පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
රංගනයට වඩා පොලු තැබීම ඉහළයි.
සුපිරි නිළි ලින්ඩ්සේ ලෝහන් රියැදුරකුට ණය වෙලා. එඩිසන් රිකී නමැති රියැදුරාටයි, ඇය ණය කාරියක වී ඇත්තේ. එඩිසන් පවසන්නේ ලින්ඩ්සේ ලෝහන් වෙනුවෙන් සැපයූ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් තමන්ට ඇගෙන් ඩොලර් 27,000 ක් ලැබිය යුතු බවයි. මේ මුදලට තමන් විසින් ඇය වෙනුවෙන් ගෙවා දමන ලද ඩොලර් 1439 ක හෝටල් ගාස්තුවක් ද ඇතුළත් වන බව ද ඔහු පවසනවා. එඩිසන්, ලින්ඩ්සේ ගේ රියැදුරා ලෙස 2012 වසරේ අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් දක්වා සේවය කර තිබෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ එම කාලය තුළ ඇය වෙනුවෙන් සේවය කිරීමට අදාළ ගාස්තුවයි.
පසුගිය දා එඩිසන් මේ සියලුම මුදල් ලින්ඩ්සේ ගෙන් අය කර ගැනීමට උසාවියෙහි නඩුවක් ද පවරා තිබෙනවා. ලින්ඩ්සේට මීට පෙර ද නොයෙකුත් කරුණු උඩ නීතිමය ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණා. එයින් එක් අවස්ථාවකදී ද ඇයට චෝදනා එල්ල වුණේ නියමිත මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැර හැරීමක් පිළිබඳවයි. තවත් අවස්ථාවකදී ඇයට චෝදනා එල්ල වුණේ ඇය පදවාගෙන ගිය වාහනයෙන් අනතුරක් සිදුකර පලා යාම පිළිබඳවයි.
-සුජීව තේවහෙට්ටිගේ
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
