පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට ගෙනගිය වීර පාසල් සිසුවිය.
කාම අපචාරවලට අද වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉන්දියාව බව එහි පුවත්පතක් කියා සිටියි. ඉන්දියාවේ කොහේ හෝ තැනක දිනපතා තරුණියන් දෙතුන්දෙනකු දූෂණය වන බව ද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. සල්ලාලයන්ගේ අතවරයන්ට ගොදුරු වන බොහෝ තරුණියන් ඝාතනයට ලක්වෙන බව ද පෙනේ. පසුගිය කාල වකවානුවේ තරුණියන් දූෂණය කොට මරා දැමූ කාම සල්ලාලයන් අල්ලා දැඩි දඬුවම් දී ඇතත් ඉන්දියාවේ තරුණියන් විනාශ කිරීමේ ක්‍රියාවලිය තවමත් නතර වී නැති බව පෙනේ. මේ අතර මෙම කාම අපචාර රැල්ල පසුබිම් කරගෙන ලෙස්ලි උඩ්වින් නමැති චිත්‍රපට අධ්යක්ෂවරයා 'ඉන්ඩියස් ඩෝටර්' (Indias Daughter) නමින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කොට ඇත. රූපවාහිනී නාළිකා ඔස්සේ මෙම චිත්‍රපටය විකාශය කිරීමට විධිවිධාන යොදා තිබුණද අද එම චිත්‍රපටය තහනමට ලක් වී තිබේ.
ජෝති ෂර්මා බාවා "හින්දුස්ථාන් ටයිම්ස්'' පුවත්පතේ වාර්තාකාරිනියක ලෙස සේවය කරන තරුණියකි. පසුගිය දිනෙක ඇය කිසියම් සිද්ධියක් වාර්තා කිරීම සඳහා ඡායාරූප ශිල්පියකු සමඟ එම ස්ථානයට ගියාය. ඔවුන් ආපසු එන විට රාත්‍රි නවයත් පසු වී තිබිණ. කාර්යාලයෙන් වාහනයක් නොලැබුණ බැවින් ඔවුන්ට ආපසු ඒමට සිදුවූයේ කුලී රථයකිනි. මේ වෙලාව වන විට කුලී රථයක් සොයා ගැනීම ද ඔවුනට ප්‍රශ්නයක් විය. ඔවුන් දෙසට එන බසයක් දැක තරුණිය (ජෝති ෂර්මා) ඉතා අමාරුවෙන් එයට ගොඩවූවාය. බසය තුළ තවත් (පිරිමින්) හතරදෙනකු සිටින බව ඇයට දැක ගන්නට ලැබිණ. ඒ සමඟම ඡායාරූප ශිල්පියා ද දුවන බසයට ගොඩවීමට උත්සාහයක් දැරුවේය. රියෑදුරු බසයේ වේගය තවත් වැඩි කළේය. ඡායාරූප ශිල්පියාට බසයට ගොඩවීමට නොහැකි විය. තමන් ලෝක අමාරුවක වැටීමට යන බවත්, බසයේ සිටින කාමාතුරයන්ට තව මොහොතකින් තමන් ගොදුරු විය හැකි බවත් සිතූ මෙම නිර්භීත තරුණිය දුවන බසයෙන් එළියට පැන ජීවිතය බේරා ගත්තාය. තමන් බසයෙන් එළියට පනිනවාත් සමඟම එහි සිටි මැරයන් පිරිස කොක්හඬලා සිනා සෙනවා තමන්ට ඇසුණේ යෑයි ද ඇය කියා සිටියාය. මෙම බිහිසුණු සිද්ධිය ගැන තමන් පොලිසියට පැමිණිල්ලක් කළ ද ඉන් වැඩක් නොවූ බව ඇය කියා සිටියාය.
මේත් පසුගිය සතියේ සිදුවූ එවැනි සිද්ධියකි.
විසි හැවිරිදි පදන්‍යා මන්දාරේ මහාරාශ්ඨයේ ප්‍රාන්තයේ සතායේ විද්‍යාලයේ මාධ්‍ය හදාරන ශිෂ්‍යාවකි. පන්ති අවසන් වී සවස දෙකයි තිහට පමණ ඇය දුම්රියපළට පැමිණියේ නිවසට යැමේ අදහසිනි. මේ වන විට දුම්රියපළේ සෑහෙන පිරිසක් සිටිය බව මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය එන තෙක් එහි බංකුවක වාඩි වී සිටිය ප්‍රඩියා දුම්රිය එනවා දැයි සෝදිසි කිරීම සඳහා යළි බංකුවෙන් නැගී සිටියාය.
