දෙමාපියන් හමුවීමට සූදානම් වූ කාන්තා සමලිංගික යුවළක් නිරූපණය කරමින් ඉන්දියාවේ ප්‍රථම වරට නිර්මාණය කළ දැන්වීමක් සමාජ මාධ්ය ඔස්සේ වේගයෙන් ව්‍යප්ත වෙමින් පවතී.
'The Visit' යනුවෙන් නම්කර ඇති මෙම දැන්වීම ඇඳුම් සඳහා නිර්මාණය කරන ලද්දකි. මෙම දැන්වීම දින 14ක් තුළ ලක්ෂ 5 කට ආසන්න පිරිසක් YouTube මගින් නරඹා තිබේ.
අයර්ලන්තයේ 'නිව්ස් ටෝක්' ගුවන් විදුලි සේවයේ, සේවය කරන දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක් ඇය විසින් මෙහෙයවනු ලබන 'ග්ලෝබල් විලේඡ්' සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත්කොට තිබේ.
සමලිංගික සේවනයේ යෙදෙන්නන් හට විවාහ වීමට අවසර දීමේ නීතිය පසුගියදා අයර්ලන්තය තුළ නීතිගතවිය. පහත පලවන්නේ ඉරිදා දිවයින සමඟ පවසා ඇය පැවසූ කතාවයි.
මගේ දෙමව්පියෝ ශ්‍රී ලාංකික. ඔවුන් ඉතාලියේ ජීවත් වන කාලේ තමයි මම ඉපදුනේ. ඒ 1973 වසරේ රෝමයේදී. මගේ ළමා කාලයේදීම අම්මයි තාත්තයි අතර රංඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. ඒවා සමතයකට පත් කරගන්න කියලා එයාලා ”ජෙහෝවාස් විට්‌නසස්” කියන ආගම වැළඳගත්තා. ඒ නිසා මට උපන් දිනයවත් සමරන්න දුන්නේ නෑ. මට වයස අවුරුදු 12 වෙන කොට මාව ලංකාවට යෑව්වා. මගේ ආච්චියි, සීයයි ළඟට.
ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක් ගුරුවරයෙක් මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක් වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.
මට වයස අවුරුදු 16 යේදී මම තවත් ගැහැණු ළමයෙක් සිප ගත්තා. ඊට පස්‌සේ තමා මට තේරුණේ මම සමලිංගික සේවනයේ යෙදෙන්නියක් කියලා. මේ බව මගේ දෙමව්පියෝ දැන ගත්තට පස්‌සේ මාව ගෙදරින් එලෙව්වා. මට එතකොට වයස අවුරුදු 17 යි. අවුරුදු ගණනාවක්‌ම මම හිටියේ යාළුවන් ගේ සහ ප්‍රේමවන්තියන් ගේ නිවෙස් වල.
මට මාධ්‍යවේදිනියක් වෙන්න පොඩි කාලේ සිටම ආසාවක් තිබුණා. මට කොළඹ ගුවන් විදුලි සේවයක (ගුවන් විදුලි සේවයේ නම කීමට ඇය අකමැති විය) රැකියාවක් ලැබුණා. ඒ එක්‌කම මට රූපවාහිනියෙත් සාකච්ඡා වලට සහභාගීවීමේ අවස්‌ථාව උදාවුණා. නමුත් මගේ ලිංගිකත්වය මේ සියල්ලටම හරස් වුණා. මා වැඩ කරපු මාධ්‍ය ආයතනය කිව්වා මගේ රැකියාව බේරා ගන්න නම් මගේ ලිංගිකත්වය රහසක් වශයෙන් තබා ගත යුතුයි කියලා.
මට සැඟ වෙච්ච ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ සිහින බොඳ කරගනිමින් මම ඒ රැකියාවෙන් අයින් වෙලා ”ගල්ෆ් එයාර්” ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස අලුතින් ජීවිතය ආරම්භ කළා. මම එහි වසර පහක් සේවය කරලා 2000 වසරේ ජූනි මාසයේ අයර්ලන්තයේ ‘ඩබ්ලින්’ නුවරට ආවා.
මම ඩබ්ලින් නුවරට ආවේ ඉබාගාතේ වගේ. මොනවද කරන්නේ කියලා කිසිම අරමුණක් තිබුණේ නෑ. මම පටන් ගත්තේ පහත්ම තැනින්. ඉස්‌සෙල්ලම හෝටලයක කුස්‌සියේ අත් උදව්කාරියක් විදිහට, ඊට පස්‌සේ වේටර්වරියක්, ආපන ශාලා සුපර්වයිසර්වරියක්, පිළිගැනීමේ නිලධාරිනියක්, ලිපිකාරිනියක්, මානව සම්පත් පාලිකාවක්, ජ්‍යෙෂ්ඨ බඳවා ගැනීමේ උපදේශිකාවක්, පුහුණුකිරීමේ නිලධාරිනියක්, ප්‍රජා ක්‍රියාධරියක්, සමාජ ව්‍යාපාරිකාවක්, විකට නිළියක්, නිළියක්, ගුවන් විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක්.
