Showing posts with label Tech Zone. Show all posts

අන්සතු දුරකතනයක් භාවිත කළහොත් අනිවාර්යයෙන් නීතියේ රැහැනට : සහකාර පොලිස් අධිකාරි දමයන්ත.



[අමිල මලවිසූරිය]

වර්තමානයේ ජංගම දුරකථනය බොහෝ දෙනකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ම මෙවලමකි. ඇතැම්හු සිය ජංගම දුරකථනයේ දුර්ලභ දුරකථන අංක පමණක් නොව ජීවිතයේ වටිනා මො‍හොත සිහි කැඳවන ඡායාරූප ද තැන්පත් කොට තබා ගනිති. එවැනි ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය කෙතරම් පාඩුවක්ද දන්නෙ ඔවුන් ම පමණි.

එලෙස අස්ථානගත වන ජංගම දුරකථන අපරාධකාරයන් බොහෝ අපරාධවලට ද යොදාගන්නා බව මෑත කාලයේ ඇතැම් අපරාධ සිදුවීම්වලදී වාර්තා විය. ඒ අනුව අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට යාමේදී සිදුකරන දුරකථන විශ්ලේෂණවලදී බොහෝ විට ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත්වන්නෙ දුරකථනයේ නියම අයිතිකරුවන් වූ නිරපරාද පුද්ගලයන් ය.

එ් නිසා තම ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් ළඟ ම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සිදුවිය යුත්තක් ම ය. එහෙත් ඇතැම් දෙනා පොලිසියට ගොස් රස්තියාදු වීමට තිබෙන මැළිකම නිසාවෙන් එලෙස පැමිණිලි කිරීමට ද අදිමදි කරයි. එහෙත් වර්තමානයේ ඒ සියලු දෙනාට ම කාර්යක්ෂම ව, කාලය, ශ්‍රමය ඉතිරි කරගනිමින් දවසේ ඕනෑම වෙලාවක ජංගම දුරකථනය අස්ථානගත වූ බවට පැමිණිල්ලක් කිරීමට අවැසි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අජිත් දමයන්ත මහතා උත්සුක වී තිබේ.

2012 වර්ෂය වන තෙක් මෙරට තුළ ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය සොයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබිණි. පසුව 2012 වර්ෂයේ සිට පැවැති ක්‍රමය වූයේ ජංගම දුරකථන අස්ථානගත වීම ගැන පොලිසියට ලැබෙන පැමිණිල්ල විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කිරීමෙන්, එම ආයතනය විසින් මෙරට ක්‍රියාත්මක වන සියලු ජංගම දුරකථන සමාගම් හරහා සොයා බැලීමයි.

එහෙත් 2014 වර්ෂයේදී පමණ ලැබෙන පැමිණිලි ඉහළ යෑම නිසා විදුලි සන්දේශ නියාමන කොමිසමේ කාර්ය මණ්ඩලයේ හිඟතාව හේතුවෙන් එම කටයුත්ත ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බව පවසමින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාට ලිපියක් මඟින් දැන්වූයේ එම සේවය නතර කරන බව සඳහන් කරමිනි.

එහෙත් මහජනයාට අත්‍යවශ්‍ය කටයුත්තක් වන එ් ක්‍රමවේදය නතර නොකරන ලෙස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරි අජිත් දමයන්ත හෙට්ටිආරච්චි මහතා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිල් අංශයෙන් ඉල්ලීමක් කෙරිණි. අවසානයේ ඒ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 90ක් පමණ වැය වන බව සඳහන් විය. එසේම තවත් සමාගමක් විසින් කරනු ලබන එක් පැමිණිල්ලක් වෙනුවෙන් අවම රුපියල් දහයක මුදලක් අවැසි බව සඳහන් කර තිබිණි. ඒ අනුව විශාල මුදලක් වැය වන හෙයින් මහජනයාට අත්‍යවශ්‍ය සේවාවක් නතර කිරීමට ඉඩ නොතබා තිබූ ප්‍රායෝගික ක්‍රමවේදයට වඩා පහසු සහ කාර්යක්ෂමව ජංගම දුරකථන අස්ථානගත වූ විට අදාළ පුද්ගලයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට තනිවම ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි දමයන්ත මහතායි.

