Showing posts with label love. Show all posts

සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

ඔබටත් ඔබේ බිරිඳගෙන් මේ දේවල් ලැබෙනවද?


විවාහ ජීවිතයක පැවැත්ම තියෙන්නෙ ඒ දෙන්නගෙ අන්‍යොන්‍ය සහයෝගය සහ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම මත. මේ දේපාර්ශවයම දෙපාර්ශවයෙන්ම බලාපොරොත්තු වන දේවල් රැසක් තියෙනව. ඒ සමහර දේවල් ඔහු හෝ ඇය බලාපොරොත්තු වුණාට ඉල්ලන්නෙ නැති වෙන් පුළුවන්. 

බිරිඳකගෙන් සැමියෙක් බලාපොරොත්තුවන මූලික කාරනා කිහිපයක් පවුල් උපදේශකයෙකු වන  ආචාර්ය විලර්ඞ් එෆ් හාලි මහතා මෙසේ පෙන්වා දෙනවා. ඔහු මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙක් වනවා. ඔහු විසින් රචිත His Needs, Her Needs: Building an Affair-proof Marriage ග්‍ර‍න්ථය ලොව පුරා ජනප්‍රිය වූවක්. එය භාෂා 22ට පරිවර්ථනය වී ඇති අතර, පිටපත් මිලියන 3ක් පමණ ලොවපුරා අළෙවි වී තිබෙනවා.

විනෝදකාමී බව සහ මිත‍්‍රත්වය

ඔබ සහ සැමියා එකට එකතු වී යම් යම් වැඩ වල නිරත වන අවස්ථා බහුලව තියෙනවා. ඒත් ඒ වැඩ යම් තරමකින් හරි විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන්නම්, එය ඔබේ පවුල් ජීවිතය ප‍්‍රීතිමත් කරනවා නොඅනුමානයි. දෙදෙනාම එකට වැඩ කරන අවස්ථාවට ඔබට පුළුවන්නම් ඔහු කැමති මොන වගේ දේවල් වලටද කියල තේරුම් ගන්න එය ඔබේ හොද ජයග‍්‍රහණයක් වෙනවා. සෑම දිනකම නොකලත් සුළු කාලයක් හෝ මිඩංගු කරල ඔබට සැමියා සමග යම් ක‍්‍රීඩාවක යෙදෙන්නට පුළුවන් නම් දිනෙන් දින ඔබ ගත කරන කාලය උද්යෝගිමත් කර ගන්න පුළුවන්. මේ දේවල් වලින් කරන්නේ ඔබ සැමියාගේ විනෝදාංශයන් වලට උනන්දු වන බව පෙන්වීමයි. එතකොට සැමියත් ඔබගේ විනෝදාංශ ගැන උනන්දු වේවි.

ලිංගික අවශ්‍යතාවයන්

ලිංගික අවශ්‍යතාවයන් කියන දෙය ඔබ ඉතා ඉක්මනින් නොසලකා හරින කාරණයක් වෙන්නට පුළුවන්. ඒත් එය වැදගත් දෙයක්. ඒ මොකද කිව්වොත් අඹු සැමියන් විදිහට මේ දේ අත්‍යාවශ්‍යයි. විවාහ ජීවිතයක සිටින දෙදෙනෙකු තේරුම් ගතයුතු දෙයක් තමයි ලිංගිකත්වය කියන්නේ යම් විදිහකින් ගත්තොත් සෙල්ලමක් වගේ දෙයක් කියන එක. එය හරි හැටි නොවුනහොත් දඩුවම්කාරී දෙයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ එයින් වෙන්නේ සෘණාත්මක බව වැඩිවීම සහ අමනාපයන් ඇතිවිමයි. අමනාපයෙන් සිටිනවාට වඩා මිත‍්‍රත්වය දෙදෙනෙකුට සමගියෙන්  ඕනෑම දෙයක් කිරීමට හැකි තත්වයට පත්කරනවා. ඒ වගේම ලිංගිකත්වය කියන්නේ ඔබේ සැමියාටත් අත්‍යවශ්‍ය දෙයක්. මෙහිදී ඉරියව් ගැන සහ උද්යෝගය ගැන සිතීම ගොඩක් වැදගත් වෙනවා.

