නින්දට මිනිත්තු 10කට පෙර.

ගෙදරෙදාර වැඩ කටයුතු හා කාර්යාල වැඩවල නිරත වන කාන්තාවන්ට නිදහසක් නැහැ. රාත්රියේදී ලබන සුව නින්දට පෙර මිනිත්තු 10ක් හෝ යම් කාර්යයන් කිහිපයකට වෙන් කළොත් රාත්‍රිය සුවදායක නින්දක් ලබන්න වගේම උදෑසන දවස ප්‍රබෝධයෙන් ආරම්භ කරන්නත් පහසු වෙයි
රාත්‍රි ආහාර පිටතින් ගන්නවාට වඩා පෝෂණීය යමක් නිවෙසේම පිළියෙල කර ගැනීම හැම අතින්ම සුදුසු දෙයක්. නමුත් ආහාර ගත් පසුව මේ සියලු භාජන සෝදා පිරිසිදු කර තබන්නත් අමතක කරන්න එපා. පසුදින උදෑසන ආහාර පිසීමටත්, කාලය ඉතිරි කර ගැනීමටත් එය පහසුවක් වෙයි. නින්දට පෙර මිනිත්තු කිහිපයක් හෝ මේ සඳහා වෙන්කර ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.
කාර්යාලයට ගොස් නිවෙසට ආ විගස ඔබේ පාවහන් හා ඇඳුම් ගලවා ඉවත් කරන්න. දවස පුරාම කාර්යබහුලව ගත කර නිවෙසට පැමිණි විට ඇඳුම් ඉවත් කර පිරිසුදු වීමෙන් සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් සුවයකි.
- ශ්‍රව්‍ය දෘශ්‍ය සංගීත උපකරණවලින් අෑත් වන්න
කාර්යබහුල වන නිසා මනසට දැනෙන ආතතියෙන් මඳකට හෝ අෑත් වීමට වීඩියෝ ගේම්, ඩී.වී.ඩී. පට හෝ සංගීතයට සවන් දීමට ඇතැම් අය පුරුදු වී සිටිනවා. නමුත් නින්දට යෑමට පෙර රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර යන සියල්ල ක්‍රියා විරහිත කර තබන්න.
මේ අදහස ඇතැම් විට ඔබට විහිළුවක් විදියට දැනෙන්නත් පුළුවන්. නමුත් ඉදිරි දිනයේ වැඩකටයුතු ලැයිස්තුගත කර තබා ගැනීම ඔබේ කාලයද ඉතිරි කරවන්නකි. නින්දට යෑමට පෙර ඉදිරි දිනයේ කාර්යයන් සැලැසුම් කර තැබීම ඔබේ මනසටද සුවයක් ගෙනදෙයි.
ශාලිකා රංගනී සමරදිවාකර.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....