ඕනෑම මොහොතක ජංගම දුරකථන අස්ථානගත වූ විට පැමිණිලි කළ හැකි එම වෙබ් අඩවිය www.ineed.police.lk ය. එහි ක්‍රියාත්මක වීම නිල වශයෙන් පසුගියදා පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රැන්ක් ප්‍රනාන්දු, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන ඇතුළු විදුලි සන්දේශ නියාමන කොමිසමේ සහ මෙරට සියලු ජංගම දුරකථන සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විණි.

රට තුළ සැරිසරන මිලියන 24ක් පමණ වන ජංගම දුරකථන අතුරෙන් දිනකට අස්ථානගත වීම් පිළිබඳව මහජන පැමිණිලි 800ත් 1000ත් අතර ප්‍රමාණයක් පොලිසියට ලැබෙමින් පවතී. 'මට පොලීසිය අවශ්‍යයි' යන තේමාවෙන් යුත් වෙබ් අඩවියෙන් මහජනයා සේවය ලබාගත යුත්තේ කෙසේද යන්න එහි නිර්මාණකරු සහකාර පොලිස් අධිකාරි දමයන්ත පවසන්නෙ මෙවැන්නකි.

"අන්තර්ජාලය තිබෙන දුරකථනයකින් වුවද මේ වෙබ් අඩවියට පිවිසිය හැකියි. මුලින්ම වෙබ් අඩවියට තම පෞද්ගලික නිවැරැදි දත්ත ඇතුළත්කොට ලියාපදිංචි විය යුතුයි. එහිදී දුරකථන අංකයක් සහ ඊමේල් ලිපිනයක් අත්‍යවශ්‍යයි. ඉන්පසු ලියාපදිංචි වන තැනැත්තාට නමක් (යූසර් නේම්) සහ මුරපදයක් (පාස් වර්ඩ්) ලබා දෙනවා. පසුව අස්ථානගත වූ ජංගම දුරකථනය හා සබැඳි පැමිණිල්ල යොමු කළ හැකියි. පැමිණිල්ල යුනිකෝඩ් මඟින් භාෂා තුනෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. එසේ නොමැතිනම් පැමිණිල්ල කොළයක ලියා ස්කෑන්කොට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊමේල් ලිපිනයක් නොමැති අයකුට හිතවතකු මඟින් ලියාපදිංචි වී පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. පැමිණිල්ල ලියද්දී සවිස්තරාත්මකව ලිවීම අත්‍යවශ්‍යයි. වෙබ් අඩවියේ ඒ පිළිබඳව සාම්පලයක් දී තිබෙනවා. විශේෂයෙන් ම දුරකථනයේ එමි අංකය ලිවිය යුතුමයි. ඒ නිසා ජංගම දුරකථන භාවිත කරන අය එමි අංකය ගැන සැලැකිලිමත් විය යුතුයි. එමි අංකය සොයා ගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. එක, දුරකථනය බහාලු පෙට්ටිය, දෙක, දුරකථනයේ බැටරියට පසුපස; තුන, *#06# යන බොත්තම් ඔබා එමි අංකය ලබාගත හැකියි. එම අංකය සටහන්කොට තබා ගැනීම දුරකථනයක් අස්ථානගත වූ විට සොයා ගැනීමට මනා පිටිවහලක්.

පසුව පැමිණිල්ල එසැණින් අදාළ පොලිසියට යොමු කෙරෙනවා. ඔවුන් පරීක්ෂාකොට එය විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කරනවා. ඔවුන්ගේද පරීක්ෂාවෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සමාගම්වලට යොමු වෙනවා. මේ සියලු දේ පරිගණක ආධාරයෙන් ක්ෂණිකව සිදු වෙන්නෙ රටේ පවතින නීති රාමුව ඇතුළතයි. ඔබට සියලු දේ ගැන දැනුවත් කරමින් ලිපියක් එවීමටත් කටයුතු කරනවා. ඒ වගේම නුදුරේදීම එස් එම් එස් මාර්ගයෙන් විටෙන් විට දැනුම්වත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එක්වරක් ලියාපදිංචි වූ විට ඔබට ඕනෑ තරම් පැමිණිලි කළ හැකියි. එහෙත් අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා. මොකද නැතිනම් මෙමඟින් ඇතැම් දෙනා මුදල් ගැරීමක් කරන්නත් ඉඩ තිබෙන නිසා."

මෙමඟින් ජනයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් කාලය, ශ්‍රමය ඉතිරිකොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ක්ෂණිකව සපුරාගත හැකිය.