අගය කිරීම්

සාර්ථක විවාහ ජීවිතයක් සදහා ඔබගේ සැමියා ඔහුගෙන් ඉටුවිය යුතු සෑම දෙයක්ම වගේ කරනවා. රැකියාවට යෑම, පාසලට යෑම, ළමයින් බලා ගැනීම වගේ දේවල් තමයි ඔහුගෙන් ඉටු වෙන සේවාවන් වෙන්නේ. නමුත් ඔහු විසින් මේ දේවල් කලත් ඔබට ඇස ගැටෙන්නේ නැති අවස්ථානම් වැඩියි. අපි උදාහරණයක් ගත්තොත්  ර්‍ණමගේ සැමියා දවසට පැය 8 ක් 10 වියදම් කරලා පාසලට යනවා ගෙදර වැඩ කරනවා රැුකියාවට යනවා” ඔබ මේ විදිහට සිතන අවස්ථා ගොඩක් අඩුයි. ඒ වගේම ඔහුගේ මේ වැඩ පහසු කරන්නේ කොහොමද කියලාවත් ඔබ හිතන්නේ නැතුව ඇති. නමුත් මතක තබාගන්න එය ඔබට කළහැකි මෙන්ම ඉටුවිය යුතු දෙයක් කියලා. ඔබ ඔහුගේ වැඩ සෑම වේලාවකම අගය කරන්න උත්සාහ කරන්න.

ගේ දොර වැ‍ඩ වලට උදව් වීම

මෙය ගොඩක් දුරට ගෙදර සාමය ආරක්ෂා වීමටත්, නිවසේ පරිසරය නිරවුල් වීමටත් බලපාන දෙයක්. දෙදෙනා එකිනෙකාගේ වැඩ බෙදා ගත යුතුයි. තව විදිහකින් කිව්වොත් සැමියා කාර්ය බහුල වේලාවට ඔබ ඔහුගේ අනෙකුත් වැඩ කරදීමට උනන්දු විය යුතුයි. මතක තබාගන්න පවුලේ දියුණුව වෙනුවෙන් ඔහු ‍ගොඩක් ලොකු වැඩ කොටසක් කරන බව. ඔබ ඔහුගේ යම් යම් අතපසුවන වැඩ ගැන හිතන්න  ඕනේ.

සිත් ඇදගන්නා භාර්යාවක් වීම

ඔබ අවුරුදු 12 ක පමණ අත්දැකීම් ඇති භාර්යාවක් නම් සැමියා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මොනවගේ දේවල්ද කියලා හොදින් දන්නවා. ඉතා හොදයි. ඒක ගොඩක් හොද තේරුම්ගැනීමක්. ඒත් සමහර විට ඔබ මුලූ දවසම එකම ඇදුමකින් සිටිනවා විය හැකියි. ඒ වගේම දවසේ වැඩත් එක්ක පිරිසිදුකම ගැන සිතීම අතපසු වෙනවාත් ඇති. ඒත් ඒ වගේ අතපසුවීම් වලක්වා ගැනීම ඔබ සිතන්න ඔනේ. යම් තරමකින් ඔබ සමහර දින වලට අපි මේ කියන දේ ගැන සිතනවා විය හැකියි. ඒත් පුරුද්දක් විදිහට ඔබ දිනකට අදින්නේ එක් ඇදුමක් පමණයි නම් එය සැමියාගේ අප‍්‍රසාදයට හේතුවක් වෙනවා. ඔබගේ පෙනුම ආකර්ෂනීය විදිහට තබා ගැනීමට උනන්දු ‍වෙන්න. උදාහරණයක් විදිහට ඔබට පුළුවන්නම් ? කෑම වේලාවට සැමියා කෑමට පැමිනීමට තත්පර 30 කටවත් කලින් ඔබගේ පෙනුම අළුත් කරගන්න. ඒය ඔබගේ අරමුණ ගොඩක් ලේසි කරයි. මෙය කරලා බලන්න. එතකොට සැමියා ඔබව දකින සෑම අවස්ථාවට ගොඩක් සතුටින් සිටිනවා නොඅනුමානයි.

