පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
උපේක්ෂා සහ අකලංක හින්දා 'සින්ඩ්‍රෙල්ලා' අර්බුදයක.
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ රංගන ශිල්පියෙකු වන අකලංක ගනේගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇති ආරවුල හේතු කොට ගෙන ඔවුන් දෙදෙනා එක්ව රඟපාන 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය දෙසැම්බර් මස මැද හාගයේ තිරගත වීමට නියමිතය.
චිත්‍රපටය රූගත කරන අතරවාරයේ උපේක්ෂා සහ අකලංක අතර ප්‍රේම සම්බන්ධයත් ඇති වූ බව ප්‍රසිද්ධ රහසක් වන අතර පසුකාලීනව එම සම්බන්ධය බිඳ වැටී ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ නොබලන තත්ත්වයක් උද්ගතව තිබේ.
මේ හේතුව නිසාම චිත්‍රපටයේ කිසිදු පූර්ව ප්රචාරක කටයුත්තකට එකට සහභාගි වීම උපේක්ෂා සහ අකලංක ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව චිත්‍රපටය සම්බන්ධයෙන් කිසිදු රූපවාහිනි වැඩසටහනකට හෝ පුවත්පත් සාකච්ඡාවකට උපේක්ෂා සහ අකලංක එකට සහභාගි නොවනු ඇතැයි දැනගන්නට තිබේ.
මේ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය මේ වන විට බලවත් ගැටලුවකට මුහුණ පා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ උපේක්ෂා සහ අකලංක සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බෙහෙවින් ප්‍රේමණීය චරිත දෙකක් වීමයි.
-Dinamina.lk
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
