පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
දකුණු ආසියානු සිනමා උළෙලේ (SAARC) කිරුළ ශ්‍රි ලංකාවට.
05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ සමීර රංගනගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබුවා.
පටිභාන (Perception) සිනමාපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මෙම සිනමාපට ද්විත්වයම අදාල සිනමාවේදීන් දෙපළගේ කුළුදුල් සිනමා නිර්මාණයන් වීම විශේෂත්වයක් වනවා.
ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමට 'Dreams,Weavers & Viewers' නම් කෙටි සිනමාපටය අධ්‍යක්ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ සමත් වුණා.
උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබු මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය,දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීන හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් සිනමාපටය හැඩ ගැන්වෙනවා.
2011 වර්ෂයේ ආරම්භය සනිටුහන් කල සාර්ක් සිනමා උළෙලේ, ශ්‍රි ලංකාව හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වනවා.
2011- පළමු අදියර - බඹර වළල්ල (අතුල ලියනගේ)
2012- දෙවන අදියර- ආකාස කුසුම් (ප්‍රසන්න විතානගේ)
2014- සිව්වන අදියර- සුවිසි විවරණ (සරත් ධර්මසිරි)
2015- පස්වන අදියර- මෝටර් බයිසිකල් (සමීර රංගන)
එසේම හොදම අධ්‍යක්ෂණය උදෙසා වූ සම්මානයෙන් ශ්‍රි ලංකාව පිදුම් ලැබූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.
2014- සිව්වන අදියර- සරත් ධර්මසිරි (සුවිසි විවරණ)
2015- පස්වන අදියර- රබින් චන්ද්‍රසිරි (පටිභාන)
ඊයේ නිමාව දුටු පස්වන අදියරත් ඇතුළුව සාර්ක් සිනමා උළෙල ඉතිහාසයේ (2011-2015) පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 36 ක් වන අතර , ඒ අතුරින් සම්මාන සංඛ්‍යාව 13කට හිමිකම් කීමට ශ්‍රි ලංකාව සමත් වීම කැපී පෙන්නවා.
හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ , දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Feature Length Films) උදෙසා ශ්‍රි ලංකාව ලද 188 වැනි සහ 189 වැනි අන්තර්ජාතික සිනමා සම්මානයන් ලෙසත්, 2015 වර්ෂයේදී ශ්‍රි ලංකාව ලද දෙවන හා තෙවන අන්තර්ජාතික සිනමා ජයග්රහණයන් ලෙසත්, ඊයේ රාත්රියේදී ශ්‍රි ලංකාව ලද සාර්ක් සම්මාන ද්විත්වය වාර්තා පොත් අතරට එක් වනවා.
2015 වර්ෂයේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලද අන්තර්ජාතික සම්මානයන් පහතින් බලන්න.
1. රෝයල් රීල් සම්මානය- මංගල ගමන- නන්දන හේවාපන්න- 09වැනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙල (වැන්කුවර්- කැනඩාව)
2. හොඳම අධ්‍යක්ෂක- රබින් චන්ද්‍රසිරි- පටිභාන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව)
3. හොඳම සිනමාපටය- මෝටර් බයිසිකල් -සමීර රංගන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව)
ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී 05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙල පෙරේදා නිමාවට පත් වුණා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