මේ ක‍්‍රම ඔබ ‍‍හොදින් අධ්‍යනය කලොත්, ඔබට ඔබගේ විවාහ ජීවිතය වගේම ඔබගේ සහකරුවාගේ අවශ්‍යතා මොනවද කියලත් තේරුම් ගන්න පුළුවන්. එතකොට පුළුවන් එකිනෙකාගේ අවශ්‍යතා තේරුම්ගෙන ආරවුල් නැති ඉතා හොද පවුල් ජීවිතයක් ගත කරන්න.


අත ළග එන වැලන්ටයින් - සංකල්පනා මලලවීර.


පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලොකු පොඩි කාගේත් හිත වසාගන්න හැගීම තමයි “ මේ වැලන්ටයින් මාසේ “ කියන එක. ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ???? හොයලම බලමු....

වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි පූජකතුමෙකුගෙ නමක්. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. අපේ රටේ නම් වැලන්ටයින් කියන්නෙ ආගමික ස්වරූපයක් ගන්න උත්සවයක් නෙමේ. අනික අපේ රටේ වැලන්ටයින් ගොඩක්ම සමරන්න පෙළබෙන්නෙ තරුණ තරුණියො.

වැලන්ටයින් සාමි තුමා කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි දෙවනක්ලෝඩියස් කියන රෝම අධිරාජ්යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්යය ලොකු කරගන්න. ඒ හින්දම එයා නියෝග කලාලු රටේ ඉන්න හැම මිනිහෙක්ටම හමුදාවට බැදෙන්න කියලා. කසාද බැදපු මිනිස්සුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයෝ බදව ගත්තම හොදට වැඩ කරගන්න පුලුවන් නේද කියලා කල්පනා කරපු මේ අධිරාජ්යයා කසාද බදින එක තහනම් කලාලු. වැලන්ටයින් පියතුමා හිටියෙත් ඔය කාලෙමනෙ , ඉතින් එයාට තේරිලා මේ නීතිය නිසා couple විදින දුක,එයා හොරෙන්ම ආදරය කරන couple ගෙන්නලා කසාද බන්දවලා. මේ වැඩේ ටික දවසක් යද්දි කොහොම හරි ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා වැලන්ටයින් පියතුමාව හිර කරලා පස්සෙ පෙබරවාරි 14 වෙනි දවසක හිස ගසා මරා දමලා .ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව 496දී (1969) ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව “ආදරවන්තයන්ගේ සාන්තුවරයා” වශයෙන් නම් කරලා තියෙනවා.සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින්..........හැබැයි අද.................

පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලංකාවේ කඩ සාප්පු ඔක්කොම වගේ වැලන්ටයින් වෙනුවෙන් හැඩ වෙනවා..... සුබ පැතුම් පත් , රෝස මල් විතරක් නෙමේ වැලන්ටයින් party වලට ගැලපෙන විදියේ ඇදුම් පැළදුම් වලින් නිමි ඇදුම් සාප්පු වල ප්‍රදර්ශනාගාර පිරිලා ඉතිරිලා යනවා........ගොඩක් යට තමන්ගේ කෙල්ලට , කොල්ලට ආදරේ කරන්න මතක් වෙන්නේ වැලන්ටයින් දවසට විතරයි..........

වැලන්ටයින් දිනයත් එක්ක රෝස මල් සම්බන්ධ වෙන්නේ ,

වැලන්ටයින් සාමි තුමාගේ මරණ දඩුවම ගැන අහපු එතුමාගේ බැතිමතුන් එතුමාගේ සිර කුටියට රෝස මල් එවන්න ගත්තු නිසාලු........

