පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ඇට්ලැන්ටිස්හි කුමාරිකාව වූ Aiysha Hart.
මේ දිනවල BBC One මාධ්‍ය ජාලයේ සහ අප රටේද සමගාමීව විකාශය වන රූපවාහිනී කතා මාලාවක් වූ ඇට්ලැන්ටිස් රූපවාහිනී කතා මාලාවේ කුමරිය නොහොත් අරියාන්ඩි ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබේ.
2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනු ලැබූ ඇට්ලැන්ටිස් හි පළමු කතාමාලාව කොටස් 13කින් යුක්ත විය. එමෙන්ම එහි දෙවැනි කතාමාලව කොටස් 11කින් යුක්ත වන අතර, එහි විකාශන ආරම්භ කරනු ලැබුවේ 2015 වර්ෂයේ මැයි මාසයේදීය.
අයිෂා හාර්ට් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට අවතීර්ණ වූයේ 2013 වර්ෂයේදී තිරගත වූ Djinn චිත්‍රපටය හරහාය. 2013 වර්ෂයේ 400 Boys ඇයගේ දෙවැනි චිත්‍රපටය වන අතර, එය අතරමගදී රූගත කිරීම් නතර කරන ලදී. ඉන්පසු ඇයගේ තෙවැනි චිත්‍රපටය ලෙස Honour සඳහා රංගනයෙන් දායක වූ අතර, එය මුදල් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙස නම් කෙරුණි.
2013 වර්ෂයේ ඇය සිය පළමු රූපවාහිනී කතාමාලාව ලෙස BBC One මාධ්‍ය ජාලය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'ඇට්ලැන්ටිස්' කතාමාලාවේ කුමාරිකාව ලෙස රංගනයෙන් දායක වෙයි.
මේ වනවිට වයස 26ක් සපිරි අයිෂා එංගලන්තයේ උපන්නියක වන අතර, ඇයට විවිධ භාෂා කතාකිරීමේ හැකියාවක් පවතී. ඇය වැඩි වශයෙන් භාවිත කරන භාෂා ලෙස හඳුන්වන්නේ ප්‍රංශ, ආරබි සහ ඉංග්‍රීසි භාෂාවයි. ඇගේ මව එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේ වන අතර, පියා සෞදි ආරාබි ජාතිකයෙකි.
පසුගිය දිනෙක hungertv විසින් කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවේදි ඇය පවසා තිබුණේ, තමන් කුමරියක් ලෙස හැඟෙන බවය. ඒ තරම්ම ඇය එම චරිතයට ආදරය කරන බවට පවසා තිබුණි. කෙසේවෙතත් BBC මාධ්‍ය ජාලය මෙම රූපවාහිනි කතාමාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මෙහි ප්‍රසිද්ධම චරිතයේ හිමිකාරිනිය ඇය බවයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
