පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
වඩා වැදගත් ජීවත් වීමයි - No Escape
ඕනෑම රටක ගැටුමක් ඇරැඹුණු විට ඊට මැදිව විපතට වැටෙන්නේ අහිංසක සිවිල් වැසියන්ය. එය ලෝකයේ ඕනෑම කෙළවරකට පොදු වන සත්‍යයක් වන අතර ජනතා සුබ සිද්ධිය උදෙසා සටන් වදින්නේ යැයි පවසන පාර්ශ්ව පවා ගැටුමට එළඹුණු විට සිවිල් ජනතාව ගැන තැකීමක් කරන්නේ නැත. පසුගිය අගෝස්තු 26 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වූ ‘නෝ එස්කේප්’ සිනමා පටයෙන් පැවසෙන්නේ ද ඒ හා සමාන පුවතකි. එම නව ක්‍රියාදාම, සංත්රාසමය චිත්‍රපටය. ජෝන් එරික් ඩොව්ඩ්ල්ගේ අධ්‍යක්ෂණයකි. ‘නෝ එස්කේප්’ හී තිර රචනය ජෝන් එරික් ලියා ඇත්තේ තම සොහොයුරු ඩ්රිව් ඩොව්ඩ්ල් හා එක්වය.
එය ගිනිකොණදිග ආසියාවේ නමක් නොකියවෙන මනඃකල්පිත රටකි. එරට සන්නද්ධ සටන්කාමීන් පිරිසක් කුමන්ත්‍රණයක් දියත් කරන්නේ එරට අගමැති ඝාතනය කොට පාලන බලය සියතට ගනු පිණිසය. ඊට පැය 17 කට පෙර ඇමෙරිකානු ඉංජිනේරුවකු වූ ජැක් එරටට පැමිණෙන්නේ සිය බිරිය ඇනී හා දියණියන් දෙදෙනා වන ලුසී සහ බ්‍රීස් සමඟිනි. ජැක්ගේ අරමුණ වන්නේ එරට ඉංජිනේරු සමාගමක් අලුතින් පිහිටුවීමය.
එරටට පා තැබූ වහා ඔවුනට හැමන්ඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මුණ ගැසෙයි. හැමන්ඩ්ගේ මිතුරු කෙනී ද ජැක් හා ඇසුරට පත් වෙයි. ඔවුන් හෝටලයට ළඟා වූ වහා දැනගන්නට ලැබෙන්නේ දුරකථන, රූපවාහිනී හා අන්තර්ජාල සබඳතා බිඳ වැටි ඇති බවය.
හැමන්ඩ් පුවත්පතක් මිලට ගනු පිණිස වීදියට යද්දී දකින්නේ සන්නද්ධ සටන්කාමීන් හා පොලීසිය අතර ඇතිවන ගැටුමකි. ඉන් මිදී පලා එන ඔහුට දැකගන්නට ලැබෙන්නේ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් හෝටලය ඉදිරිපිටදී ඇමෙරිකානු සංචාරකයන් කිහිප දෙනකු ඝාතනය කරන අන්දමයි. හැමන්ඩ් හෝටලයට ඇතුළු වෙද්දීම පෙනී යන්නේ සටන්කාමීන් එක් පසෙකින් හෝටලයට ඇතුළුව එහි සේවකයන් මරා දමමින් හෝටලයේ රැඳී සිටින සංචාරකයන්ගේ තොරතුරු එකතු කරන ආකාරයයි.
එතැන් සිට ජැක් හා පවුලේ අයගේත් හැමන්ඩ් හා කෙනීගේත් වීර චාරිකාව ඇරැඹෙයි. සටන්කාමීන් වෙතින් ගැලවී එරටින් පලා යාම ඔවුන්ගේ අරමුණ වෙයි.
ඕවන් විල්සන්, ලේක් බෙල්, පියර්ස් බ්‍රොස්නන්, ස්ටර්ලිං ජර්නිස්, ක්ලේයර් ජියර්, ස්පෙන්සර් ගැරටි, කැරන් ගෙමා බයිරන් විල්සන් සහ රසල් ජෙෆ්රි වැනි නළු නිළියන් රැසක් රඟන මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ තායිලන්තයේය.
මෙම චිත්‍රපටයේ ප්රචාරක පට ප්‍රදර්ශනය වෙද්දීම ඊට කාම්බෝජයෙන් විරෝධය එල්ල වූයේය. එරට සංස්කෘතික අමාත්‍යාංශය කීවේ චිත්‍රපටයේ දැක්වෙන ආසියාතික රාජ්‍යයේ පොලිස් ලාංඡනය ලෙස දැක්වෙන්නේ එරට කමර් රූජ් පාලන සමයේ පොලිස් ලාංඡනය උඩු යටිකුරු කරමින් කියාය. කාම්බෝජය එරට ‘නෝ එස්කේප්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කළේය.
බොහෝ විචාරකයන් පවසා ඇත්තේ ගිනිකොනදිග ආසියාකරය අලළා මෙතෙක් හොලිවුඩයෙන් නිපැයි ඇති ක්‍රියාදාම චිත්‍රපටවල මිශ්‍රණයක් මිස අලුත් යමක් ‘නෝ එස්කේප්’ වෙතින් දැක ගන්නට ලැබෙන්නේ නැත කියාය.
-කුමාර සිරිවර්ධන
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