පෙබරවාරි 14 කියන්නේ රටට ලෝකෙට පෙන්න තමන්ගේ කෙල්ලගේ කොල්ලගේ අත් අල්ලාගෙන valentine party වලට ගිහින් සින්දු කියා කියා බිබී නටන්න ඕනේ දවසක් නෙමේ.....හරිනම් ආදරවන්තයින් වෙනුවෙන් සටන් කරලා ජීවිතේ පුජා කරපු වැලන්ටයින් සාමි තුමාව අනුස්මරණය කරන්න ඕනේ දවසක්...........


සංකල්පනා මලලවීර
2016/02/06

ජිවිතේම ප්‍රශ්නයක් ?



වෙලාවකට ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්...අපි හැමෝම වැරදි කරනවා...සමහරු ඒ වැරදි තනියෙන් හිතලා හදාගන්නවා….සමහරු කවිරු හරි පෙන්නුවම තේරුන් අරන් හදාගන්නවා….තවත් සමහරු තේරුන් ගන්නෙත් නැහැ කවුරු පෙන්නුවත් වෙනස් වෙන්නෙ වත් ඒ වැරදි හදාගන්නෙවත් නැහැ…...සමහර වැරදි නිසා ජීවිතේම නාස්ති වෙලා යනවා….එකම එක පුංචි වැරැද්දකට පුළුවන් ජීවිතයක් කාලකණ්ණි කරලා නැත්තටම නැති කරලා දාන්න…..

වැරදි හදාගෙන සමාජයේ ඉස්සරහට අඩිය තියන්න හැදුවත් , මේ කාලකණ්ණි නින්දිත සමාජය එහෙමත් නැත්තන් හිතක් පපුවක් නැති අදුරු අතීතය අපේ කකුලෙන් අදිනවා…..අතීතය නිසා තැවි තැවී දුක් විදින් වර්තමානය මිසක් ඉන් එහා ලස්සන වර්ණවත් අනාගතයක් ගැන හීන මවන්න අපෙ හුගක් දෙනා පැකිලෙන්නෙත් ඒ හින්දා ම වෙන්න ඇති කියලා මං හිතනවා….

ජීවිතයක සතුට එක නිමේශයකින් නැත්තට නැති කරලා දාන්න එකම එක වචනයක් එහෙමත් නැත්තන් බොරුවක් හොදටම ඇති….හිතට තට්ටුවක් දාලා චුට්ටක් අහලා බලන්න , අපෙ හිතේ ඉහලම තැනක ඉන්න කෙනෙක්ගෙන් අත්වැරැදීමකින් හෝ පිට වුන එක වචනයක් නිසා කොච්චර නම් හිත රිද්දගත්ත ද කියලා….

ජීවිතේ සතුට එහෙමත් නැත්තන් ආත්මයම නැති වුනා කියලා දැනෙද්දි හුස්ම ගන්න එක පවා කරදරයක් කියලා දැනෙන්න ගන්නවා….

ජීවිතේ සතුට සැනසිල්ල හොරු අරන් ගියහම ආත්මයට හව්හරණක් හොයනවා ඇරෙන්න වෙන විකල්පයක් තියෙනවද….?

සමාධි සංකල්පනා මලලවීර



modern stylish අපිත් classic වෙන වෙලාවල් එනවා




ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි...... හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා.....

සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී අපිත් ඒ සාම්ප්‍රධායික ගොඩට වැටෙනවා. හැබැයි අපි දන්නෙත් නැහැ අපි ඒ ගොඩට වැටිලා කියලා..........

ආදරය ගැන ප්‍රශ්න ආවම කොච්චර රැඩිකල් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ  උනත් සාම්ප්‍රධායික මානසිකත්වයකින් හිතන්න ගන්නවා...... බොලද වැඩ කරන්න ගන්නේ හරියට තුන හතර වසරේ පන්ති වල ඉන්න පොඩි එවුන් වගේ....

ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අදහස් හණමිටි අදහස් කියලා ගණන් නොගන්න ,  අපිට අපේ වැඩ තනියෙන් කරගන්න පුළුවන් කාගේවත් උදව් ඕනේ නැහැ කියලා කෑගහන ගොඩක් කෙල්ලොන්ට කොල්ලොන්ට පොට වැරදුනාම තමා ගෙදර ඉන්න අම්මාව තාත්තව මතක් වෙන්නේ. හොට බිම ඇනුනම තමා තේරෙන්නේ දෙමව්පියන්ගේ හණමිටි අදහස් වල සත්‍යතාව 100% කියලා.

