Showing posts with label yureni noshika. Show all posts

වෙනදාට මඟහැරෙන ජනප්‍රිය නිළි සම්මානය මෙදා සැරේ යුරේනිට ලැබුණු හැටි...


කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙදී හැබෑ වුණා නේද?

ඇත්තටම කාලයක් බලාපොරොත්තු වුණා. ඒ වගේම කාලයක් සම්මානයක් ගැන බලාපොරොත්තු රහිතව හිටියා. මොකද නිර්දේශ වුණත් සම්මාන ලැබුණෙ නෑ. ඒත් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජනප්‍රිය නිළි සම්මානය මට ලැබුණා. හරිම සතුටුයි ඒ සම්මානය ලැබීම ගැන.

මෙවර ජනප්‍රිය නිළි සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තේ?

ඇත්තටම මම මේ සැරේ සම්මාන උළෙලට යන්නත් නෙවෙයි හිටියේ. මොකද මම විදේශගත වෙලා ඉඳලා 25 වැනිදා තමයි ලංකාවට ආවේ. මහන්සි නිසා සම්මාන උළෙලට නොගිහින් ඉන්නයි හිටියේ. ඒත් දෙරණෙන් කතා කරලා කිව්වා අනිවාර්යයෙන් සම්මාන උළෙලට එන්න කියලා. මම මගේ කලා ජීවිතය පටන් ගත්තේ දෙරණෙන්. මගේ නමත් සම්මානවලට නිර්දේශ වෙලා තිබුණු නිසා අන්තිම මොහොතේ ඇඳුමක් පටලවාගෙන සම්මාන උළෙලට ගියා.

ඔය කිව්වට ඔච්චර කතා කරන්නේ සම්මානයක සේයාවක් තියෙන නිසා කියලා යුරේනිට හිතෙන්න ඇති?

මට එහෙමත් හිතුණා. සම්මාන තුනකට මගේ නම නිර්දේශ වෙලා තිබුණු නිසා දෙවැනි පාර කතා කරද්දී යන්න තීරණය කළා. රතු පලස ලස්සන කරන්න ලස්සන නිළියෝ ඕනෙනේ. ඒ නිසා මට කතා කරනවදෝ කියලත් හිතුණා. කොහොම වුණත් ඒ ගිය ගමන වැරැදුණේ නැහැ. මෙවර දෙරණ සිනමා රාත්‍රිය මට අමතක නොවන රාත්‍රියක්.

ජනප්‍රිය නිළි සම්මානයක් අතට ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?

ඇත්තටම මේක නිළියක් විදියට මට ලැබුණු පළමුවැනි සම්මානය. අවුරුදු ගාණක් ගියා ඒ සම්මානය ලැබෙන්න. කලාව වෙනුවෙන් දෙයක් කරපු අය අගය කිරීම ගැන දෙරණට මම ස්තුතිවන්ත වෙනවා. මම හැමදාම කලාවට ආදරය කළ ඒ වගේම මට පුළුවන් දේ කලාවට දෙන්න උත්සාහ කළ කෙනෙක්. කරන දෙයට සාධාරණ ඇගයීමක් නැති එක ගැන දුකක් තිබුණා. ඒත් මගේ කැපවීමට උත්සාහයට මෙවර ඇගයීමක් ලැබුණා.

ඔබ දායක වූ පළමු චිත්‍රපටයට මේ සම්මානය ලැබීමත් විශේෂත්වයක්?

ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය ව්ඪදධ ඹ්ඪමඥ. ඒ චිත්‍රපටය ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. කාලයක් ගියා ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එන්න. නමුත් කාලයකට පස්සේ හරි ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණු ඒ චිත්‍රපටය නිසා මට ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැබුණා.


යුරේනි ජනප්‍රිය නිළි සම්මානය වගේම තවත් සම්මානයක හිමිකාරියක් වුණානේ. ඒ ගැනත් කියමු?

