පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
බොලිවුඩයට නව තරුවක් පායයි.
මෙම කාල වකවානුව බොලිවුඩයට එතරම් සුබ කාලයක් ලෙස දැක්විය නොහැක. එයට හේතුව වන්නේ බොලිවුඩය ආක්‍රමණය කරන්නේ පිටස්තර නිළියන් හේතුවෙනි. මෑතක සිට හොලිවුඩයේ සරාගී නිළියන් විසින් බොලිවුඩය ආක්‍රමණය කිරීම නිසාවෙන් බොලිවුඩයේ ජනප්‍රිය, ප්‍රවීණ නිළියන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් හිමි නොවීය. කෙසේවුවද මේ වනවිට එහි අලුත්ම වාතාවරණය වන්නේ කොලිවුඩය තුළින්ද නිළියන් බොලිවුඩ් චිත්‍රපට සඳහා දායක කර ගැනීමයි.
තෙලිඟු චිත්‍රපට වල ඉතාමත් ජනප්‍රිත්වයට පත් නිළියක වන ශර්ධා දාස මේ වන විට බොලිවුඩයට පා තැබීමට සූදානමක් පවතින බව ඉන්දියානු විදෙස් මාධ්‍යය සඳහන් කරයි. මුම්බායි හි මහාරාස්ත්ර ප්‍රදේශයේ උපන් ඇය උපාධිධාරිනියකි. ඇය උපාධිය සම්පූර්ණ කර ඇත්තේ මුම්බායි විශ්ව විද්‍යාලයේදීය. ඊට අමතරව ඇය ජනසන්නිවේදන උපාධිය හැදෑරු මාධ්‍යවේදිනයක ලෙසද හඳුන්වනු ලැබේ.
ඉන්දියානු නාට්‍ය හා රංග කලාව ඇය විසින් හදාරන අතරතුර, ඉන්දියානු නාට්‍ය ශිල්පිනියක වන Piyush Mishra යටතේ ඇයගේ කණ්ඩායම තුළ අවුරුදු දෙකකට අධික කාලයක් නාට්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ලදී. ඇයට තෙලිඟු චිත්‍රපටයක් සඳහා රංගනයට වරම් හිමි වූවේද මේ කාලයේදීය. ඒ 2008 වර්ෂයේදී එළිදැක්වූ තෙළිඟු චිත්‍රපටයක් වන Siddu from Sikakulam චිත්‍රපටය හරහාය.
2009 වර්ෂය වන විට ඇයට තෙළිඟු චිත්‍රපට 4ක් සඳහා රංගන වරම් හිමි විය. ඇයට බොලිවුඩයට පා තැබීමට අවස්ථාව හිමි වන්නේ 2011දී සන්ජේ පුරාන් අධ්‍යක්ෂණය කරනු ලබන ලාහෝර් චිත්‍රපටය තුළිනි. එම චිත්‍රපටය සඳහා ඇයට 42 වැනි WorldFest-Houston ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේදී සහ 57 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේදී සම්මානයකට පාත්‍ර වූවාය. තෙළිඟු චිත්‍රපට තුළින් සම්මාන වරම් හිමිකරගැනීමට නොහැකි වූ ඇයට, ඇය පළමු වශයෙන් දායක වූ හින්දි චිත්‍රපටයට සම්මාන 2ක් හිමි කරගැනීමට හැකියාව හිමි විය.
ඇයට නැවත හින්දි චිත්‍රපට සඳහා වරම් හිමි වන්නේ 2011 වර්ෂයේදී තිරගත වූ Dil Toh Baccha Hai Ji චිත්‍රපටයත් සමගය. මෙම චිත්‍රපට 2ක් සමග බොලිවුඩයේ පුරප්පාඩු පිරවීමට ඇති නිළියක් ලෙස ඇයව බොහෝ දෙනා හඳුන්වනු ලැබීය. පසුගිය වර්ෂය තුළ ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවූයේ චිත්‍රපට 4ක් සඳහාය. ඒ අතරින් චිත්‍රපට 3ක්ම හින්දි චිත්‍රපට වේ. මේ වර්ෂයේදීත් ඇගේ එක් හින්දි චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත අතර, ඊට අමතරව ඇයට 2016 වර්ෂයේදීත් එක් චිත්‍රපටයක් සඳහා අවස්ථාව හිමිව ඇත.
මෙවැනි වාතාවරණය තුළ ඇය නිල වශයෙන්ම බොලිවුඩයට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව නිල වශයෙන් පවසා නැති නමුත් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ බොලිවුඩයට පමණක් සීමා වීමට ඇයට ආසාවක් ඇති බවයි. මෙවැනි නවක නිළියන් බොලිවුඩයට අවතීර්ණ වන්නේ බොලිවුඩය අත්පත් කරගෙන සිටින ප්‍රවීණ නිළියන් වයසට යෑම නිසා බවද ඇතැමුන් දරනා මතයකි. තරුණ පරම්පරාවට නවක නිළියන්ගේ ආකාර්ෂණය ඇති හෙයින් නවක නිළියන් හට බොලිවුඩ් සිනමාවේ විශාල ලෙස පුරප්පාඩු ඇත.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