ගෙවල් වල ඉන්න අහිංසක අම්මා තාත්ත ගෙන් opinions ගන්න එක youth generation එකේ අපිට මදිකමක් කියලා හිතෙනවා ඇති.  චුට්ටක් හිතලා බලන්න ලී බඩුවක උනත් වටිනාකම වැඩි වෙන්නේ modern designs වලට වඩා classic designs වල නේද කියලා.....පණ්ඩිතකමට තනි තීරණ අරගෙන අපි කොච්චර නම් දුක් විදින අවස්ථා තියෙනවද. 

නැවතිලා හිතලා බැලුවම වෙලාවකට modern youth generation ඒක කියන්නේ modern විදියට දුක් විදින ජාතියක්.

හිතට බරක් දැනෙන ප්‍රශ්නයක් ආවහම ගිහිල්ලා නතර වෙන්නේ ගමේ පන්සලේ බෝ ගහ යට. ඇත්ත බෝ ගහ යට ඉද්දි හිතට මහා සැනසිල්ලක් දැනෙනවා තමයි. පන්සල් යන්න ඕනේ කියලා අම්මලාට කිව්වම එයාලා හිතන්නේ අපි එකත් කරන්නේ style එකට කියල. එහෙම නෙමේ modern stylish අපිත් classic වෙන වෙලාවල් එනවා.

තරුණ අපේ ජිවිත වෙලාවකට පාවෙන සරුංගල් වගේ.....අරමුණක් නැතුව ඔහේ පාවෙවී තියෙනවා. අරමුණක් හදාගෙන ඉස්සරහට යන්න උත්සහ කරද්දී අපේ කකුල් වලින් අදින කල්‍යාණ මිත්‍රයෝ මේ සමාජයේ අනන්තයි අප්‍රමාණයි. එහෙමයි කියලා අපි නවතියිද ? නැහැ. 
එන ඕනෙම ප්‍රශ්නෙකට කෙලින් මුහුණ දීල අම්මලා තාත්තලාගේ හිත නොරිදා අපේ අරමුණු වලට යන එකයි තරුණ අපේ ඉලක්කය.... 

වපර ඇස් වලින්ම අපි දිහා නොබලා යහපත් දෘෂ්ටි කෝණයකිනුත් අපි දිහා බැලුවොත් සමාජයට නරකක් වෙන එකක් නැහැ !

සමාධි සංකල්පනා මලලවීර

2016 / 01 / 06 


මගේ අසරණ ලෝකයේ.…ඔබ....




මගේ අසරණ ලෝකයේ
ඔබ එකම සිතුවිල්ලයි
එවන් සිතුවිලි දිළිදු හදකට
එකම සැනසිල්ලයි

දයාවක් හෝ සෙනෙහසක් නැති
සිනහවක් හෝ තෙතමනක් නැති
ඔබෙ සිත මා හෙටත් පතනා
එකම මුතුරැුල්ලයි

හමු නොවන මුත්
සසරෙ යළි අප
රිදවුවත් සිත පෙර දිනේ සිට
ඔබෙ හඩ සවනත ගැටෙන විට
සිතට සැනසිල්ලයි

සමාධි මලලවීර




'විදිය යුතු විදවනා ආදරය' සමාධි මලලවීර විසිනි


ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.

පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස හිතුනම call එකක් ගත්තොත් කරදරයක් ද කියලා අහන්න වෙද්දී හිතට දැනෙන අසරණකම වචන වලට ගලපගන්න බැරි තරම් කියල දන්නේ ඒ දේ විදපු කෙනෙක් විතරයි...

තමන් ඉස්සර වගේ කතා කරන්න ගත්තොත් තියෙන සම්බන්දයත් නතර වෙයිදෝ කියලා හිතේ තියෙන තිගැස්ම වගේම බැරි වෙලාවත් ඒ number එක busy උනොත් , එහෙමත් නැත්තන් call එකක ඉද්දි hold වැටුනොත් පපුව පිච්චෙන්න ගන්න තරම දන්නෙත් විදවන හදවතක්ම විතරයි...