සමාජ මාධ්‍යවල ජනප්‍රිය නිළිය ලෙසත් මට සම්මානයක් ලැබුණා. නව පරපුරේ නිළියක් ලෙස මට ඉස්සර ඉඳන්ම ප්‍රශංසා කරන්නත් මඩ ගහන්නත් පිරිසක් හිටියා. ප්‍රශංසා කිරීම වගේම මඩ ගැහීම ගත්තත් ඒ දෙකෙන්ම වෙන්නේ ජනප්‍රිය වීම. මම ඒ දෙකම දැක්කේ සුබවාදීව. ඒ නිසා සමාජ මාධ්‍යවල මාව කතා බහට ලක්වෙන චරිතයක් වුණා.

මඩ වැදෙද්දි ඒක සුබවාදීව දකින්න යුරේනි පුරුදු වුණේ කොහොමද?

මාව කවුරු හරි එක පාරක් වැට්ටුවොත් මම වැටි වැටී හරි නැඟිටින කෙනෙක්. මම උත්පත්තියෙන්ම ඒ ශක්තිය ගෙනත් තියෙනවා. චූටි චූන් මඩ ගහලා මාව කවදාවත් වට්ටන්න බැරි වුණා. මම ඒ මඩ ශක්තියක් කරගෙන ඉස්සරහට ගියා.

මේ දවස්වල හිරු මෙගා ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන යුරේනිවත් විවේචනයට ලක් වෙනවා?

මෙහෙමයි මම ඡ්දබඥපබචඪදඥප කෙනෙක්. ජනතාව ඉන්නේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා. ඒ වෙහෙසට පත් වුණු ජනතාවගේ මුහුණට හිනාවක් ගේන එක තමයි මමයි ටෙනි අයියයි, බන්දු අයියයි කරන්නේ. මෙගා ස්ටාර්වලින් අපි හරබර සංවාද කරන්නේ නෑ. අපි දාන ගොන් පාට්වලට හිනා වෙලා මිනිස්සු විඩාව මඟහැර ගන්නවා. කොළඹ මිනිස්සුන්ට මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. ප්‍රශ්නවලින් මිරිකුණු මිනිස්සුන්ට පැයකට හරි සතුටක් දෙන්න පුළුවන් වීම පිනක්. විද්වතුන්ට මේවා ගොන් පාට්.

යුරේනි කරන දේවල් විවේචනය කරන්න අය ඕන තරම් ඉන්නවා නේද?

අපිට සියයට සියයක් මිනිස්සුන්ව සතුටු කරන්න බෑ. කොච්චර හොඳ කළත් නරක තමයි අහන්න වෙන්නේ. ලංකාවේ 2%ක් හරි සතුටු කරන්න ලැබීම පිනක්. ඔය එක එක අය විවේචනය කළාට හිරු මෙගා ස්ටාර් අතිශය ජනප්‍රිය වෙලා වැඩිම රේටින්ග්ස් ලබාගෙන තියෙනවා. මඩ ගහන මිනිස්සු පැත්තක ඉඳලා මඩ ගහනවා. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ. ඒ අය බිරුවාවේ. ඒ නිසා හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ ජනප්‍රියත්වය වැටෙන්නේ නැහැ.

ජනප්‍රිය සම්මානයත් එක්ක දැන් යුරේනිට රංගනයේ වැඩ වැඩි වෙයිද?

ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට ගැන මම දන්නේ නෑ. සම්මාන ලැබුණට දින දෙන්න බැරි තරමට මට වැඩ ලැබෙයි කියලා නම් හිතන්නේ නැහැ. මම ආවට ගියාට වැඩ කරන්නේ නෑ. හොඳ දෙයක් හම්බ වුණොත් කරනවා.

'කූඹියෝ' එක්කත් යුරේනි ජනප්‍රිය වුණා. ඒ වගේ පුංචි තිරයේ වැඩ කටයුත්තකට ආයෙත් ආරාධනා ලැබුණේ නැද්ද?

