පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
featured
Life
ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල රෝඇනාගේ කතාව.
ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල රෝඇනාගේ කතාව.
දැන්කාලේ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්නේ ටැටූ එකක් කියන්නේ.
ගොඩක් අය මේ විලාසිතාව කරන්න කැමතියි.
ඒත් කෙල්ලෙක් තමන්ගේ ඇගේ කොහේ හරි ටැටූ එකක් කරනවා කිව්වත් ටැටූ ආර්ටිස් කෙනෙක් වෙනවා කිව්වත් මිනිස්සු දකින්නේ මහා අමුතු විදියට. ඒ මේ සමාජය හැදිලා තියෙන හැටි.
ඒ සමාජයට බයේ තමන්ගේ හිත් වල හැංගිච්ච ආසාවල් එහෙම්ම තියාගෙන ඉන්න කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ටැටූ හීනෙත් ඒ වගේ.
ඒත් මේ හීනේ හැබෑ කරගත්තු කෙනෙක් තමයි රොඇනා කියන්නේ. ඩිමු ෆ්රනෑන්ඩුගේ ටැටූ ආර්ට් ස්ටුඩියෝ එකේ තමයි මෙයා ඉන්නේ. කොටින්ම කිව්වොත් ටැටූ ආර්ටිස්ට් කෙල්ලෙක්.
රෝඇනා ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල. එතැනයි විශේෂත්වය. මේ ඇය සමග කළ කතාබහක්.
අවුරුදු 7 දී ඇමරිකාවට යන රෝඇනා ආයේ ලංකාවට එන්නේ අවුරුදු 18. ඉතින් ඇයට ඩිමුව හමුවෙනවා. ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ එතැනින්. අවුරුදු 18 දී ඩිමුගේ පලවෙනි ටැටූ එක කරන රෝඇනා ඊට පස්සේ ටැටූ ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇයගේම වචන වලින් ඇය ඒක කියන්නේ මෙහෙම.
ඩිමුයි මායි හොද යාළුවො. ඩිමු තමයි මට මේක ඉගෙන ගන්න ට්‍රයි කරන්න කිව්වේ. ඩිමු විතරක් නෙවෙයි. තවත් ගොඩක් මගේ යාළුවො මට කිව්වා ඔයා මේ ටැටූ ගැන ඉගෙන ගන්න ඔයාගේ ඇගේ එකට තියෙන ආසාව හැකියාව තියෙනවා කියලා. ඉතින් ටික කාලයක් ටැටූ ගැන ඉගෙන ගෙන මන් ආයේ ඇමරිකාවට ගියා අවුරුදු 19දී එහෙ ගිහින් මන් ආයේ ටැටූ ගැන ඉගෙන ගත්තා. Touch of Ink කියලා ටැටූ ෂොප් එකක අවුරුදු දෙකක් විතර වැඩ කරා. ඊට තමයි ලංකාවට ආවේ. මට මේ රට දාලා දැන් නම් කොහෙවත් යන්න ඕනි නැහැ. පුංචි කාලේ ඉදන් මට ඕනි උනේ ලංකාවේ ඉන්න. ඇමරිකාවේ ඉද්දිත් මන් මගේ අම්මලට කියනවා මාව ලංකාව ට යවන්න යවන්න කියලා. මොකද මන් මේ රටට ගොඩක් ආදරෙයි. හැබැයි මේ ලංකාවේ කෙල්ලෙක් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමුතු දෙයක්. හැමෝම බලන්නේ හරි වෙනස් විදියට. සමහරු මාව දැක්ක පාරේදී වුනත් මග හරිනවා. මගේ ගෙදරින් වුනත් මුලදී කැමති උනේ නැහැ. එයාල කිව්වේ කෙල්ලෙක්ට ඒක ලස්සන නැහැ. කවුරුත් ඔයාව කසාද බදින එකක් නැහැ මේ විදියට ඇග පුරාම ටැටූ තිබුනොත් වගේ දේවල්. මන් වුනත් කවදාවත් හිතුවේ නැහැ මන් මේ වගේ වෙයි මේ තරම් දුරක් එයි කියලා. නමුත් මන් අද ගොඩක් සතුටු වෙනවා මන් ඉන්න තැන ගැන. ඉස්සර ඉදන් මන් චිත්‍ර වගේ දේවල් අදින්න ආස කරා. හැබැයි මන් ඉගෙන ගත්තේ පයිලට් කෙනෙක් වෙන්න. අවුරුදු දෙකක් විතර ඉගෙන ගද්දි මට තේරුනා. මගේ ජිවිතේ සතුට තියෙන්නේ මෙතැන නෙවෙයි මට මේක රස්සාවක් විදියට කරන්න ඕනි නැහැ කියලා. මගේ ආත්මයේ සතුට තිබුනේ ටැටූ වල. මට අවශ්‍ය වුන මානසික භෞතික සහ මුල්‍යම හැම සතුටක් ම මට ලැබුනා මේ ක්ෂේත්රය හරහා.
