගීතිකා" දැන් "කෝටිපතියෝ" ටෙලියෙත් වැඩිය පේන්න නෑනේ..?
මම හරි ආසාවෙන් හාරකෝටිය ටෙලිනාට්‍ය බැලුවා. සිවගුරුනාදන් අයියා එක්ක වැඩක් කරන්න තිබ්බා නම් කියලා මම හිත හිත හිටියේ. ඔය අතරෙදි තමයි සිවා අයියා මට "කෝටිපතියෝ" නාට්‍යයට කතා කළේ. මම ගොඩක් සතුටු වුණා. ඒ සතුටට මොකක් වුණාද කියලා මටත් තේරෙන්නේ නෑ. මම ඉතිං පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මගේ වාසනාවේ අඩුපාඩුවක්ද දන්නේ නෑ. මට දක්ෂතාව පෙන්වන්න තාම එහි හරියට අවස්ථාවක් ලැබුණේ නෑ.
"කෝටිපතියෝ" ටෙලි නාට්‍යයේ ගීතිකාට ලැබිච්ච අවස්ථාව ගැන සෑහීමකට පත්වෙන්න බැරිද..?
ඇත්තටම සෑහීමකට පත්වෙන්න බෑ. මම වැඩ කරන්න බොහොම ප්‍රිය කරන අධ්යක්ෂවරයෙක් තමයි සිවගුරුනාදන් අයියා. සද්ධාමංගල සූරිය බණ්ඩාර වගේ කෙනෙක්ගේ වැඩක් කරන්න ලැබීම ගැනත් මම සතුටු වුණා. මගේ රංගනයේ ලොකු කැපෑසිටි එකක් තියෙනවා. ඒත් මොකක්දෝ මන්දා හේතුවකට ඒ මට ලැබුණු ලේකම්වරියගේ චරිතය තුළ තාම හරියට දෙයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. බලමු ඉදිරියට හරි ඒ චරිතය තුළින් යමක් කරන්න පුළුවන් වෙයිද කියලා.
විවාහයත් එක්ක ගීතිකාට වැඩ අඩුවෙලාද..?
එහෙමම නැහැ. නමුත් ලංකාවේ මෙහෙම දෙයක් තියෙනවා. මම ඉතිං මුලින් ප්‍රධාන නිළි චරිතවල වැඩ කළා. මාස හයක් විතර වැඩ නොකර හිටියට ඒ කාලෙට විශාල පිරිසක් ක්ෂේත්රයට ඇවිත් ඉන්නවා. දැන් ඉතිං ප්‍රධානම චරිත කියලා ලැබෙන්නේ නැහැ. මගේ දක්ෂකම පෙන්වන්න පුළුවන් චරිත මම කරනවා.
සැමියා ගීතිකාට තහංචි දාන්නේ නැද්ද..?
නැහැ. එයා කවදාවත් මට තහංචි දාන්නේ නැහැ. එහෙම තහංචි දාන්න කියලා දැන් අපිට මුලින් ස්ක්‍රිප්ට් එක ලැබෙන්නෙත් නෑනේ. අධ්යක්ෂවරයාගෙන් මට ලැබෙන චරිතය ගැන අදහසක් ගන්නවා. ලොකේෂන් එකට යනකල්ම අපි දන්නේ නෑ චරිතය මොන වගේද කියලා.
එහෙම නොදැන ගිහින් අතරමං වෙච්ච අවස්ථා තියෙනවද..?
නැහැ. ඒකාකාරී චරිතනේ ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යවල ලැබෙන්නේ. තාම නම් එහෙම වැරැදි චරිතයක් ලැබිලා නෑ. දැනට නම් මම නොදැන ගිහින් අතරමං වෙලා නැහැ. ඉදිරියටත් වෙන එකක් නෑ. ටෙලිනාට්‍යවල එහෙම ලොකුවට තෝරන්න දේවල් නෑනේ. සිනමාවට වගේ ආරාධනාවක් ලැබෙද්දි තමයි ස්ක්‍රිප්ට් එක ගැන බලන්න ඕන.
ගීතිකාට තාම සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද..?
ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙනවා. මගේ අකැමැත්ත නිසා ඒ චිත්‍රපට කළේ නෑ. චිත්‍රපටයක් කරද්දී ඔහේ කරලා වැඩක් නෑ. හොඳ නමක් දිනාගත්ත අධ්‍යක්ෂවරයෙක්ගේ වැඩකට සම්බන්ධ වෙන්න මම කැමැතියි. එහෙම ආරාධනාවක් මට ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට.
තාමත් ගීතිකා සැමියව යන යන තැන එක්ක යනවද..?
එහෙම නැහැ. මුල් දවස්වල දුර පළාත්වල වැඩවලට යද්දි මමම එයාට කතා කරනවා මාත් එක්ක යමු කියලා. ඒක මටත් ලේසියිනේ. ඒත් හැම වැඩේටම එයාට එන්න බෑ. මගේ පස්සෙන් ආවොත් එයාට එයාගේ වැඩ කරන්න වෙලාවත් නැති වෙනවනේ.
ගීතිකා පවුලට වැඩි බර දෙනවද..?
ඔව්. පවුලට තමයි දැන් වැඩි බර දීලා තියෙන්නේ. මොන දේ කරන්නත් පවුල සාර්ථක වෙලා තියෙන්න ඕනෙනේ.
මොනවද අලුත් වැඩ කටයුතු..?
සත්සර කසුන් ලියන රුචිනි කියන "රේඩියෝ" නාට්‍යයට සම්බන්ධ වුණා. සමුද්‍රා හික්කඩුවගේ අලුත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා.
පවුලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න අදහසක් නැද්ද..?
තාම නැහැ. තාම අපි පොඩි ළමයිනේ. වැඩ ටිකක් තව කරලා ඒ ගැන බලන්න පුළුවන්.
මොනවද ඉදිරි සැලසුම්..?
අපේම කියලා ගෙයක් හදන එක තමයි දැනට තියෙන ලොකුම සැලසුම.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