ඇත්තටම තාම ආරාධනා ලැබුණේ නැහැ. 'කූඹියෝ' වගේ ටෙලි නාට්‍යයක් ආයෙත් ලංකාවේ කවදා හැදෙයිද දන්නේ නෑ. ඒ වගේ හොඳ නාට්‍ය හැදිලා මටත් ආරාධනා ලැබුණොත් ඒක මගේ වාසනාව.

[තිළිණි කෞශල්‍යා විජේසිංහ]

කූඹීන්ට මැදිවූ යුරේනි. (interview)


යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල් ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් වෙතිනි. අද රංගනයෙන් නිතර දැකගත නොහැකි වුවත් අද ඇය අපට හමුවන්නේ දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනේ නිවේදිකාවක ලෙසය. දැන් යුරේනි රඟපෑමෙන් සමුඅරගෙනද? රඟපාන්නෙ නැද්ද? ඒ ගැන කියන්න 'යුරේනි' ආ මොහොතකි මේ.


  • යුරේනි මොකද දැන් ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැද්ද?

රඟපානවා. මේ දිනවල කොටස් 40 කින් පමණ යුතු ”කූඹියෝ” ටෙලි මාලාවේ රඟපෑම්වලට දායක වෙනවා. 


  • යුරේනි ඇත්තටම ඔබ කොහොම චරිතයක්ද? වඩා උණුසුම් චරිතයක්ද? සීතල චරිතයක්ද? නැත්නම් පෙරළිකාර චරිතයක්ද?

නිවිච්ච කියලාම කියන්නත් බැහැ, තැන්පත්මත් නැහැ, පෙරළිකාරත් නැහැ. ඒ සියල්ලට අතරමැදි චරිතයක් වෙන්න පුළුවනි.


  • මොන වගේ කෙනෙක් වෙන්නද කැමති?

හොඳ පුරවැසියකු ලෙස කාටත් බරක් නැතුව, දැහැමින් ජීවත්වීම පරමාර්ථයයි.


  • ඒ වෙනුවෙන් තියෙන බාධා මොනවද?

එහෙම බාධා නැහැ. මොකද මම මාව බලාගෙන පාඩුවෙ සිටින කෙනෙක්. 


  • ක්ෂේත‍්‍රයේ ඔබට සිටින්නේ යාළුවෝද? හතුරෝද?

මම හැමෝටම ගෞරව කරනවා. ඒ අයත් මට ගෞරව කරනවා. හැමෝම මට යාළුවෝ. හතුරෝ නැහැ. 


  • මේ අද කටයුතු කරන විදියට යුරේනි වැඩ නොකළා නම්? මොන වගේ දෙයක් කරන්න තිබුණද?

එක්කෝ නීතිඥවරියක වෙන්න තිබුණා. නැත්නම් ඔෆිස් එකක ජොබ් එකක් කරන්න තිබුණා. 


  • ඇයි දැන් නීතිඥවරියක වෙන්න බැරිද?

දැන් පාඩම් කරන්න තරම් මනස පොතට යොදවන්න අමාරුයි. 


  • දැන් මනසට මොකද වෙලා තියෙන්නෙ?

මම හිතන්නෙ තැන්පත් වෙන්න කාලය දැන් ඇවිදින්.


  • ඒ වෙනුවෙන්ද අද සූදානම් වන්නෙ?

පොඞ්ඩ - පොඞ්ඩ හෙමි හෙමිහිට ඊට සූදානම් වෙමින් සිටින්නෙ. තනියම ජීවිතය ගතකරන කෙනෙක් හැටියට මම මගේ ජීවිතයේ ස්ථාවරය හදාගන්න  ඕනෑ. මටම කියලා තැනක් හදාගන්න  ඕනෑ. හොඳ සහකාරයෙක් ජීවිතයට අවශ්‍යයි. 


