Showing posts with label Shehani Kahandawala. Show all posts

Shehani Kahandawala


Talent - Shehani Kahandawala
Photography by- Photography by Gayashan Gunawardhana Photography






ශෙහානි කහඳවල චෝදනා ප්‍රති­ක්ෂේප කර­යි.


ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළත ඇය ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය එක්කයි අද හැඩ වෙන්නේ.

මේ දවස්වල මොනවද වෙන වැඩ කටයුතු?

නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. හිරු ටීවී එකේ රියැලිටි වැඩසටහනකට මෙගා ස්ටාර් සීසන් 2 ට සහභාගී වෙනවා. ඒකයි ‘සඳපිනි වැස්ස‘ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කර ගෙන ඉන්නවා.

හිරු මෙගා ස්ටාර් කියන්නේ ෂෙහානි ගේ පළමුවැනි රියැලිටි අත්දැකීමද?

නැහැ. මම හිතන්නේ දෙවැනි රියැලිටි අත්දැකීම. අනිත් ඒවාට සාපේක්ෂව මේ තුළින් ගොඩක් ජනප්‍රියයි මම.

සුජාතා ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබව නැවත දකින්නේ සඳපිනි වැස්ස ටෙලි නාට්‍යයෙන්?

ඔව්. සුජාතා එකෙන් පස්සේ මම ගොඩ කාලෙකින් තමා ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණේ.

නිහඬ වෙන්න හේතුව ?

එහෙම නැහැ. හැමෝටම කාල වකවානු තියෙනවා නේ. මම කියන්නේ එක්ස්පයර් වෙනවා කියන එක නෙමෙයි. අපිට හැමදේම හරියන කාලයක් තියෙනවා. ඉතින් සමහරවිට මටත් එහෙම වෙන්න ඇති. මම කියන්නේ නැහැ මට වැඩ ආවේ නැහැ කියලා. වැඩ ආවා. මම හිතනවා හැමදේට ම හොඳ කාලයක් තියෙනවා කියලා.



ශෙහානි ගේ සුන්දරත්වය නිසා වැඩිපුර මියුසික් වීඩියෝස් සඳහා අරාධනා ලැබුණත් සීමිත ප්‍රමාණයක් ලු භාර ගන්නේ. ඇත්තද මේ කතාව?

එහෙම නැහැ. දැන් නම් මම ගොඩක් සීමා කරගෙන තියෙන්නේ. මම එක දිගටම මියුසික් වීඩියෝස් කළා. මට තේරුණා, අපි මේ විදිහට මිනිස්සුන්ට පෙනෙන්න ගත්තොත් අපි එපා වෙන්න ගන්නවා. අපි හොඳ දෙයක් කරන්න ඕන. හැමදාම ඕන එකයි එපා එකෙයි ඉඳලා වැඩක් නැහැ. අපි වෙනම දෙයක් කරන්න ඕන. මිනිස්සුන්ට එකම දේ දැකලා එපා වෙනවා. මම දැන් හැම එකකටම යන්නේ නැහැ . හොඳ වැඩක් අවොත් භාර ගන්නවා.

දැන් ෂෙහානිට ටෙලි නාට්‍ය සඳහා ඒ තරම්ම ආරාධනා ලැබෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?

එහෙම නැහැ. මෙහෙමයි ඕනෑම මනුස්සයෙකුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ. අපි කියමු අපිට ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබුණා කියලා. එතකොට ඒ තුනම භාර අරගෙන සතියකට දින වෙන් කරන්න ගියාට පස්සේ කොහොමද තුනේම වැඩ කරන්නේ. කරන්න බැහැ නේ. මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට විතරයි මම වැඩ භාර ගන්නේ.

ශෙහානි පුංචි තිරයේ පෙම්වතියක් වී අවසන්. නමුත් සැබෑ ජිවිතේ පෙම්වතියක් වෙන්න කාලය ඇවිත් නේද?

අනේ මට කවුරුත් ඕනේ නැහැ. මම මාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා.

ආදරෙන් පැරැදිලා වගේ කතා කරන්නේ ඇයි?

අයියෝ නෑ නෑ. කවුරුත් ඕන නෑ කියලා කියන්නේ මාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් කියන එක. නැතුව ආදරෙන් පැරැදිලා නැහැ. ඕන කාලේදී ඒ ගැන හිතනවා.

පසුගිය කාලයේදී ඔබට රංගනයේ සිටින ප්‍රවීණ පිරිසකගෙන් චෝදනාවක් එල්ල වුණා, ඔබ අඳින පළඳින ඇඳුම් සම්බන්ධව. ඒ එල්ලවුණු චෝදනා භාර ගන්නවද?

මම ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මෙහෙමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒවා ඉතින් ඇත්තටම බැලුවොත් මාගේ ඒ වෙච්ච දේ පොඩි සාමාන්‍ය දෙයක්. මීට වඩා දේවල් ලංකාවේ වෙලා තියෙනවා. ඉතින් මං ඒවා ගණන් ගන්නේ නැහැ සත පහකටවත්. හැබැයි මම අවවාද පිළිගන්නවා. මම වැඩිහිටයන්ට ගරු කරනවා. වැරැද්දක් වුණාට පස්සේ ඒ වැරැද්ද හදා ගෙන ඉදිරියට යනවා. නමුත් මම කියන්නේ ඒ දේ මහා ලොකුවට විවේචනය කරන්න දෙයක් නෙමෙයි. මොකද ඊට වඩා දේවල් මේ ලංකාවේ දැනටත් වෙනවා.


ෂෙහානි කියන්නේ හිතුවක්කාර, වැඩිපුර කේන්ති යන චරිතයක්ලු. ඒ දේට එකඟ ද?

නෑ. එහෙම නෑ. මෙහෙමයි මට අනවශ්‍ය දේවල් කිව්වොත් මට අදාළ නෑනේ. මට අදාළ දේවල් විතරයි මම භාර ගන්නේ. ඉතින් ඕනෑම මනුස්සයකුට කේන්ති යනවා, සතුටු හිතෙනවා. අපිට මනුස්ස ජිවිතයේ තියෙන්න ඕන දේවල් හැම මනුස්සයකුටම තියෙනවා. මමත් එහෙම කෙනෙක්. හැබැයි මම කේන්ති අරගෙන අනිත් අය වගේ රණ්ඩු කරන්න යන්නේ නැහැ. මම සද්ද නොකර පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා. ඉතින් මට තරහා යනවා. ඒත් ඒ දේ මම පෙන්වන්නේ නැහැ.

Shehani Kahandawala

Talent : Shehani Kahandawala
ASH GAMAGE PHOTOGRAPHY