දිල් වික්‍රමසිංහගේ සමාජ සේවා කටයුතු අගය කරමින් 2014 වසරේ පෙබරවාරි 4 වනදා ඇය ‘ෆෙඩි්‍රක් ඩග්ලස්’ සම්මානයෙන් පිදුම් ලැබුවා.
මම දැන් අයර්ලන්තයේ ”නිව්ස් ටෝක්” ගුවන් විදුලියේ මුල් බැස ගත් මාධ්‍යවේදිනියක්. එය මම මහජනයාට සමාජ සාධාරණය සහ මානසික සහනය ළඟා කර දීම සඳහා භාවිතා කරනවා.
අලුත් ජීවිතයක් ගත කරන්නට මම අයර්ලන්තයට ආවත් මගේ අතීත සිදුවීම් නිසා මා මානසික රෝගී තත්ත්වයට පත්වුණා. මට මගේ ජීවිතය නැති කරගැනීමේ අදහස් පවා ආවා. පසුව මම ”වන් ඉන් ෆොa” (One in Four) පුණ්‍ය ආයතනයේ සහයෙන් මනෝ රෝග චිකිත්සා පහසුකම් ලබා ගෙන තමයි ගොඩ ආවේ. ”වන් ඉන් ෆො” පුණ්‍ය ආයතනය ලිංගික අතවරයන්ට ලක්‌වූවන්ට සහන සලසන ආයතනයක්.
2010 වසරේ මානසික චිකිත්සා වැඩමුළුවකදී මට ”ඈන් මරී” හඳුනාගන්න ලැබුණා. හය මසක් ඇතුළත ඇය මගේ පෙම්වතිය වුණා. අපිට පවුලක් වෙන්න නම් දරුවෙකුගේ අවශ්‍යතාවය දැනුණා. ඒ නිසාම කෘතීම දරු ඵල ලබා ගැනීමේ චිකිත්සා ක්‍රමය (IVF) යටතේ මට දරුවෙක් පිළිසිඳ ගත්තා. එය මටත් ඈන් මරීටත් විශාල සතුටක් ගෙන දුන්නා. අපේ දරුවා පසුගිය මැයි 17 වනදා මෙලොව එළිය දුටුවා. අපේ පුතාට අපි ”ෆීනික්‌ස්” යනුවෙන් නම දැම්මා. මේ දරු උපත මෙතෙක් මගෙන් ඈත් වී සිටි මගේ මව නැවත මට ළඟා කර ගැනීමට උදව් වී තිබෙනවා. ඒ පිළිබඳව මා ඉතාම සතුටින් සිටිනවා.
හොඳ නරකත් ගෑනු පිරිමිත් වශයෙන් කෙරෙන කතාබහේදී වැඩිපුරම හොඳ මිනිසුන් බවට පත්වන්නේ පිරිමිය. ඊට හේතුව නම් මේ ලෝකයේ බොහෝ දේවල නිර්මාණ අයිතිය අදටත් පිරිමින් සන්තකයෙහිම පැවැතීමය. එහෙත් අතීතයට සාපේක්ෂව අද වනවිට ශ්‍රී ලාංකික කාන්තාව නිවෙසින් පිටතට පැමිණීමේ ප්‍රවණතාවෙහි වර්ධනයක් දකින්නට ලැබේ. එමෙන්ම ඉන් නොනැවතී විවිධ විෂයන්හි කෙළවරට පැමිණෙමින් සමාජයෙහි ප්‍රගතිශීලී භූමිකාවන්ට පණපොවන්නට ඔවුහු කටයුතු කරමින් සිටිති. ඔවුන් කවර කාර්යක් කළ ද පැමිණෙන ප්‍රශ්නවල නම් අවසානයක් නැත. ඒ බව නම් පැහැදිලිය.
ජීවිතයේ තරැණ අවධියේදී අධ්‍යාපන කඩඉම්වලින් ඉදිරියට පැමිණීමේ දී අද දවසේදී ශ‍්‍රී ලාංකීය පුරැෂයාට සාපෙක්ෂව ශ‍්‍රී ලාංකික කාන්තාව සිටින්නේ ඉදිරියෙනි. අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් වූ දත්ත වාර්තා විමසීමෙන් එය පැහැදිලි වේ. විශේෂයෙන්ම සරසවි වරම් ලබන තරැණ පරම්පරාවෙහි සැළකිය යුතු කොටසක් වී ඇත්තේ ශිෂ්‍යාවන්ය. අවාසනාවන්ත කාරණය වන්නේ සරසවි දිවියෙන් පසුව ඔවුන්ට උරැම වන දිවියයි. තරැණ සමයේ කවර මට්ටමින් ඉදිරියට පැමිණිය ද ජීවිතයේ දෙවැනි ඉනිමේදී යළිත් ඇයට පණපොවන්නට සිදුවන්නේ සම්ප්‍රදායික ආසියාතික ගැහැනියටමය. ජීවිතයේ සැළකිය යුතු කාලයක් සිය පියාගේ භාරයට පත්ව සිටි ඇය ඉන්පසු ක‍්‍රමානුකූලව ස්වාමි පුරැෂයාගේ පාලනයට අණසකට යටවන්නේ නිරායාසයෙනි.
