පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
'ලංකාවේ පැජන්ට් කියන්නේ තනිකරම බොරුවක්.'
ගීත රූප රචනා හා වෙළෙඳ දැන්විම් හරහා නිතර දකින සිල්වියා හියුජ් වර්තමානය වනවිට වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් බවට පත්ව සිටියි. අද තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගය.
නිරූපිකාවක් විදිහට මේ දවස්වල කාර්යබහුලද?
ඔව්, භාරගත්ත වැඩ කිහිපයකටම පසුගිය දිනවල දායක වුණා. මේ දවස්වලත් නිරූපණ වැඩ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටම පසුගිය කාලයේ දායක වෙලා හිටියා.
රඟපාන්න කැමති නැද්ද සිල්වියා?
ගොඩක් කැමතියි. හැබැයි හොඳ ස්ක්රිෆ්ට එකක් ලැබුණොත් විතරයි රඟපාන්නේ.
නිරූපණය හා රංගනය දෙකකින් එකක් තෝර ගන්න කිව්වොත්?
මම වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිණියක්. නිරූපණය පිළිබඳව ලොකු හැදෑරිමක් කරලා තියෙනවා. ඒ වගේම දේශිය වගේම ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ප්‍රසංග සඳහා සහභාගී වෙලා අත්දැකිම් ලබාගෙන තියෙනවා. ඒ හින්දා මම වැඩිපුරම කැමති නිරූපණය පැත්තට.
ඒ කියන්නේ නිරූපිකාවක් විදිහට අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා?
ඔව්, එහෙම කියන්න පුළුවන්. ආපස්සට හැරිලා බැලුවොත් නිරූපිකාවක් විදිහට ආපු මේ ගමන ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් මට.
ලංකාවේ නිරූපිකාවකට තියෙන්නේ අඩු පිළිගැනීමක්?
පිළිගැනීමක් නම් කියන්න බැහැ. මම රැල්ලට යන කෙනෙක් නෙවෙයි. මම මගේ ස්ට්‍රයිල් එකට වැඩ කරන කෙනෙක්. අනික ෆුල් ටයිම් මොඩ්ලින්ග් කරන්නේ නැහැ.
ඒ කියන්නේ වෙනත් වෘත්තියක නිතර වෙලා ඉන්නවා කියන එකද?
ඔව්, මම රැකියාවක් කරනවා එකවුන්ටන් කෙනෙක් විදිහට.
රූපරාජිණි තරගවලට එහෙම යන්න අදහසක් නැද්ද?
අපෝ නැහැ. ලංකාවේ ෆැජන්ට් කියන්නේ තනිකරම බොරුවක් හා හොරුන්ගේ තොතැන්නක්.
නිරූපිකාවෝ කිව්වාහමත් සමහරු බලන්නේ වැරදි ඇසකින්?
එකට වගකියන්න ඕනා මොඩල් ලේබල් එක ගහගෙන මෙලෝ දෙයක් දන්නේ නැතිව ෂුට් එකක් දෙකක් කරලා මොඩ්ල් ෆිල්ඩ් එකට සුළු පිරිසකගේ වැඩ නිසා.
නිරූපිකාවක් විදිහට ඉදිරිය ගැන හිතුවොත්?
නිර්මාණාත්මක වැඩ වලට දායක වෙන එක තමයි මම ප්ලැන් කරන්නේ. ඒ වගේම නව නිර්මාණවලට පෙනි ඉන්නත් මම ගොඩක් කැමතියි.
කතා බහා - බුද්ධික සේනාධීර
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
