දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා.
ඕනෑම ගර්භණී මවකට සති 37 පසු වීමෙන් අනතුරව ප්‍රසූතිය සිදුවෙන්න පුළුවන්. ඒ නිසාම වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා ප්‍රසූතියට සති තුනකට පෙර දින ලබා දෙනවා. තමන්ගේ ප්‍රසූති දිනය නිවැරැදිව දැනගන්න සෑම මවක්ම එදින පටන් ප්‍රසූතියට සූදානම් විය යුතුයි. සාමාන්‍යයෙන් රෝහලෙන් හෝ මාතෘ සායනයෙන් ප්‍රසූතිය සඳහා රෝහලට එනවිට රැගෙන ආ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් ලබා දෙනවා.
- ලක්ෂණ
තවත් ලක්ෂණයක් තමයි දරුවා සිටින වතුර බැගය පැළී ඉන් වතුර පිටතට ශ්‍රාවය වීම. මේ ලක්ෂණය ආරම්භයේදීම රෝස පාට උකු දියරයක් ලෙස වතුර ශ්‍රාවය එනවා.
මෙවැනි ලක්ෂණ කොයි මොහොතේ මතු වේද කියන්න බැහැ. ඒ නිසා ප්‍රසූතියට ආසන්න මවක් නිතරම පෙර සූදානමින් සිටීම අත්‍යවශ්‍යයි. රෝහලට ගියාම ලියාපදිංචි කිරීම සඳහා වාට්ටුවට රැගෙන යනවා. රුධිර පීඩනය, උෂ්ණත්වය මනිනවා. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හා හෙදිය විවිධ පරීක්ෂණ සිදු කරනවා.
මවකට එම පරීක්ෂණවලට භාජන වීමට සිදුවන්නේ මවගේ සහ දරුවාගේ යහපත සඳහායි. එබැවින් වේදනාව ඉවසා පරීක්ෂණවලට ඉඩදීම මවකගේ වගකීමක්. මවට ගර්භාණී වේදනාව දැනේ නම් යෝනි මාර්ගයේ පරීක්ෂණ සිදුකරනවා. ඉන් ගැබ් ගෙල විවර වෙලාද, වතුර බෑගය පුපුරා ගොස්ද කියා දැනගන්න පුළුවන්.
ප්‍රසවයේ අවස්ථා 3ක් තිබෙනවා. පළමුව ගර්භාෂයේ ගැබ්ගෙන 4ජථ පමණ විවර වනවා. මේ සඳහා පැය ගණනක් හෝ දින ගණනක් ගතවිය හැකියි. ඉන් පසු පළමු අවස්ථාව උදාවන අතර එහිදී ගැබිගෙල සම්පූර්ණයෙන්ම විවර වීම දක්නට පුළුවන්. එවිට ප්‍රසූතිය සඳහා අවශ්‍ය ඇඳුම් අන්දලා සූතිකාගාරයට මව රැගෙන යනවා.
- දරු ප්‍රසූතිය
- ආහාර පාන
ගර්භණී මවක් රෝහලට යන විට අත්‍යවශ්‍යයෙන්ම රැගෙන යා යුතු ද්‍රව්‍ය තිබෙනවා. ඉතාම වැදගත් තමන් සතුව තිබෙන සියලුම රිපෝර්ට් වර්ග, ඒ වගේම තරුණ කාලේ, විවාහයට පෙර හෝ පසු වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගත්, රුධිර පරීක්ෂණ කළ අවස්ථා පිළිබඳ සියලු තොරතුරු දරු ප්‍රසූතියට රැගෙන යන්න.
හංසි ආටිගල
උපදෙස් : විශේෂඥ වෛද්‍ය නීලන් කේ. රුද්‍රිගු ප්‍රසව හා නාරිවේදී