මේ තත්ත්වයට මුහුණ නොපා කිසියම් බාධා මැද වුවද තමන් ලබාගත් අධ්‍යාපනයට සරිලන රුකියාවක නිරතවන තරැණියෝ ද වෙති. එහෙත් ඇයට ද ස්ත්‍රිය සම්බන්ධයෙන් වූ සම්ප්‍රදායික සංස්කෘතික මිථ්‍යාවන්ගෙන් ගැලවීමක් නම් නැත. පොදු සමාජයටත් වඩා ඇයට ප්‍රශ්න එන්නේ තම පවුලෙන්මය. මෙම පැති දෙකින්ම තැලී පෙළී රුකියාවක නිරතවීම ඇයට මහත් පීඩනයකි. මේ නිසා අධ්‍යාපනයේදී ජයග්‍රහණ අත්පත් කරගත් ලාංකීය ස්ත්‍රිය දිවියේ දෙවැනි ඉනිමේදී ස්වාධීනත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ප්‍රශ්න ගැන මීට වැඩි සමාජ අවධානයක් යොමුවිය යුතුය.
ශ‍්‍රී ලාංකික කාන්තාවගේ ජයග‍්‍රහණ සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනා මහත් බරක් තබා සිහිපත් කරන එක් අංශයක් වන්නේ පාර්ලිමේන්තු දේශපාලනයයි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක එසේ කතා කරන බොහෝ දෙනාගේ මුවඟ රුදුණු පළමු නමයි. අප කෙතරම් ප්‍රීතියකින් ඒ ගැන කතාකළත් ඇයගේ දේශපාලන ආගමනයෙහි ස්වභාවය අපි හිතාමතාම අමතක කරමු. ඇත්ත වශයෙන්ම සිරිමාවෝ මැතිනිය අගමැති පුටුව දක්වා ගෙනගොස් වාඩිකරනු ලැබුවේ තම ස්වාමි පුරැෂයාගේ මරණයෙන් ඇති වූ හිස්කම වැසීමට හටගත් සමාජ බලවේග විසිනි. ඉන්පසුව ලංකාවේ නම් දැරෑ බොහෝ දේශපාලන කාන්තා චරිත නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. ඒ හැර බලය අත්පත් කරගත්තා නම් ඒ ඉතාමත් ආකස්මික ජනාකර්ෂණයෙනි.
ආසියාතික සමාජයෙහි කුඩා කල පටන් ස්ත්‍රිය ඇතිදැඩි වන්නේ සමාජයෙන් ආරෝපණය කරනු ලබන ස්ත්‍රීත්ව ගතිලක්ෂණ උරැම කරගෙනය. මේවා සංස්කෘතිය මඟින් බලහත්කාරයෙන් පටවන දේය. උපතේ පටන්ම ස්ත්‍රියටත් පුරැෂයාටත් වෙනම ලෝක දෙකක් නිර්මාණය වන්නේ ඒ අනුවය. මෙය ද එක්තරා ආකාරයක වර්ගභේදයකි. සිංහල බෞද්ධ සංස්කෘතික හැදියාවක් ගැන බණ දෙසන ඇතැම් විද්වතුන් පවා සිදුකරන්නේ මේ ක්‍රමය පවත්වාගෙනයෑමට උඩගෙඩි දීමය. එහෙත් මෙකී ඊනියා සංස්කෘතික අර්ථකතන සහ සත්‍ය සමාජය අතර තිබෙන්නේ විශාල පරතරයකි. ඊට හොඳම නිදසුන නම් මෙරටට ප්‍රධන වශයෙන්ම විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවන්ය. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කෙතරම් බණ කීව ද විදේශයන්හි සිටින වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිස පෙරළා මේ රටට පැමිණියහොත් එමඟින් ඇතිවන බලපෑම ගිණිය නොහැකිය. ස්ත්‍රිය සම්බන්ධයෙන් ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන ඊනියා පුරැෂ බුද්ධිමතුන් මේ ගැන කියන්නේ කුමක්ද? අපේ පැනයට පිළිතුරක් දෙන්නේ නම් මැනැවි.
කාංචනා සමරසිංහ - ගාල්ල