ගොඩක් මිනිස්සු හිතන්නේ මේක පිරිමින්ගේ රස්සාවක් පිරිමින්ගේ වැඩක් කියලා. ඒත් ගෑනුන්ටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි ගෑනුන්ට ටැටූ කරන්නවත් බැහැ කියන්නේ. මගේ ඇගේ වුනත් මේ වෙද්දී ටැටූ 50 කට වැඩිය තියෙනවා. මිනිස්සු හිතන්නේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් කිව්වම ඩ්‍රග්ස් ගන්න නරක කෙනෙක්. එකම ඉදිකටු පාවිච්චි කර කර වැඩ කරන පිළිවලක් නැති කෙනෙක් කියලා. එහෙම නැහැ.. එහෙම අය ඉන්නවා නැතිව නෙවෙයි. නමුත් ගොඩක් අය එහෙම නැහැ. අපි එක්කෙනාගෙන් එක්කෙනාට හැම දෙයක්ම මාරු කරනවා. මොකද මිනිස්සු අපි ගාවට එන්නේ ලොකු විශ්වාසෙකින්. ඒ විශ්වාසෙ අපි රකින්න ඕනි. අපි හරි විදියට වැඩ කරනවා නම් ඒ ගරුත්වය රකිනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලේ එක්ක කරන සෙල්ලමක් වගේ. විහිළුවක් නෙවෙයි යු ටියුබ් එකෙන් බලලා ටැටූ ඉගෙන ගන්න බැහැ. මමත් කැලිෆෝනියාව රෙජිස්ටර් වෙලා ටැටූ ගැන සැහෙනන ඉගෙන ගත්තා. තව ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. වෙනස් ටැටූ ආර්ටිස්ට් ලා එක්ක වැඩ කරලා අත්දැකීම් අරගන්න ඕනි. මොකද හැමෝගෙම ස්ටයිල් එක වෙනස්. ඩිමු, රොබී ඕටිස් සහ විකාස් මලානි තමයි මගේ ගුරුවරු. ටැටූ ගැන වගේම නියම විදියට ටැටූ රිමුව් කරන්නේ කොහොමද උපකරණ මොනවා ද කියලත් මන් ඉගෙන ගත්තා. ලබන අවුරුද්දේ ඉදන් ලේසර් වලින් ටැටූ රිමුව් කරන්න පටන් ගන්නත් මන් හිතාගෙන ඉන්නවා. ලගදීම දවසක ලංකාවේ මිනිස්සු ටැටූ ගැන තියෙන තමන්ගේ ආකල්පය වෙනස් කර ගනීවි. ටැටූ කියන්නේ තමන්ගේ ආත්මය තමන් කවුද කියලා ප්‍රකාශ කරන මාර්ගයක්. මට උනත් ගොඩක් නරක කාල ඇවිත් තියෙනව් . ඒ වෙලාවට ටැටූ කරා මට මාව අලුත් වෙනවා මාව ශක්තිමත් වෙනවා ප්‍රශ්නේ ඉවරයි වගේ හැගීමක් දැනෙනවා. ටැටූ තමයි මට ජීවිතය දුන්නේ. මන් දවසක බෙල්ලෙ ඉදන් මගේ යටි පතුල් දක්වා ටැටූ කරන්නත් හිතාගෙන ඉන්නවා
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
