Showing posts with label Teena Shanell Fernando. Show all posts

'මගේ ඇඳුමටයි නැටුමටයි බණින්නේ අසහනකාරයෝ' : ටීනා


ටීනා... මේ දවස්වල සමහරු අතර ජනප්‍රියයි වගේම තවත් සමහරු අතර හරි ප්‍රසිද්ධයි...?

ඇත්තටම මම ජනප්‍රියයිද නැද්ද කියලනම් මම දන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන ඔය වගේ දේවල් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. මම ගියේ පාටියකට. ඒකෙ හොඳම සරාගී නර්තනය තේරීමේ තරගයක් තිබුණා. ඒකට අවශ්‍ය විදිහට තමයි මම ඒ නර්තනය කළේ. එතැනට ආපු පිරිස තමයි ඒ අපේ නර්තනය ෆොටෝ අරගෙන වීඩියෝ කරගෙන ඔය විදිහට එළියට දාලා මඩ ප්‍රහාර දුන්නෙ. ඉතින් කමක් නෑ.. ඒවා මොඩ්ල්ස්ලාට, නළු නිළියන්ට සාමාන්‍ය දේවල්. ඒ නිසා මම ඕවා වැඩිපුර හිතට අරගෙන දුක්වෙන චරිතයක් නෙමේ. ඒවා සුළු දේවල්. ලංකාවේ කතාවෙන්න අවශ්‍ය දේවල් තියෙද්දී මගේ නැටුමයි මගේ ඇඳුමයි මේ රටේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණා.

ඔය දේවල් වීඩියෝ කළේ ෆොටෝ ගත්තෙ බොහෝවිට උත්සවයට ආපු අයමයි නේද..?

ඔව්.. එතැනට ආපු පිරිසගෙන් තමයි ඔය දේවල් එළියට ගියේ. එහෙම අපි නටද්දී එහෙම වීඩියෝ දාන්න ස්ටේජ් එක යට ඉඳලා කැමරා සවිකරලා තියෙන්න ඕනෙ. නමුත් එහෙම කැමරා සවිකරලා තිබුණේ නෑ. අපේම අය තමයි එයාලගේ ෆෝන් කැමරාවලින් මේ විදිහට හරව හරවා ෆොටෝ අරගෙන, වීඩියෝ කරගෙන තිබුණේ. සමහර ඒවා එඩිට් කරලා දාලත් තිබුණා. ලංකාවේ ඒ වගේ මානසික තත්ත්වවල ඉන්න පිරිසක් ඉන්නවා. එයාලට අනිත් අයගේ දේවල්වලින් සතුටුවෙන අසහනකාරී මානසිකත්වයක් තමයි තියෙන්නෙ. ඇත්තටම එච්චර දෙයක් කතා කරන්න තරම් මහ ලොකු වරදක් අපි කරලා නෑ. නමුත් අපි මිනීමරලා වගේ තමයි සමහරු අපි දිහා බැලුවේ.

ඔය දේවල් එක්ක ටීනා කලකිරුණේ නැද්ද...?

ඇත්තටම අනිවාර්යයෙන්ම කලකිරුණා. පාටියකට ගිහින් නටන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. මේ රටේ ඔය විදිහට සල්ලි වියදම් කරපු, ඔය විදිහට ලස්සනට ඇඳුම් ඇඳගෙන ගිය එකම පාටිය ඕක විතරක් නෙමේ. මේ රටේ ලොකු ලොකු හෝටල්වල ඔය වගේ උත්සව අනන්තවත් තියෙනවා. හැබැයි ඒවා ගැනවත්, ඒවාට ඇඳගෙන ගිය ඇඳුම් ගැනවත්, ඒවායේ කරපු නැටුම් ගැනවත් කවුරුවත් දන්නෙ නෑ. දැනගත්තත් කතා වෙන්නෙ නෑ. හැබැයි ජනප්‍රිය කෙනෙක් එහෙම ගියොත්නම් කවුරු කවුරුත් ඒවා ගැන කතාවෙනවා. එතැන ප්‍රධානම මාතෘකාව වුණේ මමයි පියුමියි, එහෙමත් නැත්නම් අමායා. අපි තුන්දෙනා ගැන තමයි මේ දවස්වල ලොකුවට කතා වෙන්නෙ. අපි මොඩ්ල්ස්ලා. අපි කැමති විදිහට අපි අඳිනවා. එදා මම ඇඳගෙන ගිය ඇඳුමට බොහෝ දෙනෙක් ලස්සනයි කිව්වා. මම නිරූපණ ශිල්පිනියක්. මම කැමති ඇඳුමක් අඳින්න මට අයිතියක් තියෙනවා. මම ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ඉතින් ඒවා කරන්න බැරි ඒවාට ඉරිසියා කරන, ෆැෂන් ගැන දන්නෙ නැති, ලෝකෙ ෆැෂන් ගැන දන්නෙ නැති පිරිසක් මාව විවේචනය කරනවා. ඇත්තටම මේ විවේචනය කරන්නෙ, ඒවාට නරක comment දාන්නෙ බොහෝ වෙලාවට ලංකාවේ ගෑනු අයමයි. කමක් නෑ. කර්මය කියන දේ හැමෝටම පලදෙනවා. කවදාහරි දවසක ඒ අයටත් ඒ දුකම දැනේවි. මට ඇතිවුණු කලකිරීම, හිත් වේදනාව, මඩ ගැසීම දවසක පලදේවි. මිනීමැරුමක් කළ කෙනෙක් දිහා බලනවටත් වඩා දරුණු විදිහට අද සමහරු මම දිහා බලනවා. කමක් නැහැ.. මේ තරුණ වයසට නිරූපණ ශිල්පිනියක් විදිහට මේ කාලේ විලාසිතා කරන්නෙ නැතුව වයසට ගියාට පස්සෙ කරන්න බැහැනෙ.