පුංචි වෙනසක් ගැන උනත් දවස් ගානක් හිතන්න තරම් ආදරේ ඉස්සරහ බොලද වෙද්දී , වෙලාවකට තමන් ගැනම දුකයි. 

ලෝකේ ඉස්සරහ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති care කරන්නේ නැති ජීවිතේ විදිනව කියල පෙන්නන ගොඩක් අය එහෙම හැසිරෙන්නේ ආදරේ හින්ද විදවන ගමන් ඒ දුක නැති කරගන්නයි.

ආදරය කියන්නේ විදින්න ඕනේ දෙයක්....ජීවිතෙත් එහෙමයි...විදින්න පුළුවන් ආදරේ විදවලා ජීවිතේම නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ ආදරේ විශ්වාස කරගෙන දුකක් උනත් උහුලගන්න පුළුවන් නම් කවදාවත් ඔයාට ඔයාගේ ආදරේ නැති වෙන එකක් නැහැ. හිනාවෙලා ඒ ආදරේ විදින්න පුළුවන් දවසක් එයි...ඒ දවස වෙනකන් තමන්ගේ ආදරේ විශ්වාස කරන්න....තමන්ගේ ආදරේ අයිතිකරයව එහෙමත් නැත්තන් අයිතිකරියව විශ්වාස කරන්න....


සමාධි සංකල්පනා මලලවීර 
2015/12/12 


දුරින් හිටියත් ආදරෙයි.


අපි ආදරය කරන අය අපි ළඟින්ම ඉන්නවට අපි ගොඩක් කැමැතියි. ඒත් සමහර වෙලාවට අපේ ආදරණීයයන්ගෙන් අපිට ඈත් වෙන්න සිද්ධ වෙනවා. පෙම්වතෙකුට පෙම්වතියකට විතරක් නෙමෙයි විවාහ වෙච්ච යුවළකට වුණත් මේක ටිකක් අමිහිරි අත්දැකීමක්. සමහරවිට ඔයාට හරි එයාට හරි දුර පළාතකින් රැකියාවක් හම්බවෙලා, සමහරවිට උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවෙන්න සිද්ධ වෙලා, ඔයාලා ඈත් වුණාම සම්බන්ධය තියාගන්න ටිකක් අමාරුයි තමා. හැබැයි අපි අද ඔයාලට කියලා දෙන්නෙ දුරින් ඉන්න කෙනෙක්, ළඟින් ඉන්න කෙනෙක් වගේ තියාගෙන ඔයාලගේ ආදරය තවත් ශක්තිමත් කරගන්න ක‍්‍රම කිහිපයක්. සමහරවිට ඔයාට හිතෙයි මේවා හරි පුංචි දේවල් කියලා. හැබැයි පුංචි දේවල් තමයි අපේ ජීවිත ජීවත් කරන්නේ.


එයත් එක්කම වැඩ කරන්න.

ඔයාලා දෙන්නා එකතැන නොහිටියාට ඔයාට පුළුවන් එයත් එක්ක එකට වැඩ කරන්න. එයත් එක්ක කන්න, එයත් එක්ක ටී.වී. බලන්න වගේම එයත් එක්ක කෑම ටිකක් හදන්න ඔයාට පුළුවන්. එයාට කතා කරන්න පුංචි ‘බ්ලූටූත් හෑන්ඞ් ෆ‍්‍රී’ එකක් ගන්න පුළුවන් නම් ඒක තවත් ලේසි වෙයි. අමතක නොකර ඔයාගේ වැඩවලට එයාගෙන් උපදෙස් ටිකකුත් ගන්න. ඒකට එයා ගොඩක් සතුටු වෙයි.


හැම මොහොතකම පේ‍්‍රමණීය වෙන්න.