මේ ක්‍රමවේදයට පෙර පැවැතියේ පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් කොට අනතුරුව නැවත දිනෙක පොලිසියට ගොස් එහි කොපියක් ගෙන විදුලි සන්දේශ නියාමන කොමිසමට යෑමයි. ඔවුන්ද පරීක්ෂා කොට දුරකථන සමාගම්වලට යොමු කෙරේ. එහිදී දුරකථන සමාගම් සියල්ලටම වෙන් වෙන්ව ලිපි මඟින් දැනුවත් කිරීමට සිදු වේ. එහෙත් වර්තමාන ක්‍රමවේදය අනුව ක්ෂණයෙන් සියලුම දුරකථන සමාගම්වලට එකවර යොමු කෙරේ. එසේම පෙර පැවැති ක්‍රමවේදය අනුව දුරකථන සමාගම් විසින් අස්ථානගත වූ දුරකථනය ගැන සොයා බලන්නේ එක්වරක් පමණි. ඒ සොයා බලන මොහොතේ දුරකථනය සිම්පතක් යොදා භාවිත කළහොත් පමණක් දුරකථන සමාගම්වලට හසු වේ. එසේ නොමැති වුවහොත් ජංගම දුරකථනය සදාකල් අන් සතු ය.

එහෙත් මේ වෙබ් අඩවිය මඟින් පැමිණිලිකරුට විටෙන් විට කලින් කලට පැමිණිල්ල යාවත්කාලීන කළ හැකිය. ඒ සෑම මොහොතකදීම දුරකථන සමාගම් සොයා බැලීම සිදු කරයි.

ඉදිරියේදී මේ වෙබ් අඩවිය මඟින් හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි පමණක් නොව තම දුරකථනවලට ලැබෙන අනවශ්‍ය කරදර පීඩා දෙන ඇමැතුම් අංක ගැනද පැමිණිලි කළ හැකි වේ. තවද උසාවි නියෝග මත පොලිස් නිලධාරීන් විසින් දුරකථන විස්තර වාර්තා (Detail Bill) ලබා ගැනීමට කොළඹට පැමිණ දින ගණන් රස්තියාදුව ද නතර වේ. ඔවුනට උසාවි නියෝගය අප්ලොඩ් කොට අදාළ පොලීසියේ සිටම එම කාර්යය සිදුකරගත හැකිය. එසේම මේ වෙබ් අඩවිය මඟින් හඳුන්වා දී තිබෙන තවත් අමතර වාසියකි; ඔන්ලයින් වෙළෙඳාම හෝ කිසිදු වගකීමක් නොමැති ලෙස වෙළෙඳාම් කරන දුරකථන පිළිබඳව සොයා බැලීම. එහිදී මිලදී ගන්නා අදාළ දුරකථනයේ එමි අංකය එසැණින් වෙබ් අඩවියට ඇතුළුකොට එය හොරකම් කරන ලද්දක්දැයි සොයාගත හැකිය.

මෙවන් විශාල සේවාවක් සැලැසිය හැකි වෙබ් අඩවියක් පමණක් නොව මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 140ක් පමණ වැය වෙතැයි සඳහන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් පරිපාලනය වෙනුවෙන්ද වෙබ් අඩවියක් නිර්මාණය කර දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා දිවා රෑ නොබලා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ සමස්ත ජනයා වෙනුවෙන් ම විශිෂ්ට සේවාවක් සිදු කොට තිබේ.

ඉදිරියේදී කෙනකු අන් සතු දුරකථනයක් ලබාගෙන භාවිත කළහොත් අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට කොටු වන බව සියලු ජනයා මතක තබාගත යුතු ම ය. එම නිසා පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටිනුයේ තම දුරකථනය අස්ථානගත වුවහොත් වෙබ් අඩවිය හරහා අනිවාර්යයෙන්ම පැමිණිලි කරන ලෙසයි. එය අන් සතු දුරකථන භාවිත කොට අපරාධ සිදු කරන අපරාධකාරයන් පහසුවෙන් ම නීතියේ රැහැනට කොටුකරගැනීමට මනා පිටිවහලක් වන බවයි.

Facebook මැසෙන්ජර් දැන් ඔබේ පරිගණකයටත්.