සමාජ ජාලා වෙබිඅඩවිවල, මුහුණු පොතේ මෙහෙම ඔබව විවේචනය කරද්දී මඟතොටේදී ලැබෙන ප්‍රතිචාර කොහොමද...? 

අනේ... පාරෙදීනම් මට කවුරුවත් එහෙම බණින්නේ නෑ. ඕන කෙනෙක් දැක්කොත් මාත් එක්ක හිනාවෙනවා. මම ළඟට ඇවිත් ඔයා ටීනා නේද.. කියලා කතා කරනවා. මාත් එක්ක ෆොටෝස් ගන්නවා. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ අය ඔය ගොසිප් එකක් ආපු පලියට මට මඩ ගහන්නෙ නෑ. එදා අපිට කළගෙඩි නැටුමක්වත්, ලීකෙළි නැටුමක්වත් නටන්න තිබුණේ නෑ. අපිට සරාගී නර්තනයක් තමයි නටන්න තිබුණේ. ඒකට හරියන්න මමයි මාෂියි අමායයි නැටුවා. ඉතින් ඔය ගොසිප් ගහන අය විශේෂයෙන් ස්තූති කරන්න, කොහොමහරි සති කිහිපයක්ම අපිව ඉත්තන් කරගෙන ඒ අය ලොකු ප්‍රචාරයක් ලබාගත්තා.

නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඔබ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් රංගනයටත් එකතු වුණා. වැඩියෙන්ම කැමති නිරූපණ ක්ෂේත්‍රයටද.. රංගන ක්ෂේත්‍රයටද...?

තවමත් මම කැමති මොඩ්ලින් ජීවිතයට තමයි. මම නිළියක් කියලා කියන්න ඇත්තටම තවමත් කැමති නෑ. මම අදටත් ටීනා කියන්නෙ මොඩ්ල් කෙනෙක් කියනවට තමයි ආස. මම තවමත් රඟපෑවේ දේදුනු ආකාසේ චිත්‍රපටයේ විතරයි. නිළියක් විදිහට ක්ෂේත්‍රයට එන්න මට ඒ සම්බන්ධව තව ඉගෙන ගන්න ඕනෙ. ඒ නිසා තවමත් මම මොඩ්ල් කෙනෙක්. මේ වෙනකොට මට තව සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙන්නෙ. ලබන මාසේ මගේ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගන්නවා. ඒක මගේ පළමු සිනමා නිර්මාණයට වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක්.

රංගනය සම්බන්ධව හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද...?

මේ දවස්වල රංගනය හදාරන්න මට ලොකු වෙලාවක් නෑ. හැබැයි මට රංගනය හදාරන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම නිර්මාණවලට දායක වෙලාම ඒ දේවල් ඉගෙන ගන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. මොඩ්ලින්වලදී වුණත් මේ ක්ෂේත්‍රයට ආපු ටීනා නෙමෙයි දැන් ඉන්නෙ. ඉස්සර දකිනවාට වඩා මම මොඩ්ලින් කරද්දී ඇවිදින විදියෙන්, ඇඳුමෙන්, ෆොටෝවලට කැමරාවට මුහුණදෙන විදියෙන් වෙනස්. ඉතින් කට්ටිය ටීනා ඉස්සරට වඩා හොඳයි කියලා කියනවා. ඒ වගේම රංගනයෙනුත් නිර්මාණවලට දායකවෙලාම ඒ වැරදි හදාගන්න පුළුවන් වේවි. එක චිත්‍රපටයක රඟපෑව පලියට අපි නිළියෝ වෙන්නෙ නෑ. තව ඉගෙන ගන්න ඕනෙ. නිරූපණ ක්ෂේත්‍රයට වඩා රංගනයේදී ඉගෙන ගන්න දේවල් තියෙනවා. දෙබස් කියන විදිහ, මුහුණේ ඉරියව් ආදිය වෙනස් වෙනවා. පළමු රංගනයේදී මම මහේන්ද්‍ර අයියගේ ක්ලාස් එකට ගියා. හැබැයි වැඩිදුර මට ඒකට යන්නත් බැරිවුණා. කොහොමහරි ඉදිරියේදී රංගනය ඉගෙන ගන්න වෙලාව වෙන්කරගන්න ලොකු වුවමනාවක් මට තියෙනවා.

► Text – Dishan

Teena Shanell Fernando

Talent - Teena Shanell Fernando
Photography by Ujitha photography
Hair & Makeup : Nadeesha Ilangakoon





Teena Shanell Fernando

Talent – Teena Shanell Fernando
Photography – Ujitha Madusanka – 0773327568









Teena Shanell Fernando


Model – Teena Shanell Fernando
Photographer – Raffealla Fernando 
Mua – Lakshitha jayasinghe 
Wardrobe – Raffealla Fernando
Stylist / concept – Raffealla Fernando








Teena Shanell Fernando


Model : Teena Shanell Fernando












Teena Shanell







Teena Shanell


PHOTOGRAPHY – Pamuka Nimesh Peiris
DESIGNER – Kavinda Liyanage
MODEL – Teena Shanell 
HAIR & MAKEUP – Priyantha Kumara









ටීනාගේ අලුත්ම Fashion


Hair n makeup by Chalani Wijerathna
Model- Teena Shanell Fernando
Photo credit – Nadeeka Rangana