පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
featured
Wonder Women
අපේම සමහරක්ට දැනෙන්න ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වුණු ලංකාවේ කෙල්ල - Photos
අපේම සමහරක්ට දැනෙන්න ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වුණු ලංකාවේ කෙල්ල - Photos
මේ දිනවල ලොවපුරා අතිසාර්ථක ලෙසින් තිරගත වන Wonder Women චිත්‍රපටය ශ්‍රී ලංකාව තුලද බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ අතර පසුගියදා අප රට තුළම සංවිධාන කර තිබූ ලෝකප්‍රසිද්ධ චිත්‍රපට හා කතාමාලාවන්වල එන චරිතයන්ගේ ඇඳුමින් සැරසුණු පිරිසකගේ උත්සවයකට Wonder Women හි එන චරිතයන් කිහිපයක් නිරූපණය වන ආකාරයෙන්ද තරුණියන් කිහිප දෙනෙකු සැරසී පැමිණි තිබුණා.
මෙහි ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් සමඟින් පිරිසක් ඒවාට උසුලු විසුලු කරමින් සමාජජාල ඔස්සේ ඔවුන්ට අපහාස වන පරිදි විවිධ පෝස්ට් නිර්මාණය කරමින් තිබුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පළවුණු අතර මෙම පෝස්ට් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අදලා තරුණියන්ද ඔවුන්ට දෝෂාරෝපණ එල්ල කර තිබුණා. එමෙන්ම තවත් පිරිසක් පවසා සිටියේ ඇඩ්මින්වරුන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් තවකෙකුගේ වැරදි සොයමින් යන්නේ ඔවුන්ට කාලය කා දමමින් අන්තර්ජාලයේ කරන්නට කිසිදු වැඩක් නොමැති නිසා බවයි.
අප රටේ පිරිස් එලෙසින් හැසිරුණද මෙම ලාංකික තරුණියන්ගේ ඇඳුම් නිර්මාණයන් ඉතාමත් අගනාබවත් ඒවා අලංකාරයෙන් යුතු නිර්මාණ බවත් Wonder Women චිත්‍රපටය රචනය හා අධ්‍යක්ෂණය කළ Patty Jenkins නම් අධ්‍යක්ෂකවරිය ඇයගේ ට්විටර් ගිණුමේ සඳහනක් කරමින් පවසා තිබෙනවා.
මේ ඇය විසින් එම නිර්මාණ පිළිබඳව ට්විටර් ගිණුමේ කළ සඳහන හා එම ඡායාරූප හා ඇඳුම් පිළිබඳව අප රටේ පිරිස් උසුළු විසුළු කරමින් නිර්මාණය කර තිබූ පෝස්ට් කිහිපයකුයි…..
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...