හැම මොහොතකම ඔයාලට පේ‍්‍රමය ඉදිරියෙන් තියාගන්න පුළුවන් නම් ඔයාට එයාගේ ආදරයත් එයාට ඔයාගේ ආදරයත් ගොඩක් කිට්ටුවෙන්ම දැනෙයි. ඔයාලගේ කතාව හැමවෙලාවෙම සරල විදිහට සුන්දරව කරගෙන යන්න. ඔයාට පුළුවන් ජීවිතේ ඔයා වැඩියෙන්ම ආදරය කරන කෙනාට පුංචි SMS එකක් යවලා දවස පටන් ගන්න. දැන් අලූත් සුබ පැතීමේ ක‍්‍රමත් තියෙන හින්දා එහෙම සුබ පැතුවත් ගැටලූවක් නැහැ. හිතන්න ඔයා ආදරය කරන කෙනා හැමදාම මුලින්ම ඔයාගේ දවස සුබ වෙන්න ප‍්‍රාර්ථනා කරලා එවන මැසේජ් එකක් ගැන. කොච්චර සුන්දර උදෑසනක් ද ඒක....

ලිපියක් ලියන්න.

ලියුම් ලියන එක ගොඩක් පරණ ක‍්‍රමයක් කියලා ඔයා හිතයි. හැබැයි ලියුමක් ඇතුළේ සඟවලා, ලියුමක් ඇතුළේ තවරලා ඔයාට එයා වෙනුවෙන්ම අකුරු ටිකක් එකතු කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒත් එක්කම එයාට ඔයාගේ මතකය අලූත් කරගන්න පුංචි තෑග්ගකුත් යවන්න. ඒක එයාට ගොඩක් දැනෙයි. ඒ වගේම ඔයාට පුළුවන් නම් කුරියර් සර්විස් එකකින් මාසෙකට දෙකට සැරයක් එයාට පුංචි පාර්සලයක් යවන්න. පුංචි මල් පොකුරක් වුණත් කමක් නැහැ.

මූණ බලන්න හැමදාම.

ඉස්සර එයාගේ මූණ බලන්න එයාව හම්බවෙනකම් ඉන්න සිද්ධ වුණත් අද එහෙම නැහැ. ස්කයිප් එක හරහා හැමදාම එයාට කතා කරන්න ඔයාට පුළුවන්. ඒක ඔයාලගේ සම්බන්ධතාව ආදරණීයව තියාගන්න ගොඩක් වටිනා හේතුවක් වෙයි. එයාට ඔයා අලූතින් ගන්න ඇඳුම් වගේ දේවල් ස්කයිප් එකෙන් පෙන්නන්න. එයාගෙන් අහන්න ඒවා ලස්සනයිද කියලා. එයා ඔයාට ළඟ ඉන්නවා වගේම ඒ දේවල්වලට උත්තර දෙයි. ඔයාගේ Phone එකෙත් ස්කයිප් තියනවා නම් ගමනක් යන ගමන් වුණත් එයා දිහා බලාගෙන කතා කරන්න පුළුවන් වුණොත් එයත් ඔයත් එක්ක ඒ ගමන යනවා වගේ දැනෙයි.

පින්තූර යවන්න.

එයාට ඔයාගේ පින්තූර විතරක් නෙමෙයි යන එන තැන්වලත් පින්තූර යවන්න. ඉස්සර තැපැල් කරලා මේ පින්තූර යවන්න සිද්ධ වුණත් දැන් Facebook හරි What's app හරි හරහා ඒ වෙලාවෙම එයාට පින්තූර ටික යවන්න ඔයාට පුළුවන්. ඔයා ෂොපින් ගියපුවහම එතැන තියන ඇඳුමක් ගැන වුණත් ඔයාට ඒ වෙලාවෙම එයාගෙන් අහන්න පුළුවන් වෙච්ච තාක්ෂණයක් දැන් තියෙන කොට ඒ තාක්ෂණය ඔයාලගේ ආදරයට පුංචි තල්ලූවක් කරගත්තොත් නරකද?

පුදුම කරන්න.