ස්මාර්ට්ෆෝන් වල ෆේස්බුක් මිතුරන් අතර චැට් කිරීමට බාවිතා කරන මැසේන්ජර් ඇප් එක දැන් ඕනෑම පරිගණකයද බාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

දිනපතා අලූත් අප්ඬේට් ගේන ෆේස්බුක් එක මේ මැසේන්ජර් පහසුකම පරිගණක වලට හදුන්වාදෙන්නේ වෙනමම වෙබ් අඩවියක් හරහායි.

එනම් : https://www.messenger.com

ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් ස්මාර්ට් උපාංගයකින් තොරව පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකක් මගින් මේ පහසුකම දැන් අත්විදින්න පුලූවන්.




Facebook එකට අලුතින් එන වැඩකෑලි මෙන්න (Video)


Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා.

පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.




සයිබර් නිරුවතට තිත!


ප්‍රකට සමාජ ජාල අඩවියක් වන රෙඩිට් ඊයේ කළ ප්‍රකාශයක් නිසා ලොව වටා මිලියන ගණනක් මහත් සන්තාපයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. රෙඩිට් අඩවිය ප්‍රකාශ කර සිටියේ මාර්තු 10දා සිට ක්‍රියාත්මක වන පරිදි නිරුවත් ජායාරූප, වීඩියෝ දර්ශන සහ වෙනත් එවැනි දේ; අදාළ දර්ශනයන්හි පෙනී සිටින පුද්ගලයාගේ අවසරයෙන් තොරව පළ කළොත් ඒවා ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවයි.

අන්තර්ජාලයේ බලවත්ම සමාගම වන ගුගල් අඩවියත් ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි බ්ලොගර් සේවාවන්හි පළ කෙරෙන බොහෝ නිරුවත් ජායාරූප හා වීඩියෝ සම්බන්ධයෙන් මේ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව පසුගියදා ප්‍රකාශ කරන ලදී. 


(ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත ඇසුරෙනි )

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

Facebook වෙනුවෙන්ම නගරයක්.


Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙනවා. මෙය ඉදිකිරීමට සැළසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකය.

පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය. නගර සැළසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳ සැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී පහසුකම් ඇතිව ඉදිකිරීමටයි සැළසුම්කොට ඇත්තේ.

නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි ය.






මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

මහළුකම දුරලන්න තරුණ බව රැකගන්න


තරුණකම දීර්ගකාලයක් පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති අපූරුම ආකාරයේ උපකරණයක්  ජර්මනියේ System4 Technologies Gmbh නමැති උසස් තාක්ෂණික ආයතනය මගින් නිපදවා තිබෙනවා. හියුමන් රීජෙනරේට්ස් නමින් හැඳින්වෙන මෙම උපකරණය භාවිතයෙන් මිනිස් සිරුර වයසට යාම සහ දිරාපත්වීම වැලැක්වීම මෙමගින් සිදු කරනු ලබනවා.

මෙම උපකරණය Quantum Pulse Device එක්ක ලෙසින්ද හැඳින් වෙන මෙයින් සිදු කරනු ලබන්නේ මිනිස් සිරුරේ ප්‍රධාන ස්වභාවික සංඛ්‍යාතය අනුගමනය කරමින් එම සංඛ්‍යාතයට සමාන වන අකාරයෙන් අන්වායාම තරංග ජනනය කිරීමයි.

මෙම උපකරණය ඇති තාක්ෂණය Quantum Cell code  ලෙසින් එම සමාග විසින් හඳුන්වා දෙනු ලබනවා. එම තාක්ෂණික ක්‍රමය මගින් සිලිකන් ඇලුමිනියම් තැන්පතු මගින් ප්‍රතිකාරය ඉතා උසස් ආකාරයෙන් සිදු කෙරෙන බවයි සමාගම පවසන්නේ. ඒ සඳහා මෙම නවතම උපකරණයේ ඇති ස්පිනින් ප්‍රෝටෝන්ස් නම් තාක්ෂණය යොදා ගනු ලබනවා. කිලෝ 128ක බරකින් යුක්ත මෙම උපකරණය හොඳින් වැඩුණු අයෙකුට වුවද භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

අධි‍සුඛෝපභෝගි ගණයට වැටෙන මෙම උපකරණය එක් වර්ෂයක් තුළදී එම සමාගම විසින් නිපදවනු ලබන්නේ 50ක් පමණයි. එම එක් උපකරණයක මිල ඩොලර් 560000කට ආසන්න වෙනවා.







මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....