පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
TITANIC කඳුළු කතාවට අදට වසර 103යි.
ලෝකයට කඳුළු මතකයක් එක්කළ TITANIC ඛේදවාචකය සිදුවී අදට වසර 103ක් ගත වී තිබේ.
1912 අප්‍රේල් 14 වනදා රාත්‍රී 11.40 ලොවක් හැඩවූ හෝරාවකි.
අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කළ ටයිටැනික් නෞකාවේ ගමන් මග වැටී තිබුණේ බ්‍රිතාන්‍යයේ සවුත් හැම්ටන් සිට අමෙරිකාවේ නිව්යෝක් නුවර දක්වා ය.
අත්ලාන්තික් සාගරය රස සාගරයක් බවට පත් කළ ටයිටැනික් නෞකාව අති සුඛෝපභෝගී බව ප්‍රදර්ශනය කළ මිනිස් නිපැයුමකි.
එය සුපිරි පහසුකම් රැසකින් සමන්විත විය.
මේ නෞකාවේ සිටි පිරිස අතරින් වැඩි දෙනා ඉසුරු සොයා උතුරු අමෙරිකාවට ගමන් ගත් අයයි.
ටයිටැනික් ගමන අත්ලාන්තික් පතුලෙන් නතර වූයේ අප්‍රේල් 14 වනදා සිදු වූ අයිස් පර ගැටුමෙන් දිනකට පසුව ය.
ඒ වන විට ගමන අවසන් කිරීමට දින 04 ක් ඉතිරිව තිබිණ.
ඒ මොහොතේ පැවති අධික ශිතල දියට වැටුණු පිරිසෙන් 1511ක් බිලි ගත්හ.
මේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්නට නොදත් රළ පෙළ ලෝකයටම කඳුලක් එක් කරමින් මතක රැසක් අත්ලාන්තික් පතුලේ සැඟවිය.
දිවි ගලවා ගැනීමට හැකිවූයේ මගීන්ගෙන් 706කට පමණ ය.
කාලයත් සමග අමතක නොවී මිනිස් සිත්තුළ නොගිලී පවතින ටයිටැනික් මතකට අලුත් හැඩයක් එක්වුණේ 1985 දී මුහුදු පත්ලේ අඩි 12 415 ක් ගැඹුරෙහි පැවති නැවේ සුන්බුන් ගොඩ ගැනීමත් සමග ය.
එහි කොටස් ලොවපුරා කෞතුකාගාරවල අදටත් ප්‍රදර්ශනය කෙරෙන්නේ කඳුලු මතක සිහි ගන්වමිනි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

