පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
කතා කරන හැමදෙයක්ම බාරගන්නේ නැහැ - දිනුෂා සිරිවර්ධන.
වෙළෙඳ දැන්වීම් තුළින් ක්ෂේත්රයට පිවිසි ඇය මේ වන විට පුංචි තිරයේදී දකින්නට ලැබෙන තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යය විකාශයන වේ. දිනුෂා සිරිවර්ධන නම් වූ ඇය අපත් සමග මෙසේ කතාබහකට එක්වූවාය.
Q මේ දවස්වල කාර්යය බහුලයිද?
මේ දවස්වල සම්පත් බැංකුවේ සහ එල්.බී ෆිනෑන්ස් එකේ දැන්වීම් වගයකට පෙනී සිටියා. මියුසික් වීඩියෝ දෙකකුත් කළා. එයින් එකක් නම් එළිදැක්වුවා. තව Bridal Show සහ Photo shoot වගයක් තියෙනවා. ඒ ටික කරනවා. ඊට අමතරව උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. තවත් අලුත් නාට්‍යයක් පටන් ගන්නවා ලබන මාසේ. ඒකෙ ප්‍රධාන චරිතය සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා.
Q ක්ෂේත්රයට ආවේ කොයි කාලයේද?
මම පොඩි කාලෙදීම තමයි ක්ෂේත්රයට ආවේ. පොඩි කාලෙ වෙළෙඳ දැන්වීම් සඳහා තමයි පෙනී සිටියේ. ටික කාලයක් ගිහින් ඒවා නතර කළා. ඊට පස්සෙ මම අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ගියා. ඒකෙන් අයින් වෙලා Youth එකට ගියා. ඒකෙත් අවුරුදු 7ක් විතර ඉඳලා අයින් වෙලා ක්ෂේත්රයට ඇවිල්ලා මාස 7ක් 8ක් වෙනවා.
Q රැකියාවෙන් අයින් වෙලා මෙවැනි ක්ෂේත්රයකට එන්නේ ඇයි?
මම හිතුවා මේ දේ ගැළපෙනවා කියලා. එතන කට්ටියත් එක්ක රැකියාව කරන්න අමාරුයි. ඒ නිසා ගෙදරින් අයින් වෙන්න කිව්වා. නිරූපණ ක්ෂේත්රයෙන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ සඳහා ගොඩක් අය උදව් කරනවා.
Q ඇයි එක තැනක රැකියාවක් කරන්න බැරිවුණේ?
එතන ඉන්න අයගේ අවුලක් නිසා තමයි.
Q කොහොමද අවුරුදු ඉතිං?
මේ ටිකේ ටිකක් කාර්ය බහුල නිසා ඒ වැඩකටයුතු කරන්න බැරිවුණා. මම එක්තරා රූපවාහිනී ආයතනයක අවුරුදු කුමාරිට සහභාගී වුණා. ඒකෙ පොඩි පොඩි අසාධාරණකම් සිදුවුණා. ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ.
Q අසාධාරණකම් වුණා කියන්නේ ඇයි?
මම අන්තිම පස්දෙනාට ආවා. මම හිතන් හිටියේ මට තැනක් ලැබෙයි කියලා. මට හිතෙනවා මොකක් හරි අසාධාරණකමක් වුණා කියලා. 14 වැනිදා ඒක බලපු අය තීරණය කරන්න ඇති අසාධාරණකමක් වුණාද නැද්ද කියලා.
Q කොහොමත් එවැනි තරග ලංකාවේ පැවැත්වෙනවනේ, ඒක ගැන ඔයා හිතන්නේ මොනවාද?
මේකයි මම කියන්නේ, එවැනි තරග පවත්වද්දී සෑම කෙනාටම සාධාරණයක් වෙන්න ඕන. කෙනෙක් ඒ ගැන බලාපොරොත්තුවක් තියාගෙනනේ ඒ සඳහා අයඳුම් කරන්නේ. එයාට ඒ සඳහා සුදුසුකමක් තියෙන නිසානේ. අනික අන්තිම වටයට තෝරන්නෙත් සුදුසුයි කියලා හිතාගෙනනේ. දැන් කාලෙ එහෙම සාධාරණයක් කරන්නෙ නැහැ. ඒ නිසා මම එතැනින් වැටෙන්නෙ නැහැ. මම ඊළඟ අවුරුද්දෙත් උත්සාහ කරනවා.
Q රංගනයට වරම් ලැබුණේ කොහොමද?
සුජීව ප්‍රසන්න ආරච්චිගේ කුසුම් කියන පුවත්පතට දීපාල් ගෝමස් විසින් මුල් කවරයක් සඳහා මට ආරධනා කළා. එහිදී නිල්වලා නිෂ්පාදන විධායක ලලිත් වසන්ත සර් මට කතා කරලා තමයි ටෙලිනාට්‍යවලට දායක වෙන්න පුළුවන් වුණේ.
Q හිතනවද රංගනයෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා?
මට කතා කරන හැමදෙයක්ම මම බාරගන්නෙ නැහැ. ඒ දේ ගැළපෙනවා නම් විතරයි යන්නේ.
Q ඒ කියන්නේ ඔයා බාරගන්නේ ප්‍රමිතියක් තියෙන වැඩ විතරද?
ඔව්. මම ප්‍රමිතියක් ඇති වැඩක් තමයි කළොත් කරන්නේ. මම ඉන්න විදිහ සහ අඳින පලඳින විදිහත් එක්ක ගැළපෙනවා නම් ඒ දේ බාරගන්නවා. සල්ලි කියලා ඒ මත්තෙම යන්නෙ නැහැ.
-ඩිලාන් ක්‍රිෂාන්ත
Makeup - හර්ෂණී සිරිවර්ධන / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

