ඔබ වඩාත් ප්‍රිය කරන යෝගට් අනුභව කරන ගමන්, ශරීරයේ අනවශ්‍ය බරද අඩුකරගන්නට පුළුවන් නම් එය කොපමණ අගනේද ? අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ යෝගට් කන ගමන් බර අඩුකරගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ අපි ලබාදෙන උපදෙස් වලට අනුව යෝගට් අනුභව කිරීම පමණයි.
උදෑසන අවදි වූ විගස ලොකු වතුර වීදුරුවක් හිස් බඩ පානය කිරීමද ඉතාමත් වැදගත් බව පළමුව ඔබට මතක් කරන්නට ඕනේ.
- පළමු දවස
දහවල් ආහාරයට / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්.
පස්වරු 5 / යෝගට් මිලිලීටර් 300ක් සහ ඔබ කැමති පළතුරක් (රාත්‍රී ආහාරය / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්
නින්දට යෑමට ප්‍රථමව සීනි එකතු නොකර සාදාගත් තේ එකක් සමග වියලි මිදී ගෙඩි 3ක් පරිභෝජනය කරන්න (පළමු දවසට පමණක් නොවෙයි දින 5 ටම අදාළ වේ
- දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි දවස
දහවල් ආහාරය / එළවලූ සුප් බඳුනක්, යෝගට් මිලිලීටර් 300ක්, සහ කැමති පලතුරක්.
පස්වරු 5 / සීනි නොමැතිව සකසා ගත් තේ කෝප්පයක්, යෝගට් මිලිලීටර් 300ක් සහ පලතුරක්. ල සෙඑබැිි එර්සබසබට
රාත්‍රී ආහාරය / තම්බාගත් මාළු පෙති කිහිපයක්, බටර් මේසහැන්දක් එකතු කොට සකසාගත් සලාදයක් සහ සීනි එකතු නොකර සකසාගත් පලතුරු යුෂ එකක්.
මේදය රහිත (නන් ෆැට්) යෝගට් නිෂ්පාදනයක්ම තොරාගන්නවානම් ඔබට වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන් වේවි.
මේ විදියට දවස් 5ක් ඔබ ආහාර පාලනය කරන විට ඔබේ ශරීරයේ අනවශ්‍ය බරින් කිලෝග්‍රෑම් 3ක් පමණ අඩුවෙනවා.
උපුටා ගැනීම - කීර්ති ගේ නුදුටුලෝකයෙන්
