ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ හිට් එකේ ඉන්න මොඩ්ල් කෙනෙක්නෙ. මියුසික් වීඩියෝවලත් ගොඩක් හිට් වෙච්ච එයා ආපහු සිංදුවල රඟපාන්නේ නෑ කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ අතරතුර මියුසික් වීඩියෝ ඩිරෙක්ටර්ස්ලගේ ගේම් ගැන කතා වුණා.
- ඉතිං ටීනා කාලෙකට පස්සේ ?
හොඳින් ඉන්නවා. චිත්‍රපට තුනකට කතා කළා.දෙකකට කැමැත්ත දුන්නා.
- එහෙම කැමැත්ත දෙන්න බලන දේවලුත් ඇති ?
හොඳ අධ්‍යක්‍ෂකවරයෙක් නම්, හොඳ චරිතයක් නම් කැමති වෙනවා.
- මුලින්ම රඟපාපු ෆිල්ම් එකත් ළඟ ළඟ එනවලු නේද ?
ඔව්, ප්‍රසන්න කොළඹගේ අයියා අධ්‍යෂණය කරන “දේදුනු ආකාසේ” ඔක්තෝම්බර් මාසයේ එනවා. මමත්, චුලක්ෂිත් ප්‍රසන්න අයියටත්, රංග අයියටත් ඩොනල්ඩ් අයියටත් ස්තූතිවන්ත වෙනවා.
- ටීනා ෆිල්ම් එක එන්නත් කලින් මියුසික් වීඩියෝ නැවැත්තුවේ ඇයි?
මම හිතුවා දැන් ඒවාවල රඟපෑවා ඇති කියලා. කවුරුහරි ඇවිත් එයාලගේ වැඩේ ගොඩදාගන්න අපිව ගන්නවා.
- ඉතිං ක්‍ෂේත්‍රය ගැන කලකිරිලද ?
අද හදන මියුසික් වීඩියෝවලින් අපේ නමට කැළලක් වෙනවා.
- කැළැල් කරන අධ්‍යක්‍ෂකවරු මේක හිතලම කරනවද ?
ඔව්. ස්ක්‍රිප්ට් එකක්වත් අතේ නැතිව ඒ ගොල්ලෝ කතා කරනවා. ගියාට පස්සේ එයාලා කියපු දේවල් නෑ. එක්කෝ කිස් කරන සීන් එකක්. නැත්තනම් අඩ නිරුවත් කොටසක් කරන්න කියනවා.
- ඒ කියන්නේ තත්ත්වේ බරපතලයි නේද ?
ඔය වගේ වැඩ කරපුවහම ගෑනු ළමයෙක්ට කසාදයක්වත් බැඳගන්න බැරි වෙනවා. අද මියුසික් වීඩියෝවල රඟපාන එක ෆෑන්ස්ලා වැඩි කරගන්න කෙනෙක්ට නම් හොඳයි.
- ටීනාට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවද ?
මට ගොඩක් ඉන්නේ පිරිමි ෆෑන්ස්ලා. කෙල්ලෙක් කෙල්ලෙක්ට කැමති වෙන්නේ කවදද ?
- ෆෑන්ස්ලගෙන් කරදර එහෙම වෙලා නැද්ද ?
මම වැඩිපුර එෆ්.බී චැට් කරන්නේ නෑ. බෝයි ෆ්‍රෙන්ඩ් ඒවා බලාගන්නවා.
- බෝයි ෆ්‍රෙන්ඩ් ඔයාගේ වැඩ ගොඩදාගන්න උදවු කරනවත් ඇති ?
මම මගේ වැඩ කර ගන්නවා. එයත් හොයලා බලන්නේ නැතිව නෙවෙයි.
- දැන් නිරූපන පැත්තේ වෙන වැඩ අඩුයි නේද ?
ඒක ඇත්ත. මමත් කවදත් ආසා මොඩ්ල්වලට. අලුතින් ආපු අය එතැන නැති කරලා.
- ඔය අතරේ ටීනා අලුත් නැටුමකට සැරසෙනවා කියලා ආරංචි ?
මම කවදත් නැටුම් කළා. ළඟදීම අලුත් ෂෝ එකකින් එනවා. ඒ වගේම ප්‍රියන්ත අයියගේ වැඩෙන් පස්සේ මට ගොඩක් තැන්වල දොරවල් ඇරෙයි.
ජනයුගය – 2017.08.26
