පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
කොහොමද මේනකාගේ Dance එක.
මේනකා මධුවන්ති මෑත කාලයේ කලා නිර්මාණවල දකින්නට නොලැබෙන යොවුන් නිළියක්. අවසන් වරට සඳුන් රාජකරුණාගේ "චායා" ටෙලි නාට්‍යය හරහා රසික ආකර්ෂණය ලැබූ මේනකා, ඉදිරියේදී කලා නිර්මාණය කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ පිළිබඳව හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඇය මෙලෙස එක්කාසු වූවාය.
"පසුගිය කාලෙ කලාව පැත්තෙන් මාව දකින්නට නොලැබුණත් ඉදිරියේදී කලා කටයුතු කිහිපයකින්ම නැවතත් මාව දකින්නට පුළුවන් වේවි. පසුගිය දිනවල අර්ජූන් කමල්නාත් අයියාගේ අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු කළා. පසුගිය සති කිහිපයේදීම එහි රූපගත කිරීම් කටයුතු නිසා මම කාර්යබහුලව වුණා. මේ චිත්‍රපටය අත්භූත කතා තේමාවක්. ලංකාවේ සිනමාව තුළ එතරම් අත්භූත බිය ජනිත චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ. ඒ හින්දා මම හිතනවා මේ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ගෙන දේවි කියලා. මේ චිත්‍රපටයේ මමත් එක්ක හර්ෂණ, දෙනුවන් හා වොල්ගා ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටය හැරුණාම මා රංගනයෙන් දායක වුණ සහන් විජේසිංහගේ "පාට පාට බැලුන්" කියලා ටෙලි නාට්‍යයකුත් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අන්තිමට මම රඟපෑවේ "චායා" හා "චංචලා රේඛා" ටෙලි නාට්‍යය. තවමත් මම රඟපෑ ඒ චරිතවලට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා."
මේනකා පෙනී සිටින විනෝදාත්මක විඩියෝ පටයක් පහත දැක්වේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