ඔයාට හදිස්සියේ නිවාඩුවක් ලැබුණොත් එයාව පුදුම කරන්න ඒ නිවාඩුව පාවිච්චි කළොත් අපූරුයි නේද? පුළුවන්කමක් තියෙනවා නම් එයාව බලන්න යන්න. නොහිතපු වෙලාවක ඔයා එයාගේ ඉස්සරහා හිටියහම එයාගේ ඇස් දෙක කඳුළින් තෙත් වෙනවට නම් සැකයක් නැහැ.

හැමදාම කතා කරන්න.


පුංචි වෙලාවක් හරි එයත් එක්ක හැමදාම කතා කරන්න. ඔයාට කොච්චර වැඩ තිබුණත් වැඩකරලා කොච්චර මහන්සි වුණත් ඔයාට ඔයාගේ ආදරය වෙනුවෙන් විනාඩි දහයක් වත් වෙන්කරන්න බැහැ කියන එක ඇත්තක් නෙමෙයි. හිතලා බලන්න, එයා ඔයාගේ කටහඬ අහන්න කොච්චර බලාපොරොත්තුවෙන්ද ඇත්තේ. ඒ බලාපොරොත්තු කඩ කරන්න එපා. ඒ වගේම ඒ විනාඩි දහය ඇතුළේ එයාගේ හිත රිදෙන දෙයක් කියන්න එපා. ඔයාට එයාව හැමදාටම ඕන නම් එයාට කතා කරන්න අමතක කරන්න එපා.


ආදරයට හැමදාම ආදරය කරන්න. එතකොට අපේ ජිවිත වල සතුට සදාතනික වෙයි...!!!


-විමුක්ති දුෂාන්ත රාවණසිංහ

ආදරේ...ජිවිතේ... - සමාධි මලලවීර විසිනි


ආදරේ කරන්න ගත්තම ඕනෙම කෙල්ලෙක් බොළද වෙනවා...අවුරුදු ගානක් තිස්සෙ තමන් පුරුදු පුහුණු කරපු දෙයක් උනත් තමන්ගෙ කොල්ලා වෙනුවෙන් වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ එකයි...කොච්චර අකමැති උනත් කොල්ලාගෙ සතුට වෙනුවෙන් සමහර දේවල් වෙනස් කරන්නෙ ආදරේ කෙල්ලන්ගෙ මුළු ජීවිතේම වෙන නිසයි....කොල්ලට වෙනස් නොපෙන්වා සමහර දේවල් හිතේ තියාගන්නෙ ඒ හිතට දුකක් දෙන්න අකමැති නිසයි.....

හැම දුකක්ම හිතේ තියාගෙන විදවන එක කෙල්ලන්ගෙ හැටියක්....කොල්ලෙක්ට තමන්ගෙ කෙල්ලගෙ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කොල්ලා ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා...ඒ කෙල්ල ගැන හිතනවා..

එක ගෙදරක නොහිටියත් කොල්ල ගමනක් ගියොත් පරිස්සමට ගෙදර එනකන් කෙල්ලගෙ ඇස් පිය වෙන්නෙ නැහැ.....ආදරේ කරන්න ගත්තම කෙල්ලගෙ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ තමන්ගෙ කොල්ලගෙන්....අනාගතේ කරන්න ආසවෙන් හිටපු දෙයක් උනත් හිතේ හංගගෙන ඒ හීනයට සමුදෙන්න කෙල්ලො පසුබට වෙන්නෙ නැහැ.....

හැම කෙල්ලම එහෙම නොවුනත් ගොඩක් කෙල්ලො ආදරේ කරද්දි තමන්ගෙ කොල්ලා වෙනුවෙන් කැපවෙනවා.....ඇස් පනාපිට පෙනෙන කොල්ලගෙ වරදක් උනත් එහෙම නෑ කියලා විශ්වාස කරනවා...කොල්ලගෙ හැම වරදකටම සමාව දෙනවා....කොල්ලට හිතන්නවත් බැරි තරම් ආදරේ කරනවා....කැපවෙනවා....ජීවිතේම කොල්ල වෙනුවෙන් වෙන් කරනවා....කෙල්ලෙක් තමන්ගේ ආදරේ ජීවිතේම කරගන්නවා....




සංකල්පනා 
2015/07/23