පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Stress අඩු කරන්න ලේසි ක්‍රම.
මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන කියවමු.
01. ඔබේ දෑත් තදින් මිට මොළවාගෙන ඉන්පසු අත්ල තුළට මිට මෙළවූ දෑත් තෙරපවා පසුව අත හරින්න. ආතති බලය ඉවත් වී අතේ මස්පිඬු ලිහිල්වන ආකාරය ඔබටම දැනේවි.
02. නළල රුළිගන්වාගෙන මුහුණ හැකිතරම් හකුළුවා ගන්න. ඔබට තවදුරටත් එසේ සිටිය නොහැකි බව දැනෙන තෙක්ම එම ඉරියව්වේ හිඳ, ඉන්පසු එක්වරම මුහුණේ මස්පිඬු ලිහිල් කරන්න.
03. ලොකු ආ අකුරක් සෑදෙන පරිදි මුව හැකිතරම් විවර කරන්න. ඉන්පසු මුව වසාගන්න. මුහුණේ මාංශ පේශීන් රිලැක්ස් වන ආකාරය හෙවත් ලිහිල්වන ආකාරය අත්විඳින්න.
04. බිත්තියක් මත ඔබේ අත්ල තබන්න. ඉන්පසු අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. කළ නොහැකි මේ දෙය තේරුමක් නැති දෙයක් මෙන් පෙනුණත්. දෑත් වේදනා දෙන විට තමන් රිලැක්ස් වී තිබෙන බව ඔබටම දැනේවි.
05. බිම වැතිරී දෙපා ඉහළට ඔසවා, හිසට ලැබෙන ලේ සැපයුම ක්‍රමයෙන් වැඩිවන අයුරු දැනෙනවාදැයි බලන්න.
06. බිම හොඳින් වැතිරී ශරීරයේ හැම කොටසක්ම සිතා මතාම ලිහිල් කරගන්න. ඔබේ ශරීරයේ මස්පිඬු කෙතරම් ආතතියකින් යුක්තද යන්නත්, ඒවා ලිහිල් කර ගැනීමෙන් කොතරම් සුවයක් ලැබේද යන්නත් ඔබට අත්දැකීමට හැකිවනු ඇත.
07. පෙර පරිදිම බිම වැතිරී සෙමෙන් සහ ගැඹුරැ ලෙස නාස් පුඩුවලින් හොඳින් හුස්ම ඉහළට ගන්න. උදරය බැලුමක් මෙන් එයට අනුගාමී ලෙස රිද්මයානුකූලව පිම්බෙන ආකාරයත් දැනෙන්නට හරින්න. ඉන්පසු ඉහළට ගත් හුස්ම මුවෙන් පිට කරන්න. ඒ සමඟම බැලුනයකින් වාතය හිස්වන්නාක් මෙන් උදරය පැතලි වන ආකාරයක් දැනෙන්නට හරින්න. නැවුම් ජීවයෙන් පිරි ශක්තියක් ඔබේ ශරීරය තුළට ඇතුළුවන බව හුස්ම ඉහළට ගන්නා විට සිතන්න.
08. බිම වැතිර සිටින අතරතුර, ජීවිතයේ ඔබ දකින්නට වඩාත්ම කැමති ධනාත්මක සිහිනයක් සිතෙන් මවාගන්න. ඔබ සමගම සතුටෙන් සිනාසෙන්න.
09. ඔබේ දෑත් මුලින් තිරස් ලෙසත්, ඉන්පසුව සිරස් ලෙසත් දිග හරින්න. මේ සෑම අවස්ථාවකදීම හැකිතරම් වේලා එසේ දිග හැරෙගෙන සිටීමෙන් පසු, දෑත් පහළට දමා ශරීරයට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
