පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ධීවරී වලප!(අසංක ධර්මසිරි විසිනි.)
හෝ හෝ හඬ නගයි දෙසවන නිරන්තරේ
කෝ කෝ මහිමි හිත කකියයි හිමින් සැරේ
එක එක නපුරු සිතිවිලි එයි වරින් වරේ
නෑ නෑ මහිමි රැක දෙයි දෙවි මහ සයුරේ
දියඹට යද්දි ඊයෙ වැහි අඳුර මැද
කියනට සිතුණි ඔබ යන්නට එපා අද
මහ රෑ කන කොකා ඇඬුවා මිදුල මැද
දැන්නම් බයයි සිත හනිකට එන්න සඳ
වෙනදට ඉරට කලියෙන් ගෙට එනවා ඔයා
පොඩි පුතු අසයි ඇයි නැත්තේ මගේ පියා
හෝරා දෙක තුනක් හෙමිහිට ගෙවිල ගියා
දුක් සෝ සුසුම් මගෙ හදවත පුරා තියා
දිනයක් දෙකක් ගෙවුනත් ඔබ තව නැත්තේ
මැරෙනට හිතෙනවා මට දැන් ඔබ මත්තේ
ඔබෙ ජීවිතේටත් කරදරයක්නම් ඇත්තේ
පොඩි පුතු එක්ක පනිනව මූදට සත්තේ
සතියක් ගෙවුණි තවමත් නැත ඔබ ආවේ
ඒ සතියටම එක වේලයි මම කෑවේ
ලොව හැර ගිහින් ඔබ සමහරු මට කීවේ
ඇයි රත්තරන් තාමත් ගෙදරට නාවේ
ණය හොය හොයා එයි ගෙදරට මුදලාලී
ඔබ මියැදිලා වෙන්නලු උගෙ මනමාලී
පුතු ගැන සිතා මම මහ අව්වේ වේලී
වැඩ කරනවා ඔබ කවදා හරි ඒවි
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