  • මේ දක්වා හොඳ සහකාරයෙක් හමුවුණේ නැද්ද?

හමුවෙලා තියෙනවා. ඒත් හිමිකරුවා හමුවෙලා නැහැ. 


  • හිමිකරුවා කොහොම කෙනෙක් විය යුතුද?

මේ විදියයි අරවිදියයි කියලා කියන්න බැහැ. නමුත් මම හිතන විදියට දෛවයෙ ලියැවිලා ඇති කෙනා හමුවුණාම ජීවිතයේ හරි සංකලනය ඇතිවේවි. 


  • ගෙවී ගිය ජීවිතය ගැන කොහොමද අද හිතන්නෙ?

සතුටක් තියෙනවා. තවත් වගකීමකින් වැඩ කළා නම් තවත් හොඳයි කියලත් හිතෙනවා. තාරුණ්‍යයේ සිතිවිලි එක්ක වැරදි අතපසුවීම් වෙද්දී මාව හදන්න කවුරුවත් හිටියෙ නැහැ. නමුත් තනියම පොළවේ පයගහලා, ආත්ම ගරුත්වය ඇතිව හරි විදියට කටයුතු කරලා මහන්සියෙන් ලොකු දුරක් ඇවිත් කියලා හිතෙනවා. 


  • වැරදි හදන්න හිටියෙ නැහැ කිව්වෙ? මොනවද කළ වැරදි?

ක්ෂේත‍්‍රයට ආවේ පාසැලින් අයින්වූ විගසම වගෙයි. ඒ මුල් කාලයේදී සමහර දේ වෙද්දි මට තරහා ගියා. ඒ නිසාම අහිමිව ගිය දේ තිබුණා. සමහර වෙලාවට එදා මම  ඕනෑවටත් වඩා සැහැල්ලූවෙන් හිතුවෙ. කොහොම වුණත් අද මම ඉන්නෙ හරි ට‍්‍රැක් එකේ, නැත්නම් නියම මාර්ගයේ කියලා හිතනවා. 


  • ජීවිතයේ ඔබ ගරුකරන චරිතය?

නෙල්සන් මැන්ඩෙලා. එයා ජීවිතයේ අවසාන කාලයේදී පවා බලාපොරොත්තු අත්හැරිය කෙනෙක් වුණේ නැහැ. ඒක හරි විශිෂ්ඨ පණිවුඩයක්. බාධක කම්කටොළු තිබුණත්, ඒවාට මුහුණදී ගියොත් ජීවිතය ජයගත හැකියි. එච්චර සිරගත වෙලා හිටපු මැන්ඩෙලා හිරෙන් නිදහස්ව ඇවිත් කිව්වෙ ”මේ අපි පළිගන්න වෙලාවක් නෙවෙයි” කියලයි. එයා ආදරය කළේ හොඳට විතරමයි. එයාට එහෙම කළා කියලා එයා කොහෙන්වත් පලිගන්න ගියේ නැහැ. කොච්චර හොඳ දර්ශනයක්ද එය. 


  • ඔබ ඔබව හදාගන්නෙ කොහොමද?

මම අත්දැකීම් වලින්ම හැදුණු කෙනෙක්. ඒ සියලූ අත්දැකීම් වෙතින් මම වඩා ශක්තිමත් වුණා. සමහරු මා ගැන හිතන්නෙ පිස්සු නටන, බොහොම සැහැල්ලූවෙන් ජීවිතය ගතකරන කෙනෙක් කියලා, ජීවිතය සුන්දරයි තමයි. ඒත් හරි ලස්සන ලෙහෙසි ගමනක් වුණේ නැහැ. අභියෝග වලින් ජයගෙන, තවමත් ජය ගනිමින් සිටින කෙනෙක්. අරමුණ අධිෂ්ඨානය සහ දැක්ම තමයි දැන් මම එල්ලය කරගෙන සිටින්නෙ.


-Lankadeepa.lk