පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ඓශ්වර්යාට අභියෝගයක් වන කැනේඩියානු ප්‍රියා.
ලොව වටිනාම සම්පත ලෙස සලකන්නේ දරු සම්පත බව බොහෝදෙනා දන්නා කරුණකි. විශේෂයෙන්ම මවකට තම දරුවා ඇගේ පණ හා සමානය. තම දියණිය මැර කල්ලියක් විසින් පැහැරගනු ලැබූ පසු ඇයව බේරා ගැනීමට මව දරණ උත්සාහයක් වටා නිර්මාණය වන ''Jazbaa'' සිනමා පටය හරහා වසර 05ක කාලයක් සිනමා දිවියට සමුදී සිටි ඓශ්වර්යා නැවතත් සිනමාවට ප්‍රවිෂ්ට වී සිටිනවා.
සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඔක්තෝම්බර් මස 09 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවනු ලබන්නේ ඉෆ්රාන් ඛාන්, ප්‍රියා බැනර්ජී සහ ශබානා අස්මිය. Jazbaa චිත්‍රපටය 2007 වර්ෂයේදී තිරගත වූ කොරියානු චිත්‍රපටයක් වූ ''සෙවන් ඩේස්'' චිත්‍රපටය නැවත හින්දි බසින් ප්‍රතිනිර්මාණය වීමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Jazbaa හි තවත් සුවිශේෂත්වයක් වන්නේ කැනේඩියානු ජාතික නිළියක වන ප්‍රියා බැනර්ජී මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමයි. ඇයගේ හින්දි සිනමා දිවියේ පළමු රංගනය මෙය වන අතර ඇය මෙහි නිරූපණය කරන්නේ ශබානා අස්මිගේ දියණියගේ චරිතයයි. ඇය මීට ඉහතදී රංගනයෙන් දායක වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපට සඳහායි. ඇගේ පළමු චිත්‍රපටය ලෙස දායක වී ඇත්තේ තෙලිගු චිත්‍රපටයක් වන Kiss චිත්‍රපටයටයි. කැනේඩියානු ජාතික නිළියක් වන ප්‍රියා බැනර්ජී හේතුවෙන් ඓශ්චර්යාගේ ප්‍රතිරූපයට කිසියම් බාධාවක් ඇතිවේයැයි චිත්‍රපට විචාරකයෝ අදහස් පළකර තිබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රියාගේ රූපකාය ඓශ්යිචර්යාට අභියෝගයක් එල්ල කරන බැවිනුයි.
ප්‍රියා බැනර්ජී විසින් රංගනයෙන් දායක වූ පළමු තෙළිඟු චිත්‍රපටය සඳහා 3rd South Indian Internationl Movie Awards හිදී Best Telugu Female Actress සම්මානයට උරුමකම් කී ඇය මෙවරත් හින්දි චිත්‍රපට වන Jabaaz තුළින් සම්මානයන් සඳහා උරුමකම් කීමට හැකියාවක් ඇති බවටද දැනටමත් අදහස් පළ වෙනවා. කෙසේවුවද මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වා ඇති මෙහි අධ්‍යක්ෂක වන සන්ජේ ගුප්තා පවසා ඇත්තේ, මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ඓයිශ්වර්යා හා ප්‍රියා දෙදෙනා නිසාම මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට යාමට හැකියාව ඇති බවයි. මේ වන විට Jazbaa චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය වෙත මුදා හැර ඇති අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් හිමිව තිබෙයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...