ඒ සමඟම කිසියම් පුද්ගලයකු දුව විත් ඇය බදා ගත්තාය. මෙම අනපේක්ෂිත බදාගැනීමෙන් තැතිගත් ප්‍රඩියා තමන් වැළඳගත් පුද්ගලයා වැරෙන් තල්ලු කර දැම්මාය. ඇය අසල සිටියේ බීමතින් පසු වූ කාමාතුරයෙකි. වැනි වැනි සිටි සල්ලාලයා යළිත් ඉදිරියට පැන ප්‍රඩියා බදා ගත්තේය. ප්‍රඩියා බදාගත් සල්ලාල තරුණයා පිස්සකු මෙන් ඇයගේ මුහුණත් බෙල්ලත් සිරීමට පටන් ගත්තේය. ඇය සල්ලාලයා සමඟ පොර බදිමින් ආධාර ඉල්ලා කෑ ගැසුවාය. මේ වන විට විශාල පිරිසක් ඒ අසල රැඳී සිටියහ. සල්ලාලයා ප්රඩියාට අතවර කරද්දී ඔවුහු නිහඬව ඒ දෙස බලා සිටියා මිස සල්ලාලයා මෙල්ල කිරීමට කිසිම දෙයක් නොකළහ.
පදන්‍යා මන්දාරේ ආත්මාරක්ෂාව සඳහා තරමක් දුරට කරාටේ සටන් ක්‍රමය හදාරා තිබිණ. මේ සල්ලාලයාගෙන් ගැලවීමට නම් ඔහු මෙල්ල කළ යුතු යෑයි සිතූ ඇය අතේ වූ බෑගයෙන් ඔහුට පාරවල් කීපයක්ම එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහරවල් වළක්වාලමින් ඇය සමඟ පොර බැදීමට තැත් කළේය. බෑගයෙන් පහර දී ඔහු මෙල්ල කිරීමට බැරි බව දැන ගත් ප්‍රඩියා කරාටේ පහරවල් කීපයක්ම ඔහුගේ මුහුණට එල්ල කළාය. බීමත්ව සිටි සල්ලාලයා එම පහර කා බිම ඇද වැටුණේය.
තරුණිය කළ මේ වීර ක්‍රියාවට අවට සිටි පිරිසගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි. ඔවුහු ගල් ගැසී එදෙස බලා සිටියා මිස වචනයක්වත් කතා නොකළහ. තමන් විනාශ කිරීමට පැමිණි සල්ලාලයා මෙල්ල කළ ප්‍රඩියා ඔහුගේ හිස කෙස්වලින් අල්ලාගෙන ඔහු පොලිසිය වෙත ඇද ගෙන ගියාය.
පදන්යාට අතවර කිරීමට සූදානම් වූ සල්ලාලයා කවුදැයි පොලිසිය හඳුනාගත්තේය. චාවන් චවුඩ් නමැති මොහු බේබද්දෙකු පමණක් නොව, මත්කුඩු උරන්නකු බව ද පොලිසිය කියා සිටියේය. මීට ඉහතදී ද ඔහු තරුණියන් කීපදෙනෙකුටම අතවර කළ කෙනෙකි. ඔහු පොලිසියට අසුනොවී කට්ටි පනිමින් සිටි සල්ලාලයකු බව පොලිසිය කියා සිටියේය. මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ ප්‍රඩියා මෙසේ කියා සිටියාය.
"මං වීරවරියක් කියල හිතන්නේ නැහැ. නමුත් මං කොහොම හරි මේ පුද්ගලයා මෙල්ල කළා. අපි අපේ ශක්තිය යොදල මෙවැනි අවස්ථාවලදී ඔවුන් මෙල්ල කර ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම නොකරන තරුණියන් තමයි මෙවැනි මැරයන්ගේ අතවරයන්ට ලක්වෙන්නේ.
තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට බාරදුන් ප්‍රඩියා මන්දාරේ නමැති ශිෂ්‍යාව අද පොලිසියේ පමණක් නොව බලධාරීන්ගේ ද ප්‍රශංසාවටත් කතාබහටත් ලක් වී සිටියි. ඇයට වීර පදක්කමක් පිරිනැමීමට ද ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගමයක් තීරණය කර ඇත. මේ අතර ඉන්දියාවේ ප්‍රබල කාන්තා සංගම් කීපයක්ම තරුණියන් අතවරයට ලක් කරන මැරයන් අල්ලා ඔවුනට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙයි. මෙනවා කළත් ඉන්දියාව තවමත් කාමාතුරයන්ගෙන් පිරී ගිය රටකි. දිනපතා තරුණියන් හතරපස්දෙනකු අතවරයට ලක්වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබේ. කාමාතුරයන්ට දෙන දඬුවම් ඉතාමත් ලිහිල් ය. මේ නිසා ඔවුන් තරුණියක් හුදකලාව අසු වූ තැනකදී දූෂණය කිරීමට ඉදිරිපත් වෙන බව මධ්‍යස්ථ මතධාරීහු කියා සිටිති.
-ආතර් යූ. අමරසේන
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
