පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
අනූෂාට හැමෝම ඇමති බිරිය කියලා කිව්ව හේතුව අනූෂා ප්‍රසිද්ධියේ කියයි
හැඩකාර කටකාර අනූෂා දමයන්තිට පසුගිය දවස්වල අමුතු වැඩක් වෙලා.
අනූෂා දමයන්ති දැන් ටෙලි නාට්‍යවල දකින්න ලැබෙනවා ?
මම ක්ෂේත්රයට ආවේ චිත්‍රපටිවලින්. එත් දැන් ප්‍රේක්ෂකයා අතරට ඉක්මනට යන්න පුළුවන් මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය කියලා කියන්නේ. ඒ නිසා අපේ තියෙන දක්ෂකම් ටෙලිනාට්‍යවලින් පෙන්වන්න හිතුවා.
අනූෂා ආදරය විඳින කෙනෙක්ද ?
ඔව්. මම ප්රේක්ෂකයන්ගෙන් ආදරය විඳිනවා.
හැමෝටම වගේ අනූෂාටත් පාසල් ප්‍රේමයක් තියෙන්න ඇති නේද ?
පාසල් ප්‍රේමය නම් තිබුණේ සාමාන්‍ය කරපු කාලේ. එක ඒ තරම් ලොකු ආදර කතාවක් නම් නෙවෙයි. සාමාන්‍යපෙළ ඉවරවෙලා ප්‍රතිථල එන කාලේ නිසා මම සිනමාවට යොමු වෙනවත් එක්ක ආදරයට කාලයක් වෙන් කරන්න ඉඩක් ලැබුණේ නැහැ.
ඒ කාලේ අනූෂාට ආදරය ලැබුණේ ආකර්ෂණය නිසාද ?
ඕනෑම ආදරයක පළමු හැඟීම නම් ආකර්ෂණය තමයි. එත් පාසල් කාලෙය් ආදරය වෙනුවෙන් එන මුල්ම හැඟීම ඒක.
පාසල් කාලයේ අනූෂාගේ හිත ගිය අයත් ඇති නේද ?
එහෙම හිත ගිය අය නම් හිටියේ නැහැ මොකද මට පාසල් ඇඳුමත් එක්ක ඒ දේවල් කරන්න බයක් හිතුණා. මට ආදරය කරපු අයටත් මම ගස්සපු එකයි ඔරවපු එකයි කළේ.
ගොඩක් ගැහැණු ළමයි චොක්ලට් කන්න ආසයිනේ ඔයාට ඒ වගේ තෑගිත් ලැබිලා ඇති නේද ?
මට ලැබුණේ නම් තීන්ත පෑනයි ෆයිල් කවරයකුයි. මම නම එයාට මගේ උපන් දිනේ තිබුණ දවසේ කේක් කෑල්ලක් දුන්නා.
අනූෂාට පාසල් ප්‍රේමය ඇතුලේ සුන්දර මතකයන් වගේම හිත රිදුන තැන් ඇති නේද ?
පාසල් කාලයේ ආදරයට ලොකුවට කාලය වෙන් වුණේ නැහැ මම සිනමාවට යොමුවුණ නිසා. ඒ අය අදටත් දකිනවා. මට හිනා යනවා ඒ වගේම ලැජ්ජත් හිතෙනවා. එහෙම වේදනාත්මක දේවල් නම් නැහැ.
ළඟදී අනූෂාට වෙච්ච වැඩක් ගැන අපිට ආරංචියි ?
ළඟදී කවුද කෙනෙක් මට මිසිස් රාමනායක කියලා කිව්වා. පස්සේ තමයි මට තේරුණේ එහෙම කිව්වේ ඇයි කියලා. ඒ වගේම ඇමැති බිරිය කියලත් මට කට්ටිය කතා කරන්න ගත්තා. හැමෝම අහන්න ගත්ත ඇත්තටම බැන්දද කියලා. රසික රසිකාවියන් පවා වගේ නිරමාණ ගැන නෙවෙයි ඇහුව්වේ. මේ ගැන බලද්දී එයාලා කියලා තියෙන්නේ රන්ජන්ගෙයි මගෙයි ෂූට් එක ගැන. එයාලට තාම ඒක මතකයි.
අනූෂාට ඇත්තටම විවාහ වෙන්න අදහසක් නැද්ද ?
විවාහ වෙන්න ඕනේ. ඒකට හරි වේලාව එන්න ඕනේ. ඒ ගැන ඉස්සරහට කල්පනා කරනවා.
අනූෂාට තමන්ගේ සහකරුවාගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණත් ඇති?
අපි රංගන ශිල්පිනියන් වුණත් මේ වගේ දේවල් ගැන හිතන්නේ සාමාන්‍ය ගැහැනියක් විදියට. ඉතින් මමත් කැමති අවංක ගැහැනියකට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් සොබා දහමට මිනිසුන්ට ආදරය කරන හොඳ හිතක් තියෙන කෙනෙක් ලැබෙනවා නම් කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
ජනයුගය – 2017.09.02
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
